Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දොළවත්ත සහ විදුර වික්‍රමනායක ගැන තීරණයක් ගත යුතු බවට ඇමති කංචන පැවසුවාද?

    2022-03-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් බොහෝ විට විකෘති කරමින්, ඇතැම් අවස්ථාවලදී නොකියූ ප්‍රකාශයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සටහන් සංසරණය වනවා මෙන්ම ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් වලද එවැනි ප්‍රකාශයන් නිසියාකාරව සොයා නොබලා පළ කරන අ

    දේශපානඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් බොහෝ විට විකෘති කරමින්, ඇතැම් අවස්ථාවලදී නොකියූ ප්‍රකාශයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සටහන් සංසරණය වනවා මෙන්ම ඇතැම් විට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පත් වලද එවැනි ප්‍රකාශයන් නිසියාකාරව සොයා නොබලා පළ කරන අවස්ථාවන්ද අපට දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “දොළවත්ත සහ විදුර ගැන තීරණයක් ගත යුතුයි- රාජ්‍ය ඇමති කංචන” යනුවෙන් සඳහන් වූ 2022 මාර්තු 05 වන සෙනසුරාදා ‘දිනමිණ’ පුවත් පතේ පළ වූ ලිපියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණා.

    Facebook | Archived Link

    දිනමිණ පුවත් පතේ පසුගිය සෙනසුරාදා පළ වූ එම පුවත් ලිපිය පහතින්.

     Dinamina|Archived Link

    එම ලිපියේ සඳහන් වී තිබුණේ මෙලෙසිනි.

    “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විනය නීති උල්ලංඝණය කරමින් හරි මග සමුළුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා සහ විදුර වික්‍රමනායක මහතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ගත යුතු බව ධීවර කටයුතු රාජ්‍ය ඇමති කංචන විජේසේකර මහතා පැවසීය.

    ඒ මහතා මේ බව සඳහන් කළේ, ඊයේ (04) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම දේශපාලන පක්ෂයක් ලෙස විනයක් සහ අනන්‍යතාවක් පවත්වාගෙන යනු ලබයි. 

    එවැනි තත්ත්වයක් තුළ වෙනත් පක්ෂ සමග ඒකරාශි වී කටයුතු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා සහ විදුර වික්‍රමනායක මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳ පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා සාකච්ඡා කර තීරණය කරනු ඇතැයි ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.”

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී දැකගන්නට ලැබුණේ, මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් සඳහන් කළේ, දිනමිණ  පුවත්පතේ පළ කර ඇති මෙම ලිපිය සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවත් තමන් මෙවැනි ප්‍රකාශයක් මෙම මාධ්‍ය හමුවේදී හෝ වෙනත් මාධ්‍ය හමුවක හෝ නොපැවසූ බවක්. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    පසුව මෙම පුවත නිවැරදි කරමින් දිනමිණ වෙබ් අඩවියද වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාද සහභාගී වී තිබූ මෙම මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන මෙතනින්. 

    කෙසේ වෙතත් මාර්තු මස 04 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් පසුගිය 02 වන දා කෝට්ටේදී පැවැත්වූ ‘මුළු රටම හරි මඟට’ ජාතික ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත යන මහත්වරු ද සහභාගී වී තිබීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ද විනය නීති වලට අනුව ක්‍රියාත්මක විය යුතු බව දිලුම් අමුණුගම අමාත්‍යවරයා පැවසු බවක් ලංකාදීප පුවත්පත මෙසේ වාර්තා කර තිබුණා. 

    එසේම මෙම මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර සිටියේ ඉහත පරිදි විදුර වික්‍රමනායක සහ දොළවත්ත සම්බන්ධයෙන් ද  යම්කිසි ආකාරයේ පරීක්ෂණයක් සිදුවිය යුතු බවයි.

    එසේම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි උත්සව ශාලාවකදී පැවැත්වූ වැඩසටහනට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු වූ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තමා සම්බන්ධෙයන් විනය පරීක්ෂණයක් සිදුකිරීමක් පිළිබඳ සිදුකෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් මාර්තු මස 02 වැනිදා පවසා තිබුණේ එවැන්නක් සිදු කෙරෙන්නේ නම් පක්ෂයේ අභිමතයට ඉඩ ලබා දෙන බවයි. Vnews

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion:

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් වන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක් එක්ව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි උත්සව ශාලාවකදී පැවැත්වූ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව යම්කිසි ආකාරයේ පරීක්ෂණයක් සිදුවිය යුතු බව මාර්තු මස 04 වැනිදා පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර විසින් නොව අමාත්‍ය දිලුම් අමුණුගම විසිනි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.