Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා කළේ මෑතකදී පත්වූ රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ද?

    2020-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන්ව පසුගාමී ග්‍රාමීය, ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදි. එම පත්වීමත් සමඟම

    පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන්ව පසුගාමී ග්‍රාමීය, ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදි. එම පත්වීමත් සමඟම සමාජ මාධ්‍ය හරහා සටහන් රැල්ලක් නිර්මාණය වී තිබු අතර ඉන් බොහොමයක පෙන්වා දී තිබුනේ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා කළ පුද්ගලයකු මෙසේ රාජ්‍ය ඇමති වශයෙන් පත් කර ඇති බවයි යනුවෙනි.

    නමුත් අප සිදු කළ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ මුලතිව් ගුරුකන්ද විහාරය සම්බන්ධ සිද්ධි දාමයට සම්බන්ධ වී තිබුනේ රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා නොවන බවයි. 

    සමාජ මාධ්‍ය සටහන්:

    ජනපතිඳුන් අභියස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් දිවුරුම් දෙන ඡායාරූපයක “ගුරුකන්ද හිමියන්ගේ ආදාහනයට විරුද්ධ වූ වියාලේන්ද්‍රන්ට සිංහල ආණ්ඩුවෙන් ඇමති ධුරයක්” වදන රෝපණය කර “කොරෝනා අස්සෙ ස වැඩ” තේමාවෙන් Venasaka Tharunyaye hada නමින්වු ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබූ සටහනක් ප්‍රතිචාර රැසක්  හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි

    FacebookArchived Link

    එම තේමාව යටතේ ඉදිරිපත්ව තිබූ සෑම සටහනක්ම වාගේ ෆේස්බුක් පරිශීලකයින් රැසක් අතර හුවමාරු වී තිබු අතර මේ තවත් එවැනි සටහන් පෙළක්.

    FacebookArchived Link
    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවයට බාධා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන්දැයි තහවුරු කර ගැනීම පිණිස අප මුලතිව්හි ගුරුකන්ද පන්සලේ නව නායක ස්වාමීන් වහන්සේට දුරකථන ඇමතුමක් ගත්තෙමු. අභාවප්‍රාප්ත ගුරුකන්ද පන්සලේ නායක ස්වාමින්වහන්ස්ගේ ආදාහන පුජෝතසවයට බාධා ඇති කළේ දෙමල ජාතික සංවිධානයේ පිරිසක් බවත් ඉන්පසුව මේ දක්වා ම ඇතිවූ ගැටුම්කාරී අවස්ථා කිහිපයකටම එම සන්ධානයේ රවිහරන් ඇතුළු සාමාජිකයින් කිහිපදෙනෙකුම සම්බන්ධ වූ බවයි. ගුරුකන්ද පන්සල පිහිටා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ බවත්, මඩකලපු දිස්ත්‍රික්කය නියෝජනය කරන සතාසිවම් වියාලේන්ද්‍රන් පසුගිය වසරේ සිදුවූ එම බාධා කිරීම් තර්ජනය කිරීම්වලට සහභාගි නොවු බවත් උන්වහන්සේ තහවුරු කර සිටියා.

    ගුරුකන්ද විහාරස්ථානයේ හිටපු නාහිමිගේ දේහය ආදහාන කිරීමේ අවස්තාවේදී ඇතිවු සිදුවීම් මාලාව අළලා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් හි පළවූ වාර්තා කිහිපයක් පහතින්. උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් මහතා එම අදාහන ක්‍රියාව ප්‍රතික්ෂ්ප කරමින් සිදුකරන ලද ප්‍රකාශ පිලිබඳ වාර්තා එහි බොහොමයක දැකගනන්ට ලැබුණි

    BBC Sinhala | Archived     Lankadeepa | Archived

    එම ආදාහන උත්සවයෙන් පසුව 2019 වසරේ ඔක්තෝබර් මස නැවත ගුරුකන්ද විහාරස්ථානයේ කලහකාරී තත්වයක් මතුවී තිබුණා. එම සිදුවීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය බොහොමයක් මඟින් වාර්තා වීඩියෝ දර්ශන ද සහිතව වාර්තා කර තිබු අතර එහිදී ද උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ වී තිබු බව මෙසේ වාර්තා කර තිබුණා

    Aruna | Archived      Mawbima | Archived    Lankadeepa | Archived

    මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන්ගේ දේශපාලනකික පසුබිම පරීක්ෂා කළෙමු. 2018 වසරේ ව්‍යවස්ථා අර්බුදකාරී තත්වයක් හමුවේ පිහිටවූ පාලන සමයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානය  ඉවත්වී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයට එක්වූ අතර එම තාවකාලික රජයේ නැගෙනහිර පළාත් සංවර්ධන නියොජ්‍ය අමාත්‍යය ධුරය හිමිවිය. Sunday Observer | FT

    කෙසේවෙතත් ඉන් අනතුරුවද, එනම් 2019 ගුරුකන්ද සිදුවීම් මාලාව සමයේ ද, වියලේන්ද්‍රන් මහතා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කර ඇති අතර පසුගිය 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයටද පොදු ජන පෙරමුණ යටතේ තරඟ කරමින් මඩකලපු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඉන්පසු පිහිටවූ රජයේ තැපැල් සේවා සහ මාධ්‍යවේදී වෘත්තීය සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය දූරය ඔහුට හිමිවිය. මේ අනුව පැහැදිලි වන්නේ සතාසිවම් වියාලේන්ද්‍රන් මීට පෙරද රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කර ඇති අතර සිදුව ඇත්තේ ඔහුගේ විෂය පථය වෙනස් කිරීමක් බවයි.ඔහුගේ නව පත්වීම පිලිබඳ වාර්තාවක් මෙලෙසින්

    2019 ජනවාරි මස විශාල වශයෙන් හුවමාරු වී තිබු ගුරුකන්ද විහාරස්ථානයෙහි ඒ වනවිට සිටි බෞද්ධ බැතිමතුන් කණ්ඩායමක් සහ පොංගු තමිල් උත්සවයක් පැවැත්වීමට කටයුතු කළ පිරිසක් අතර ඇතිවූ කලහකාරී තත්ත්වයක් හමුවේ ගුරුකන්ද විහාරාධිපති ඇතුළු පිරිස සමඟ බහින්බස්වීමක් ඇතිකරගන්නේ වියලේන්ද්‍රන් මහතා බව ඇතැම් සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දී තිබුණි. එම ඡායාරූප සහිත 2019 ජනවාරි මස පලවී තිබු වාර්තා කිහිපයක් මෙලෙසින්.

    Link 1 | Link 2 | Link 3

    ඒවා බොහොමයක රවිහරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් පිලිබඳ කරුණු දක්වා තිබුණද එම අවස්ථාවේ ඡායාරූපයේ සිටින්නේ රවිහරන් මහතා නොව වෙනත් දෙමළ සන්ධානයේ නායකයෙකු සහ ආධාර කරුවන් පිරිසක් බව පෙනී ගියා. එම අවස්ථාවේ වීඩියෝවක් මෙලෙසින් කෙසේවෙතත් ඉහත පෙන්වා දුන් පරිදි 2019 වසර වන විට වියලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වී තිබුණි.

    සතාසිවම් වියාලේන්ද්‍රන්, තුරෙයිරාජා රවිහරන් හා ඉහත 2019 ජනවාරි මස ගුරුකන්ද විහාර භුමියේ ඇතිවූ සිද්ධියේ සිටි අය පිලිබඳ සංසන්දනයක් පහතින්   

    රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ පුද්ගලික ලේකම් සම්බන්ධ කර ඔහුගෙන්ද ඉහත සටහන් පිලිබඳ විමසු විටද පාවසා සිටියේ අමාත්‍යවරයා 2018 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කල බවයි. එසේම මුලතිව් ප්‍රදේශයේ සිද්ධියක් වන ගුරුකන්ද විහාරය ආශ්‍රිත සිදුවීම් සඳහා මඩකලපු දිස්තික්කය නියෝජනය කරන වියාලේන්ද්‍රන් අමාත්‍යවරයා කිසිවිටෙකත් සම්බන්ධ නොවූ බවයි.  

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා කළේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා  මන්ත්‍රී තුරෙයිරාජා රවිහරන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් විනා මඩකළපු දිස්ත්‍රික් පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසුගියදා  රාජ්‍ය අමාත්‍ය විෂය පථය වෙනස් වූ සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා නොවන බවයි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමිගේ අවමංගල්‍යයට බාධා කළේ මෑතකදී පත්වූ රාජ්‍ය අමාත්‍ය වියාලේන්ද්‍රන්ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.