Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකා දෙමළ ගුවන්විදුලි සේවාව තමිල්නාඩු ජනතාව වෙනුවෙන් නැවතත් ගුවන්විදුලි තරංග ඔස්සේ විකාශය කිරීමට සූදානම්ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-03
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට(SLBC) අයත් ශ්‍රී ලංකා දෙමළ ගුවන්විදුලි සේවය නැවතත් තමිල්නාඩු ජනතාව වෙනුවෙන් ගුවන්විදුලි තරංග ඔස්සේ විකාශය කිරීමට කටයුතු කරන බවට තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට(SLBC) අයත් ශ්‍රී ලංකා දෙමළ ගුවන්විදුලි සේවය නැවතත් තමිල්නාඩු ජනතාව වෙනුවෙන් ගුවන්විදුලි තරංග ඔස්සේ විකාශය කිරීමට කටයුතු කරන බවට තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව දැකගත හැකි විය.

    ඒ අනුව, මෙම වීඩියෝව සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අප විසින් සිදු කරන ලද විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    2026 සැප්තැම්බර් 27 වන දින සමාජ මාධ්‍ය ඔස්සේ “නැවතත් දෙමළ භූමියේ ශ්‍රී ලංකා දෙමළ ගුවන්විදුලිය!!!” යනුවෙන් දෙමළ බසින් සඳහන් කළ සටහනක් දෙමළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මීළඟට ශ්‍රී ලංකා දෙමළ ගුවන්විදුලි සේවාව 882 kHz මධ්‍යම තරංගයෙන් නැවත විකාශය වේ යැයි පවසන දෙමළ භාෂා පෝස්ටරයක් සහිත ෆේස්බුක් සටහනේ තිර රූපය

    Facebook Link | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ලංකා ගුවන් විදුලියේ දමිළ විකාශනය

    ලංකා ගුවන් විදුලියේ දමිළ විකාශන කටයුතු මුල් වරට සර්වදේශීය මට්ටමින් ව්‍යාප්ත වීමට පටන් ගත්තේ 1950 දශකයේ මුල් භාගයේදීය. ලංකා ගුවන් විදුලියේ වෙළඳ සේවය 1950 සැප්තැම්බර් මස ආරම්භ වූ අතර ඉන්දීය වෙළඳ සේවය 1951 මාර්තු මස ආරම්භ විය.

    1950, 1960 සහ 1970 දශකවලදී කෙටි තරංග (Shortwave) තාක්ෂණය ඉන්දියාවේ තමිල්නාඩුවේ අතිශය ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාව බවට මෙය පත් විය.

    1950 සහ 1970 දශකවලදී ඉන්දියාවේ, විශේෂයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයේ අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ එහි තිබූ ආකර්ෂණීය වෙළඳ සේවය සහ නවීන ඉදිරිපත් කිරීම් ශෛලිය හේතුවෙන් බව කියැවේ. ඉන්දියාවේ රාජ්‍ය ගුවන් විදුලිය වූ All India Radio (AIR) ආයතනය චිත්‍රපට සංගීතය ප්‍රචාරය කිරීම සීමා කළ අවධියේදී, ලංකා ගුවන් විදුලියේ එම අඩුව මැනවින් පුරවමින් තමිල්නාඩු වැසියන්ගේ අතිශය ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාව බවට මෙය පත් වූ බවට පැවසේ.

    ලංකා ගුවන් විදුලිය සතු වූ ප්‍රබල කෙටි තරංග(Shortwave) සම්ප්‍රේෂක යන්ත්‍ර හේතුවෙන් ඉන්දියාවේ දකුණු කෙළවරේ පිහිටි තමිල්නාඩුවට ඉතා පැහැදිලි ශ්‍රවණ තත්ත්වයකින් යුතුව විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී මෙහිදී සේවය සැපයීමට හැකි වී තිබේ. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    මුලින්ම විකාශනය අවසන් කළ වර්ෂය සහ හේතු

    ඉන්දියාවේ තමිල්නාඩු රසිකයන් වෙනුවෙන් පැවැත් වූ මෙම සේවය මුල් වරට සම්පූර්ණයෙන්ම පාහේ අත්හිටුවනු ලැබුවේ 2008 මැයි 31 වනදා වේ.

    2008 වකවානුව වන විට ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය උච්චතම අවස්ථාවකට පැමිණ තිබීම හේතුවෙන් ජාත්‍යන්තර විකාශන කටයුතු පවත්වාගෙන යාම ආරක්ෂක සහ දේශපාලනික වශයෙන් අභියෝගාත්මක විය. එමෙන් ම ඉන්දියාව තුළ පුද්ගලික FM නාලිකා සහ රූපවාහිනී සේවා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා රේඩියෝ සිලෝන් සතු වූ වෙළඳපොළ ආකර්ෂණය අඩු වෙමින් පැවතීම ද, මීට හේතු වී තිබේ.

    නැවත ආරම්භ කළ වර්ෂය සහ නැවත නැවැත්වීමට හේතු

    වසර 13ක නිහඬතාවයකින් පසු, තමිල්නාඩු රසිකයන්ගේ දැඩි ඉල්ලීම මත 2022 ජනවාරි මාසයේදී “කොළඹ ජාත්‍යන්තර ගුවන් විදුලිය” (Colombo International Radio) ලෙස මධ්‍යම තරංග (Medium Wave – 873 kHz) ඔස්සේ තමිල්නාඩුව සහ දකුණු ඉන්දියාව ඉලක්ක කරමින් මෙය නැවත ආරම්භ කරන ලදී. 2023 ජූනි වන විට එහි විකාශන කාලය පැය දෙකක් දක්වා දීර්ඝ කිරීමට ද කටයුතු කර තිබුණි.

    මෙය නැවත ආරම්භ කළ සේවාව වැඩි කල් පැවතුණේ නැත. 2023 වසරේ අගභාගය, 2024 වසරේ මුල් අවදියේ වන විට පුත්තලම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයෙන් නිකුත් කළ 873 kHz තරංග විකාශනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සිදු විය. ඒ ඉහළ බලශක්තියක් වැය වන මෙවැනි දැවැන්ත සම්ප්‍රේෂක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අධික විදුලි පිරිවැයක් දැරීමට සිදු වීමයි. ලංකාවේ පැවති ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවට තරංග නිකුත් කිරීම මූල්‍යමය වශයෙන් පාඩු ලබන කාර්යයක් ද, විය.

    වත්මන් තත්ත්වය සහ ඔන්ලයින් විකාශනය

    මේ වන විට ඉන්දියාව ඉලක්ක කර ගනිමින් ගුවනින් නිකුත් කරන කෙටි තරංග හෝ මධ්‍යම තරංග විකාශන සේවාවන් සම්පූර්ණයෙන්ම අක්‍රිය කර ඇත.

    එබැවින් වර්තමානයේ තමිල්නාඩුවේ හෝ ලෝකයේ ඕනෑම රටක සිටින රසිකයෙකුට මෙම සේවාව ශ්‍රවණය කළ හැක්කේ SLBC නිල වෙබ් අඩවිය හරහා හෝ අන්තර්ජාල රේඩියෝ ඇප්ස් (Online Radio Streaming) හරහා පමණි.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ වෙසෙන දමිළ ජනතාව වෙනුවෙන් SLBC Tamil National Service සහ Thendral FM නාලිකා දේශීය FM තරංග (102.1 MHz – 102.3 MHz) ඔස්සේ ලංකාව පුරා සාමාන්‍ය පරිදි අඛණ්ඩව විකාශය වේ.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ අංශයේ පරිපාලන ප්‍රධානි

    අප මේ පිළිබඳ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප Factcrescendo දෙමළ කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ අංශයේ පරිපාලන ප්‍රධානියාගෙන් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ගුවනින් නිකුත් කරන කෙටි තරංග හෝ මධ්‍යම තරංග මෙම විකාශන සේවාව නැවත ආරම්භ කර ඇත්දැයි යන්න පිළිබඳ විමසීමක් කරනු ලැබීය.

    ඔහු සඳහන් කළේ, මෙම තොරතුර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එවැනි කිසිදු කටයුත්තක් සිදු නොකරන බවත්ය.

    එමෙන්ම, කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවයේ දෙමළ වැඩසටහන අදට ත් වෙනත් රටවල ශ්‍රාවකයන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඔහු සඳහන් කර තිබුණි. එමෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍ය බවට ඔවුන් විසින් පෝස්ටරක් නිර්මාණය කර තිබුණේ මෙලෙසින්.

    මෙම පුවත වැරදි බව පවසමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව නිකුත් කළ දෙමළ භාෂා පැහැදිලි කිරීමේ පෝස්ටරය

    ඔන් එයාර් ටයිම්

    වර්තමානයේ දේශීය දමිළ ජාතික සේවය (Tamil National Service) සහ තේන්ද්‍රල් එෆ්.එම් (Thendral FM) අන්තර්ජාලය ඔස්සේ දවසේ පැය 24 පුරාම සජීවීව විකාශය කෙරේ.

    2023 වසරේදී අවසන් වරට ඉන්දියාවට තරංග ඔස්සේ විකාශය වූ “Colombo International Radio” දමිළ වැඩසටහන ක්‍රියාත්මක වූයේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 7:00 සිට 9:00 දක්වා පැය දෙකක කාලයක් පමණි.

    තමිල්නාඩුව තුළ Radio Ceylon ජනප්‍රිය වීමට බලපෑ ප්‍රධානතම සාධක

    තමිල්නාඩු ජනතාව සිනමා සංගීතයට දැක්වූ දැඩි ඇලුම්කම හඳුනාගත් Radio Ceylon ආයතනය, දමිළ චිත්‍රපට ගීත ඇතුළත් අතිශය ජනප්‍රිය වැඩසටහන් රැසක් විකාශය කර තිබුණි.

    ඉසෛයුම් කදෛයුම් (Isaiyum Kathaiyum):
    ගීත එකිනෙකට ගැලපෙන පරිදි කතාවක් සමඟ ඉදිරිපත් කළ මෙම වැඩසටහන එකල තමිල්නාඩුවේ ආකර්ෂණය ලැබුණු බවට වාර්තා වේ.

    පොංගුම් පූම්පුනල් (Pongum Poompunal):
    තමිල්නාඩු රසිකයන් රසවිඳි තවත් අතිශය ජනප්‍රිය ගීත වැඩසටහනකි.

    නෙයර් විරුප්පම් (Listeners’ Choice):
    අසන්නන් ලියුම් මගින් ඉල්ලන ගීත ප්‍රචාරය කළ වැඩසටහන් හරහා තමිල්නාඩු රසිකයන් ගුවන් විදුලිය සමඟ සෘජුවම බද්ධ විය.

    අද්විතීය නිවේදක පරපුර

    රේඩියෝ සිලෝන් දමිළ සේවයේ නිවේදක නිවේදිකාවන්ගේ කටහඬ සහ ඔවුන්ගේ ආකර්ෂණීය දෙමළ උච්චාරණ ශෛලිය තමිල්නාඩුවේ මහත් ආදරයකට පාත්‍ර විය.

    එස්. පී. මයිල්වාගනම් (S.P. Mylvaganam):
    රේඩියෝ සිලෝන් දමිළ සේවයේ නොමැකෙන සලකුණක් තැබූ ඔහු, තමිල්නාඩුව පුරා සුපිරි තරුවකගේ තත්ත්වයට පත් වූ නිවේදකයෙකි.

    මීට අමතරව කේ. එස්. රාජා, බී. එච්. අබ්දුල් හමීඩ් වැනි ප්‍රවීණ නිවේදකයන්ගේ සජීවී සහ ආකර්ෂණීය ඉදිරිපත් කිරීම් තමිල්නාඩු තාරුණ්‍යය තදින්ම වැළඳගත් බවට වාර්තා වේ. Archived Link මේ පිළිබඳ පළ වන වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දෙන පරිදි ලංකා ගුවන් විදුලියේ ඉන්දියාව ඉලක්ක කර ගනිමින් විකාශය වූ දමිළ විකාශනය නැවතත් ගුවනින් නිකුත් කරන කෙටි තරංග හෝ මධ්‍යම තරංග විකාශන සේවාවන් ක්‍රියාත්මක වන බවට පළවන පුවත සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි. මේ වන විට කොළඹ ජාත්‍යන්තර ගුවන්විදුලි සේවයේ දෙමළ වැඩසටහන් වෙනත් රටවල ශ්‍රාවකයන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පමණක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඒ බවට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ අංශය තහවුරු කරයි.

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.