Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහ මැතිවරණයට නිල ඡන්ද දැන්වීම් පත් තවමත් නොලැබුණු ඔබට පහසුවෙන්ම කළ හැකි දේ?

    2024-11-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාර්ලිමේන්තු මැතිවරණයේ (2024) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ගෘහ වෙත තැපෑලෙන් බෙදා හැරීමේ කටයුතු පසුගිය 07වන දා දින අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී, ඔ

    පාර්ලිමේන්තු මැතිවරණයේ (2024) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ගෘහ වෙත තැපෑලෙන් බෙදා හැරීමේ කටයුතු පසුගිය 07වන දා දින අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

    නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී, ඔවුන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස්, ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, තම ගෘහයට අදාළ නිල ඡන්ද දැන්වීම්පත් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

    එසේම නිල ඡන්ද දැන්වීම්පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් පහත පියවර අනුගමනය කිරීමෙන් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමේ පහසුකම් ද මැතිවරණ කොමිෂන් සභාව සලසා තිබේ.

    ඒ සඳහා ඔබ අනුගමනය කළ යුතු පියවරයන් මෙසේ ය.

    1. https://eservices.elections.gov.lk/pages/home.aspx යන මැතිවරණ ඉ-සේවා වෙබ් අඩවියට පිවිසෙන්න.
    2. එහි පුරවැසියන් සඳහා වන යොමුවෙන් ” ඡන්දහිමි ලියාපදිංචි තොරතුරු සෙවුම” යන ඉ-සේවාව වෙත යොමුවන්න.
    3. ජාතික හැඳුනුම්පත් අංකය සහ ඔබ ලියාපදිංචි වී ඇති දිස්ත්‍රික්කය තෝරන්න.
    4. ඒ අනුසාරයෙන් ලැබෙන තොරතුරු අතරින් ඉහළින්ම තිබෙන “මැතිවරණය සඳහා ජන්ද හිමි ලියාපදිංචි තොරතුරු – පාර්ලිමේන්තු මැතිවරණය – 2024” මත ක්ලික් කරන්න.
    5. 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භාවිතා වන නාමලේඛනයේ ඔබගේ ඡන්ද හිමි ලියාපදිංචි තොරතුරු ඔබට මෙහිදී දැක ගත හැක.
    6. එයට පහළින් ඔබේ ජංගම දුරකථන අංකය ඇතුළත් කර තහවුරු කිරීමෙන් පසුව, ඊළඟ පියවරේ දී ඔබගේ ජංගම දුරකථනයට කේතයක් (OTP) ලැබෙන අතර, එම කේතය ” Enter the code” යනුවෙන් දිස්වන ස්ථානයට ඇතුළත් කර ඔබගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කර ගන්න.

    කෙසේනමුත් 2024 ඡන්දහිමි නාම ලේඛනයේ නම සඳහන්, වලංගු හැදුනුම්පතක් සහිත ඕනෑම ඡන්ද හිමියෙකුට, ඡන්ද පත්‍රිකාවක් නොතිබුණ ද, තමාට වෙන්කර ඇති ඡන්ද පොළ වෙත ගොස් සිය අනන්‍යතාව සනාථ කිරීමෙන් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය ලබාදී ඇති බව ද මැතිරවණ කොමිෂන් සභාව නිවේදනය කර සිටිනවා.

    එහෙත් දැනට ඡන්ද පත්‍රිකාවක් නොලැබී නම් ඉහත ආකාරයට පහසුවෙන් e-ඡන්ද පත්‍රිකාවක් ලබාගෙන යෑම මගින්, ඡන්ද පොළේදී සිදුකිරීමට අවශ්‍ය වන තහවුරු කිරීම් හේතුවෙන් ඇතැම්විට සිදුවිය හැකි ප්‍රමාදයන් මඟහරවා ගත හැක. 

    කිසිවෙකුට හෝ තමා මෙවර මහ මැතිවරණ ඡන්ද විමසීමට ලියාපදිංචි දැයි සැකයක් හෝ තිබේනම්, මැතිවරණ දිනයේ දී ඡන්ද පොළට යාමට පෙර මේ ඔස්සේ තහවුරු කරගැනීමෙන්, මැතිවරණ දිනයේ දී සිදුවිය හැකි අපහසුතා ද මඟහරවා ගැනීමට පුළුවන්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.