Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : ගුවන් තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අළලා පළවූ අසත්‍ය සටහන් පෙළක්!

    2020-10-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ මගී සේවා  සඳහා දැනට වසා දමා ඇත. ගම්පහ ආශ්‍රිත කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමට පෙර, නැවත ගුවන්තොටුපළ විවෘත කෙරෙන දිනයක් පිලිබඳව මෙරටට පැමිණීමට

    ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන කටුනායක පිහිටි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කොරෝනා රෝග ව්‍යාප්තිය හමුවේ මගී සේවා  සඳහා දැනට වසා දමා ඇත. ගම්පහ ආශ්‍රිත කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමට පෙර, නැවත ගුවන්තොටුපළ විවෘත කෙරෙන දිනයක් පිලිබඳව මෙරටට පැමිණීමට බලාපොරොත්තුව විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ සිසුන්ද ඇතුළු පිරිස් විමසිලිමත් විය.

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත නොකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළ බවට හඟවමින් ඉදිරිපත්වු සටහන් පිළිබඳව සිදුකළ විමර්ශනයේදී අපට අනාවරණය වුයේ එම සටහන් නොමඟ යවන සුළු සටහනක් පෙළක් බවයි.

    කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පසුබිමක සංචාරක අමති ප්‍රසන්න රණතුංගගේ සේයාරුවක, “එයාර්පෝට් අරින්නේ නෑ”  වදන රෝපණය කළ සටහනක් කපුටු දූපත නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර මෙම සටහන සංසරණය වී තිබිණි.

    FacebookArchived LinkLinkArchived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් පලවී තිබෙන මාධ්‍ය වාර්තා පරීක්ෂා කිරීමේදී ගම්පහ ආශ්‍රිත කොවිඩ් පොකුර ආරම්භ වීමට පෙර ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටනහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා පවසා තිබුනේ යුරෝපය ඇතුළු බටහිර රටවල ශීත දේශගුණය ආරම්භ වීමත් සමඟව දෙසැම්බර් කාලයේදී කොරෝනා රෝගය උත්සන්න වීමේ අවදානමක් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති අවධියක එළඹෙන ජනවාරි මස තෙක් ගුවන්තොටුපළ මහජනයාට ආරම්භ කිරීම සිදු කිරීමේ හැකියාවක් නොමැති බවයි. අපට මෙසේ එම වීඩියෝව දැකගනන්ට ලැබුණා.

    https://www.facebook.com/swarnavahini/posts/10158482911243444?__cft__[0]=AZUlPxnVRInlW0LMNLdsMUq48ZfPsxeRQKDi4q2eo96GZZT7mBjMjRpwGMQDjoDXRJeCEYGe4F8QrQELzT2cr_S2OZQ7JnDL9Tdp_3N4YOb5irOqLY439Lrb1vfjn1vvxLOXSkOkEohm1yCKzc8Cx9RrPEhGc-ud5SZet-NNXym49u0LeIJyizWTRHEWGiEPA35ejufR8td3aFLhGhUJxlIg&__tn__=%2CO%2CP-R

    එසේම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් සටහන් වලට සමාන ප්‍රකාශයක් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසින් පසුගිය සැප්තැම්බර් මස සිදුකල ද එහි ඇත්ත වශයෙන්ම සඳහන් වී තිබුනේ “සෞඛ්‍ය තත්ත්වය තහවූරු කරනතුරු, ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ” යනුවෙනි. ඒම අවධියේදී හොඳ කොවිඩ් පාලයනයක් තිබුණද ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිලිබඳ සෞඛ්‍ය අංශවලින් සහතිකයක් ලැබෙන තුරු ගුවන් තොටුපෙළ ආරම්භ කිරීමට බලාපොරොත්තු නොවන බවය පවසා තිබු එම වීඩියෝව පහතින්.

    සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. මේ පිළිබඳව දිවයින පුවත්පත උපුටා දක්වමින් ඔක්තෝබර් දෙවන දින පහත සටහන ඉදිරිපත් කර තිබු අතර එහිදී ද ඉහත කරුණුම සඳහන් වී තිබුණි.

    FacebookArchived Link

    සමාජ මාධ්‍ය ජාලයෙහි සංසරණය වන මෙම ප්‍රවෘත්තියේ අන්තර්ගතය තහවුරු කර ගැනීමට අප සංචාරක අමාත්‍යතුමාගේ මාධ්‍ය අංශයෙන් සම්බන්ධ වීමු. එහිදී අදහස් දක්වමින් අපට පවසා සිටියේ වර්තමාන තත්වය යටතේ වුවද සෞඛ්‍ය අංශ මඟින් නිර්දේශ ලැබෙන ඕනෑම අවස්ථාවක, පැය 24ක් වැනි කෙටි කාලයකදී ගුවන් තොටුපළ ආරම්භ කිරීමට  හැකියාව ඇති බවයි

    කොරෝනා වසංගත සමයේ ගුවන්තොටුපලවල් විවෘත කළ රටවල නැවත රොගය පැතිරයාමත්, ඉදිරි මාස කිහිපය යුරෝපයේ ශීත ඍතුව උදාවීම නිසා රෝගය ව්‍යාප්ත වීමට ඇති හැකියාව පිළිබඳව ලෝක සෞඛ්‍යය සංවිධානයේ අනතුරු ඇඟවීමත් සැලකිල්ලට ගනිමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කිරීම ප්‍රමාද කල බවත්, ‍ලෝක සෞඛ්‍යය සංවිධානයේ උපදෙස් මත ලබන වසරේ මුල් කාර්තුවේදි ගුවන්තොටුපල සාමාන්‍ය සේවා සඳහා යළි විවෘත කිරීමට අපේක්ෂා කරන බවත් මාධ්‍යය වෙත ඇමතිතුමා පැවසු අතර එම ප්‍රකාශය මෙසේ නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වන බවයි.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ‍ලෝක සෞඛ්‍යය සංවිධානයේ උපදෙස් මත ලබන වසරේ මුල් කාර්තුවේදි ගුවන්තොටුපල සාමාන්‍ය සේවා සඳහා යලි විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇති බවයි. එබැවින් “එයාර්පෝට් අරින්නේ නෑ” යනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසා ඇති බවට පලවන පුවත, අමාත්‍යවරයාගේ සම්පුර්ණ ප්‍රකාශය වන “සෞඛ්‍ය තත්ත්වය තහවූරු කරනතුරු, ගුවන්තොටුපොළ විවෘත කරන්නේ නෑ” යන්න අන්තර්ගත නොවන, නොමඟ යවන සුළු සටහනකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.