Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වෙසක් සමයේ නොමිලේ ආහාර පාන ලබා දෙන එකම රට ශ්‍රී ලංකාව පමණයි ද?

    2025-05-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුදු තෙමඟුල සිහි කරමින් ශ්‍රී ලංකා වාසින් විසින් වෙසක් කූඩු, පහන්, තොරණ් වලින් සැරසුනු මුළු දිවයිනම මෙම කාලවකවාණුව ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබනවා.  එමෙන් ම මෙම කාලයේදී වඩාත් මුල් තැන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    බුදු තෙමඟුල සිහි කරමින් ශ්‍රී ලංකා වාසින් විසින් වෙසක් කූඩු, පහන්, තොරණ් වලින් සැරසුනු මුළු දිවයිනම මෙම කාලවකවාණුව ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබනවා.  එමෙන් ම මෙම කාලයේදී වඩාත් මුල් තැන ලැබෙන පරිත්‍යාගශීලි මිනිසුන් සංවිධානය වී නොමිලේ ආහාර පාන ලබා දීම බහුලව සිදුවන ‘දන්සැල්’ පිළිබඳ විදේශීය රටවල ද, අවධානය යොමු වී තිබෙනවා. මෙම කාලයේදී දන්සැල් වලින් අනූන බැවින් මෙලෙසින් නොමිලේ ආහාර පාන ලබාදෙන එකම රට ලංකාව පමණක් ද යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    වෙසක් සමයේදී නොමිලේ ආහාර පාන ලබා දෙන දන්සල් පවතින ලොව එකම රට ශ්‍රී ලංකාව පමණයි කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    FB | Archived 

    එමෙන් ම තව ත් සටහනක පළ වී තිබුණේ, දන්සැල් දෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බවට දක්වමින්.

    Facebook | Archived Link

    මෙම සටහන් වල දැක්වෙන කරුණු පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) : 

    බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකා වාසී මෙන්ම සමස්ත බෞද්ධ ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනවා.

    ලෝක වාසී බහුතර බොෟද්ධයන් සිටින රටවල් අනුව වෙසක් සැමරීම  සාමාන්‍යයෙන් අප්‍රේල්, මැයි හෝ ජුනි මාසවලදී සිදු වෙනවා. ඒ වගේ ම නොමිල්  ආහාර පාන ලබා දීම ද, මෙම රටවල බෞද්ධයින් විසින් සිදු කරන ලබන අතර නමුත් ඒවායේ  සිරිත් විරිත් හා සම්ප්‍රදායන් එකිනෙකට වෙනස් වනවා. බෞද්ධයින් වැඩි වශයෙන් සිටින බවට සැලකෙන රටවල් කිහිපයක වෙසක් සමයේ නොමිලේ ආහාර පාන ලබා දීම සිදු කෙරෙනවා ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කර බලමු.

    තායිලන්තය

    බෞද්ධ ජනගහනය 90% ක් පමණ සිටින තායිලන්තය මැයි මාසයේදී වෙසක් සමරනවා. බුදුන් වහන්සේට මල් පූජා කිරීම සහ භික්ෂූන් වහන්සේලාට දානය දීම වැනි විවිධ ආගමික කටයුතුවල නිරත වන අතර මහජනතාවට ද, දන්සල්  මෙන්න මේ විදියට  පවත්වනු ලබනවා. එවැනි අවස්ථා කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

    මියන්මාරය

    මියන්මාරයේ වෙසක් සමයේදී  පන්සල් වෙත පැමිණෙන පිරිසට නොමිලේ ආහාර පාන පිරිනමනවා. එ්වා වඩාත් පන්සල් කේන්ද්‍ර කරගෙන සිදු  කරත් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දන්සැල් තරම් සංවිධානාත්මකව බහුල වශයෙන් නොමැති වුණත්, මේ කාලයේදී මහජනතාවට නොමිලේ ආහාර  ලබා දෙනවා.

    අප්‍රේල් සහ නොවැම්බර් මාසවල මියන්මාර අලුත් අවුරුද්දේදී ධනවත් පුද්ගලයින්, සමාගම් හෝ ප්‍රජා සංවිධාන විසින් සංවිධානය කරමින් මහජනතාවට නොමිලේ ආහාර බෙදා හැරීම මෙන්න මේ විදියට සිදු කරනවා.

    කාම්බෝජය

    ප්‍රධාන වශයෙන් බෞද්ධ රටක් වන කාම්බෝජයේ, දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට ආහාර පූජා කිරීම වෙසක් සමයේදී සිදු කෙරෙන නමුත්  ශ්‍රී ලංකාවේ තරම් පුළුල් හෝ ක්‍රමානුකූලව මෙම දන්සැල් සංවිධානය නොකරනු ලබයි.

    නේපාලය සහ ඉන්දියාව

    හින්දු දහම බහුතරයක් ආගම ලෙස සැලකෙන නේපාලයේ සහ ඉන්දියාවේත් බුද්ධ පූර්ණිමාව තවමත් ගෞරවයට පාත්‍රය වනවා. දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින්ට සාම්ප්‍රදායික  කීර් ආහාරය පරිත්‍යාග කරනවා. නමුත් මෙම දන්සැල්  ඉන්දියාවේ සාංචි ස්තූපය අසල වැනි නිශ්චිත ප්‍රදේශවලට සීමා වුණත් මෙරට තරම් සංවිධානාත්මකව ඒ කටයුතු සිදු වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් තොරතුරු මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    බුදු තෙමඟුල සිහි කරමින් සමරන වෙසක් සමයේදී ශ්‍රී ලංකාව පවත්වනු ලබන දන්සල්, ඒවායේ පරිමාණයෙන් හා සංවිධානයෙන් අද්විතීය වුවද, ආගමික උත්සව වලදී නොමිලේ ආහාර පාන බෙදා දීම බෞද්ධයින් බහුතරයක් සිටින රටවල් කිහිපයකයත්,  හින්දු ආගම අදහන රටවලත් දක්නට ලැබෙනවා. තායිලන්තය, , මියන්මාරය, නේපාලය, ඉන්දියාව සහ කාම්බෝජය යන රටවල් සියල්ලම වෙසක් සමයේදී හෝ වෙනත් වැදගත් ආගමික අවස්ථාවන්හිදී මහජනතාවට ආහාර පිරිනැමීමේ සම්ප්‍රදායන් පවතිනවා. ඒ අනුව, වෙසක් සමයේදී නොමිලේ අසීමිත ආහාර සපයන එකම රට ශ්‍රී ලංකාව බවට කරන ප්‍රකාශය නොමඟ යවන සුළු වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.