දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්රී ලංකාව ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට ළඟාවෙමින් සිටින බවට මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකළ ප්රකාශයක් ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ පළ කර තිබිණි. ඒ අනුව සමාජ මාධ්ය ඔස්සේ ද මෙය සම්බන්ධයෙන් සටහන් හුවමාරු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් කතාබහක් ගොඩනැඟී තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් Factcrescendo ශ්රී ලංකා අප විසින් සිදුකළ සොයා බැලීමකින් අනතුරුව සිදුකරන කරුණු පැහැදිලි කිරීමක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
ආර්ථික අර්බුදයෙන් පසු අඛණ්ඩව තුන්වන වසරටත් ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති බව මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර ඇති බව අදාළ පුවත් වාර්තා ඔස්සේ පෙන්වා දීී තිබේ.


මීට අදාළ සටහන් සමාජ මාධ්ය ඔස්සේ ද තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

කෙසේ නමුත් අදාල පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ මාධ්ය පරිශීලකයන් විසින් ආර්ථිකය යහපත් මට්ටමට එමින් පවතින බවක් නොදැනෙන බවටද අදහස් පල කර තිබුණේ මෙලෙසින්.

කරුණු පැහැදිලි කිරීම (Explainer);
මහා බැංකුව අධිපතිවරයා විසින් ශ්රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු අඛණ්ඩව තුන්වන වරටත් ආර්ථික වර්ධනයක් වාර්තාකර ඇති බවට අවධාරණය කර තිබේ.
ආර්ථික අර්බුදයෙන් පසු ශ්රී ලංකාව තෙවැනි වසරටත් ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් සිටින බවත්, මෙම වසරේ ආර්ථික වර්ධනයත් යහපත් මට්ටමක පවත්වා ගැනීමට අපේක්ෂා කරන බවත් මහ බැංකු අධිපතිවරයා විසින් ප්රකාශ කර තිබේ. 2022 වසරේදී උග්ර විදේශ විනිමය හිඟය, ඉහළ උද්ධමනය, රුපියලේ අවප්රමාණය සහ ණය අර්බුදය හේතුවෙන් ශ්රී ලංකාව ආර්ථික පීඩනයකට ලක් වූ අතර, එම තත්ත්වයෙන් පසු කෙටි කාලයක් තුළ ආර්ථික ස්ථාවරත්වය යළි ගොඩනැංවීමට හැකිවීම විශේෂ ජයග්රහණයක් බවද එහිදී ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත්, මෙතෙක් ලබාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩ මූල්ය විනය සහ ආර්ථික ප්රතිසංස්කරණ දිගුකාලීන වර්ධනයක් සඳහා තවදුරටත් අත්යවශ්ය බවද ඔහු විසින් සඳහන් කරයි.
2022 වසරේ සිදුවූ දරුණු කඩාවැටීමෙන් පසු ආර්ථිකය අඛණ්ඩව ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත
2022 වසරේ සිදුවූ දරුණු කඩාවැටීමෙන් පසු, 2024 සහ 2025 වසරවලදී ආර්ථිකය අඛණ්ඩව 5.0% ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇත. එමෙන්ම 2026 පළමු කාර්තුව (Q1) වන විටද ආර්ථිකය 5.1% කින් වර්ධනය වී තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්.
කෙසේ වුවද බඩු මිල සහ ජීවන වියදම තීරණය වන්නේ ‘උද්ධමනය’ මත මිස ආර්ථික වර්ධන වේගය මත නොවේ. ආර්ථික විද්යාවේදී ආර්ථික වර්ධන වේගය (GDP) මඟින් මනිනු ලබන්නේ රටේ නිෂ්පාදනයේ ප්රමාණය වන අතර, උද්ධමනය මඟින් මනිනු ලබන්නේ එම භාණ්ඩ හා සේවාවල මිල මට්ටම යි.
උද්ධමනය ඉහළ යෑමේ ප්රවණතාවක්
ශ්රී ලංකාවේ වත්මන් උද්ධමනය 2026 අගෝස්තු මාසය සඳහා 8.0% ක් ලෙස මහ බැංකුව නිල වශයෙන් ප්රකාශයට පත් කර ඇත (CBSL : CCPI අගෝස්තු 2026). මෙය 2022 වසරේ දරුණු උද්ධමන කඩාවැටීමට සාපේක්ෂව විශාල පාලනයක් වුවද, මෑත මාස කිහිපය තුළ උද්ධමනය ක්රමයෙන් ඉහළ යෑමේ ප්රවණතාවක් පෙන්වයි. (2025 අගෝස්තු දක්වා ශ්රී ලංකාව අවධමනයේ (deflation) පැවති අතර, ඉන්පසුවයි උද්ධමනය ධන අගයට හැරුණේ.)
2026 වසරේ මාසික උද්ධමන හැසිරීම: ජනවාරි 2.3% · පෙබරවාරි 1.6% · මාර්තු 2.2% · අප්රේල් 5.4% · මැයි 5.5% · ජූනි 6.8% · ජූලි 7.3% · අගෝස්තු 8.0% (මෑත කාලීන ඉහළම අගය). මෙම 8.0% අගය ආර්ථික අර්බුදයට පෙර 2021 ඔක්තෝබර්–නොවැම්බර් වකවානුවේ පැවති මට්ටමට (ආසන්න වශයෙන් 7.6%–9.9%) සමාන වේ.
මහ බැංකු අධිපතිවරයාට අනුව, ගෝලීය තෙල් මිල බැරලයක් ආසන්න වශයෙන් US$80 ක පවතී නම්, උද්ධමනය 2026 දෙවන භාගයේ සිට 5% ඉලක්කය දෙසට ක්රමයෙන් පහත වැටෙනු ඇත (Ada Derana : CBSL Governor, අගෝස්තු 2026).
ආහාර කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම
මහ බැංකුවේ (CBSL) නිල දර්ශක අනුව, වත්මන් උද්ධමනය ඉහළ යාමට ප්රධානතම හේතුව ආහාර මිල ගණන් ඉහළ යාමයි. ආහාර උද්ධමනය ජූලි 6.3% සිට අගෝස්තු වන විට 8.5% දක්වා ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇත (ප්රධාන වශයෙන් කිරිපිටි ඇතුළු අත්යවශ්ය ආහාර ද්රව්ය මිල ඉහළ යාම). ආහාර නොවන උද්ධමනය ජූලි 7.8% සිට අගෝස්තු 7.7% දක්වා සුළු අඩුවීමක් පෙන්වයි. තාවකාලික මිල වෙනස්කම් ඉවත් කර මනින මූලික උද්ධමනය අගෝස්තුවේදී 5.1% ක් (CBSL, CCPI අගෝස්තු 2026).
ආර්ථික විද්යාත්මකව, උද්ධමන අනුපාතය අඩු වීම යනු බඩු මිල අඩු වීමක් නොවේ; එහි තේරුම බඩු මිල ඉහළ යන වේගය අඩු වීම පමණි. 2022 වසරේ සැප්තැම්බරයේදී CCPI ශීර්ෂ උද්ධමනය 69.8% ක උපරිමයකට ළඟා විය (CBSL, සැප්තැම්බර් 2022); එහිදී බඩු මිල ඉතා කෙටි කලකින් ඉහළ ගියේය. 2026 දී උද්ධමනය 8.0% කි. මෙයින් අදහස් වන්නේ 2022 දී අධික ලෙස ඉහළ ගිය බඩු මිල යළි පැරණි තත්ත්වයට පත් වූවා නොව, දැනටමත් උපරිම මට්ටමක පවතින එම අධික මිල මත තවත් 8.0% කින් ඉහළ ගොස් ඇති බවයි. බඩු මිල සැබෑ ලෙසම අඩු වන්නේ උද්ධමනය සෘණ අගයක් ගත් විට පමණි.
2021 වර්ෂය මූලික වර්ෂය (100) ලෙස ගත් විට, 2026 අගෝස්තු වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) ආසන්න වශයෙන් 208.8 කි (ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව, CCPI). එනම්, 2021 දී රුපියල් 100 ක් වූ භාණ්ඩ මල්ලකට අද වන විට රුපියල් 208.80 ක් පමණ වැය වේ; එනම් මිල මට්ටම 2021 සිට දෙගුණයකට ආසන්නව ඉහළ ගොස් ඇත. මෙයයි ජීවන වියදම අඩු නොවීමට ප්රධාන හේතුව.
මහ බැංකුවේ (CBSL) නිල දර්ශක අනුව, වත්මන් උද්ධමනය ඉහළ යාමට ප්රධානතම හේතුව ආහාර මිල ගණන් ඉහළ යාමයි. ආහාර උද්ධමනය ජූලි 6.3% සිට අගෝස්තු වන විට 8.5% දක්වා ශීඝ්රයෙන් ඉහළ ගොස් ඇත (ප්රධාන වශයෙන් කිරිපිටි ඇතුළු අත්යවශ්ය ආහාර ද්රව්ය මිල ඉහළ යාම). ආහාර නොවන උද්ධමනය ජූලි 7.8% සිට අගෝස්තු 7.7% දක්වා සුළු අඩුවීමක් පෙන්වයි. තාවකාලික මිල වෙනස්කම් ඉවත් කර මනින මූලික උද්ධමනය අගෝස්තුවේදී 5.1% ක් (CBSL, CCPI අගෝස්තු 2026).
ආර්ථික විද්යාත්මකව, උද්ධමන අනුපාතය අඩු වීම යනු බඩු මිල අඩු වීමක් නොවේ; එහි තේරුම බඩු මිල ඉහළ යන වේගය අඩු වීම පමණි. 2022 වසරේ සැප්තැම්බරයේදී CCPI ශීර්ෂ උද්ධමනය 69.8% ක උපරිමයකට ළඟා විය (CBSL, සැප්තැම්බර් 2022); එහිදී බඩු මිල ඉතා කෙටි කලකින් ඉහළ ගියේය. 2026 දී උද්ධමනය 8.0% කි. මෙයින් අදහස් වන්නේ 2022 දී අධික ලෙස ඉහළ ගිය බඩු මිල යළි පැරණි තත්ත්වයට පත් වූවා නොව, දැනටමත් උපරිම මට්ටමක පවතින එම අධික මිල මත තවත් 8.0% කින් ඉහළ ගොස් ඇති බවයි. බඩු මිල සැබෑ ලෙසම අඩු වන්නේ උද්ධමනය සෘණ අගයක් ගත් විට පමණි.
2021 වර්ෂය මූලික වර්ෂය (100) ලෙස ගත් විට, 2026 අගෝස්තු වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) ආසන්න වශයෙන් 208.8 කි (ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව, CCPI). එනම්, 2021 දී රුපියල් 100 ක් වූ භාණ්ඩ මල්ලකට අද වන විට රුපියල් 208.80 ක් පමණ වැය වේ; එනම් මිල මට්ටම 2021 සිට දෙගුණයකට ආසන්නව ඉහළ ගොස් ඇත. මෙයයි ජීවන වියදම අඩු නොවීමට ප්රධාන හේතුව.
පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා මහාචාර්ය වසන්ත අතුකෝරාල
අප විසින් ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා පේරාදෙණිය විශ්ව විද්යාලයේ ආර්ථික විද්යා මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතාගෙන් විමසීමක් කළා. එහිදී එතුමා විසින් සිදු කළ ප්රකාශය පහතින්.
“කිසියම් ආර්ථිකයක් මනිනකොට විවිධ නිර්ණායක අපි භාවිතා කරනවා. ඒ සඳහා දළ දේශීය නිෂ්පාදිතය, දළ දේශීය නිෂ්පාදිතයේ නාමික අගය, මූර්ත දළ දේශීය නිෂ්පාදිතය, ඒ වගේම ඒක පුද්ගල ආදායම, රටට ලැබෙන ආයෝජන ප්රමාණය, රජයේ ආදායම් වියදම් තත්ත්වයන්, මේ වගේ විවිධ නිර්ණායකයන් භාවිතා කරනු ලබනවා. මහ බැංකුව පැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙන අදහස ඇවිත් තියෙන්නේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය පදනම් කරගෙනයි. 2018 වර්ෂය වෙනකොට තමයි ලංකාවේ මෑත කාලය තුළ ඉහළම මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක් වාර්තා කරනු ලැබුවේ. ඊට පස්සේ නාමික දළ දේශීය නිෂ්පාදිතය සැලකිය යුතු මට්ටමකින් වැඩි වුණා. ඉතින් අපි නැවතත් මේ වෙනකොට පෙර පැවති තත්ත්වයට පැමිණිලා තියෙනවා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. පසුගිය 2024, 2025 කියන වර්ෂ දෙකේම ධනාත්මක මට්ටමක ආර්ථික වර්ධනයන් අපි ළඟා කරගත්තා. ඒ වගේම 2026 වර්ෂයේ මුල් කාර්තුව පිළිබඳ සලකා බලනකොට ඉතාමත් හොඳ ආර්ථික වර්ධනයක් කරා අපිට යන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම දැන් මේ වසර අවසන් වෙනකොටත් ආර්ථික වර්ධනය සාමාන්යයෙන් 4.5%ත් 5%ත් අතර වගේ මට්ටමක් කරා යන්නට පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්නට පුළුවන්කම ලැබෙනවා.
රටෙහි ආර්ථිකයක පැති දෙකක් තියෙනවා. එකක් තමයි දේශීය ආර්ථිකය, අනෙක් එක තමයි විදේශයන් සමඟ පවත්වන ආර්ථිකය. එතකොට මේ දේශීය ආර්ථිකය තුළ රාජ්ය ආදායම හා රාජ්ය වියදම තමයි මූලිකව වැදගත් වෙන්නේ. රාජ්ය ආදායම සැලකිය යුතු මට්ටමකින්, සියයට 30කට (30%) ආසන්න ප්රමාණයකින් වැඩිවෙලා තියෙනවා මේ වසරේ මුල් මාස හය අරගෙන බලනකොට. ඒ වගේම රජයේ වියදම් සැලකිය යුතු මට්ටමකින් පාලනය වෙලා, මේ වෙනකොට ක්රම ක්රමයෙන් ආයෝජන වියදම් වැඩි කිරීම සඳහා රජය ක්රියා කරමින් පවතින බව අපිට පේනවා.
දේශීය ණය පිළිබඳ සලකා බලනකොට, දේශීය ණය ගැටලුව මතුවෙන්නේ ආදායම් සහ වියදම් අතර පරතරය විශාල වුණොත්. ඉතින් රජයේ ආදායම සහ රජයේ වියදම් අතර පරතරය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිහිල්ලා නැති නිසා, රජයට නැවත නැවතත් දේශීය වශයෙන් ණය ගැනීමට අවශ්යතාවයක් මතුවෙලා නැහැ. ඒ තුළින් පෙන්නුම් කරන්නේ අර දේශීය ණය ගැනීම් හොඳ මට්ටමකට ඇවිත් තියෙනවා. ඒක රටට බරක් නොවන මට්ටමක් කරා ගමන් කරලා තියෙනවා. විදේශීය ආර්ථිකය පිළිබඳ සලකා බලනකොට පැති කිහිපයක් බලන්නට පුළුවන්, විශේෂයෙන්ම ආනයන අපනයන වෙළඳාම. දැන් මේ ආනයන අපනයන වෙළඳාම තුළ ඇත්තටම අපනයනවල ප්රමාණවත් ආකාරයේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම ආනයන විශාල වශයෙන් වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. මේක ආර්ථිකයට හොඳ තත්ත්වයක් නෙවෙයි. දැන් මේ නිසාම අර ගෙවුම් ශේෂයේ අසමතුලිතතාවය ක්රම ක්රමයෙන් දිගින් දිගටම පැවතීමක් පෙන්නුම් කරනවා. ඒක යම් ආකාරයකට අර අපිට ලැබෙන සංචාරක ඉපයීම්, විදේශ ප්රේෂණ මේවා තුළින් පියවා ගැනීමක් තමයි මේ වෙනකොට කරන්නේ. නමුත් සංචාරක ඉපයීම්, විදේශ ප්රේෂණ කියන ඒවා ඇත්තටම ඉතාමත් අවිනිශ්චිත දේවල්. ඒවා ඕනෑම මොහොතක නැති වෙන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් විදේශීය වෙළඳාම පිළිබඳ සලකා බලනකොට වර්තමාන තත්ත්වය ගැන අපිට කිසිසේත් සෑහීමකට පත්වෙන්නට පුළුවන්කමක් නැහැ. ඒ සඳහා දැඩි ප්රතිසංස්කරණවල අවශ්යතාවය රටට මේ වෙනකොට පවතිනවා. විදේශීය ණය පිළිබඳව සලකා බලනකොට ණයවල සැලකිය යුතු වර්ධනයක් අපිට පෙන්නුම් කරන්නේ නැහැ. ණය ප්රතිව්යුහගතකරණය සැලකිය යුතු මට්ටමකින් ඉවර කරලා, අර ඔෆීෂියල් ක්රෙඩිටර්ස් එක්ක කරන ප්රතිව්යුහගතකරණය තමයි මේ වෙනකොට ඇත්තටම තියෙන්නේ. ඒ කියන්නේ විශාල ණය ප්රමාණයක් නෙවෙයි, ඉතාමත් සුළු ණය ප්රමාණයන් විවිධ රටවල් එක්ක තියෙන ඒවා, ඒවා ප්රතිව්යුහගතකරණය කිරීම තමයි මේ වෙනකොට සිදුවෙන්නේ. අනෙක් විශාල වශයෙන් පැවති ඒවා ප්රතිව්යුහගතකරණය අවසන්. ඉතින් ඒක ඒ පැත්තෙන් සලකා බලනකොට යම් ආකාරයකට ධනාත්මක තත්ත්වයක්. මේ ණයවල ස්වරූපය පදනම් කරගෙන ශ්රේණිගත කරන ආයතන මඟින් අපිව ඉහළ තලයකටත් යම් මට්ටමකට ගෙනැල්ලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ආර්ථිකය පිළිබඳව අපිට සෑහීමකට පත්වෙන්නට පුළුවන්කම තියෙනවා.
දැන් දේශීය ආර්ථිකය තුළ, අර ඒ කියන්නේ වෙන රටවල් එක්ක ගනුදෙනු කරනකොට විනිමය අනුපාතිකය වැදගත්. ඒ වගේම මහ බැංකුවේ සංචිත ප්රමාණය වැදගත්. ඉතින් සංචිත ප්රමාණය බිලියන පහයි දශම පහකට (5.5) ආසන්න ප්රමාණයක් තමයි තාම තියෙන්නේ. එය ඇත්තටම සැලකිය යුතු මට්ටමකින් අපි වැඩි කරගන්නට ක්රියා කරන්නට ඕනේ. දැනට තියෙන තත්ත්වය ගැන අපිට සෑහීමකට පත්වෙන්නට අමාරුයි ඇත්තටම. ඒ වගේම විනිමය අනුපාතිකය ඊට පස්සේ ආන්තික වශයෙන් පිරිහෙමින් පවතින ස්වරූපයක් පෙන්නුම් කරනවා රුපියලේ. මේ විනිමය අනුපාතිකය පිරිහීම සහ අර පසුගිය කාලය තුළ තෙල් අර්බුදයත් සමඟ ඇති වෙච්ච අර්බුදය, මේ කියන සන්දර්භය තුළ ඇත්තටම උද්ධමනකාරී තත්ත්වයක් ක්රම ක්රමයෙන් මතුවීමක් අපිට පෙන්නුම් කරනවා. ක්රම ක්රමයෙන් උද්ධමනය ඉහළ යාමක් පසුගිය කාලය තුළ අපිට දැකගන්නට පුළුවන්කම තිබුණා. උද්ධමනය ඉහළ යාම කියන්නේ ජීවන වියදම ඉහළ යාමක්. ඒක මේ රටේ දුප්පත් ජනතාවට සැලකිය යුතු මට්ටමකින් බලපාන්නට පුළුවන්කම තියෙනවා.
ආර්ථිකයක් පිළිබඳ සලකා බලනකොට, රජයකට, ප්රතිපත්ති සම්පාදකයින්ට සියලුම ආර්ථික දර්ශකයන් එකවර ධනාත්මක විදිහට ඉස්සරහට ගෙනියන්නට අමාරුයි. ඒකට හේතුව අපි ලෝක ආර්ථිකය තුළ යම් යම් පසුගාමී තත්ත්වයන් එහෙම නැත්නම් අර්බුදකාරී තත්ත්වයන්වලට මුහුණ දෙමින් තමයි මේ ඉස්සරහට යන්නේ. ඒත් එක්කම දේශීය වශයෙන් සිදු වෙච්ච කුණාටු තත්ත්වය නිසා දළ දේශීය නිෂ්පාදිතයෙන් සැලකිය යුතු ප්රමාණයක් විනාශ වුණා, යටිතල පහසුකම් විනාශ වුණා, කෘෂිකර්ම ක්ෂේත්රයට සැලකිය යුතු බලපෑමක් ආවා. ඉතින් මේ අර්බුදකාරී තත්ත්වයන් එක්කයි යන්නේ. ඒත් එක්කම මේ වෙනකොට අපි දන්නවා දැඩි නියඟ තත්ත්වයක් සමහර දිස්ත්රික්කවල පවතිනවා. මේවත් එක්ක තමයි මේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ. ඉතින් රජය පැත්තෙන් ගත්තට පස්සේ සැලකිය යුතු ධනාත්මක තත්ත්වයන් රාශියක් තියෙනවා. නමුත් ග්රාමීය ආර්ථිකය සවිබල ගැන්වීමට, ඒගොල්ලෝ මේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පරිවර්තනය කිරීමේ ක්රියාවලිය රජය පැත්තෙන් තාම සිද්ධ වෙන්නේ නැහැ.”
සාරාංශය
ශ්රී ලංකා ආර්ථිකයේ වත්මන් ප්රවණතා, ජයග්රහණ සහ පවතින අභියෝග පිළිබඳව සලකා බැලීමේදී ශ්රී ලංකාව සාර්ව ආර්ථික දර්ශක (දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, රාජ්ය ආදායම් කළමනාකරණය සහ ණය ප්රතිව්යුහගතකරණය) අතින් සැලකිය යුතු ධනාත්මක ප්රකෘතිමත් වීමක් සහ ස්ථාවරත්වයක් අත්පත් කරගෙන ඇති බව පැහැදිලිය.
එහෙත් මෙම ස්ථාවරත්වයේ ප්රතිලාභ පොදු මහජනතාවට හෝ ග්රාමීය ආර්ථිකයට තවමත් නිසි ලෙස ගලා ගොස් නොමැත. ලෝක බැංකුව අනුව දරිද්රතාව 2024 දී 24.5% ක් ලෙස ‘භයානක ලෙස ඉහළ’ මට්ටමක පවතින අතර, ගෘහ ආදායම්, රැකියා සහ සුබසාධනය තවම අර්බුදයට පෙර මට්ටමට වඩා පහළින් පවතී. එබැවින් ‘පෙර තත්ත්වයට ළඟා වීම’ නිමැවුම් මට්ටමින් සත්ය වුවත්, ජීවන තත්ත්වයේ මට්ටමින් තවම සම්පූර්ණ නොවේ.
අධික ජීවන වියදම, යළි ක්රමයෙන් ඉහළ යන උද්ධමන ප්රවණතාව සහ විදේශ වෙළඳාමේ අසමතුලිතතාව හේතුවෙන් ආර්ථිකය තවමත් අවදානම් සහගත සන්දර්භයක පවතී. දැනට ලබාගෙන ඇති ස්ථාවරත්වය දිගුකාලීන තිරසාර වර්ධනයක් දක්වා ගෙන යාමට නම්, අඛණ්ඩ මූල්ය විනය සහ ප්රතිසංස්කරණ පවත්වා ගැනීම, අපනයන ශක්තිමත් කිරීම, විදේශ සංචිත තවදුරටත් ඉහළ නැංවීම, මෙන්ම ග්රාමීය ජනතාව ආර්ථිකයේ සෘජු කොටස්කරුවන් බවට පත් කිරීම අත්යවශ්ය වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok



