Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පොළව යටින් මතුවූ මැන්ගුස් ගෙඩියේ වීඩියෝවේ ඇත්ත කතාව!

    2022-06-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ මේ දිනවල දක්නට ලැබෙන, ජනප්‍රිය පළතුරක් වන මැන්ගුස් පිළිබඳව වැරැදි මතයක් පතුරුවා හරිමින්, සමාජ ජාලා තුළ වේගයෙන් ව්‍යාප්ත වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් සිදුකළේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  අප කවුරුත් දන්නා ආකාරයට මැන්ගු

    ලංකාවේ මේ දිනවල දක්නට ලැබෙන, ජනප්‍රිය පළතුරක් වන මැන්ගුස් පිළිබඳව වැරැදි මතයක් පතුරුවා හරිමින්, සමාජ ජාලා තුළ වේගයෙන් ව්‍යාප්ත වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් සිදුකළේ මෙලෙසින්.

    සමාජ ජාලා සටහන් 

    අප කවුරුත් දන්නා ආකාරයට මැන්ගුස් පලදාව නෙලා ගන්නේ මැන්ගුස් ගස් අතුවල ඇති ගෙඩි කඩා ගැනීමෙන්. නමුත් කුඩා පදුරු ආකාරයට මැන්ගුස් ශාකය බෝ වන බවත්, එම පදුරු වල මැන්ගුස් පලතරු ගෙඩි පොලොව අභ්‍යන්තරයේ හටගන්නා බව සහ අල හාරන ආකාරයට මැන්ගුස් පලදාව නෙලාගන්න බවත් පෙන්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් මගින් උත්සාහ දරා තිබුණා. 

    එම වීඩියෝවේ විදෙස් රටක කාන්තාවක් දැක්වුණු අතර එය මෙරට පරිශිලයෙක් විසින් හුවමාරු කරගෙන තිබුනේ “මැංගුස් කෑවට හැදෙන විදිය දැකලා තිබුණෙ නෑ නේද,” යන තේමාවෙන්. එම වීඩියෝව පහතින්

    Facebook

    මේ පිලිබදව සොයා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා .

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප විසින් මුලින්ම මැන්ගුස් ශාකය , එහි පලදාව හටගන්නා ආකාරය පිලිබදව සොයා බැලුවා. එහිදී අපට දැක ගන්නට හැකිවුවේ අප කවුරුත් දන්නා ආකාරයට ම ගස් වල මැන්ගුස් පලදාව හට ගන්නවා මිසක භූගත ව , අල හටගන්නා ආකාරයට මැන්ගුස් පලදාව මැන්ගුස් හෝ එහි උප විශේෂයක හෝ හට නොගන්නා බවයි. මැන්ගුස් ශාකය පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින් | Archived

    පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මියගෙන් ද අප මේ පිලිබදව සිදු කල විමසුමේදී ඇය පවසා සිටියේ භූගත කදන්වල මැන්ගුස් හට ගැනීම කිසිදු මැන්ගුස් විශේෂයක දක්නට නොලැබෙන ලක්ෂණයක්  බවයි .

    ඉන් පසුව අප මෙම වීඩියෝව පිලිබදව අප සොයා බැලුවා.එහිදී අපට දක්නට හැකි වූ කාරණය නම් මෙහි මුල් වීඩියෝව ටික්-ටොක් හරහා සංසරණය වූ බවයි. එම වීඩියෝව පහතින් .

    https://www.tiktok.com/@laymangrung/video/7102683271208668442

    එම වීඩියෝව හොදින් නිරීක්ෂණය කල අපට පෙනීගිය කාරණය නම් කිසියම් පදුරු විශේෂයක මුල් කපා දමා එයට කම්බියක් වැනි දෙයක් ඇතුලු කර මැන්ගුස් ගෙඩිය කම්බි මගින් එයට සම්බන්ධකර  ඉන් අනතුරුව එය පස තුළ හිටුවා කැමරාවට පෙනෙන ආකාරයට මෙම මන්ගුස් ගෙඩි පස තුලා හටගෙන ඇති බව දක්වමින් වීඩියෝව සකසා ඇති බවයි. 

    මෙසේ නොමඟ යවන සුළු ආකාරයෙන් සකසා තිබු වීඩියෝව සම්බන්ධයෙන් අප විසින් විශ්ලේෂනාත්මක වීඩියෝවක් ඇසුරින් එම කරුණු පෙන්වා දීමට උත්සාහ කළේ මෙලෙසින්.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය ):

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූ කාරණය වන්නේ මෙම වීඩියෝව සැබැවින්ම මැන්ගුස් පලතුර පොළොවෙන් ලබාගන්නා ආකාරයක් නොපෙන්වන අතර මෙය වංචනිකව සකසන ලද වීඩියෝවක් බවයි. එහිදී කම්බියක් වැනි ආධාරකයක් මගින් මැන්ගුස් ගෙඩිය වීඩියෝවේ දක්නට ඇති කුඩා පඳුරකට සම්බන්ධ කර තිබු බවක් දැක ගන්නට පුළුවන්. පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ද පැවසුවේ මැන්ගුස් වල පලදාව භූගතව ඇති වීම කිසිසේත්ම සිදුවිය නොහැකි බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-06-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.