Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විහාරස්ථානයකට දේශපාලඥයින් ඇතුළුවීමට තහනම් කර ඇති දැන්වීමේ පුවරුවේ ඇත්ත නැත්ත!

    2024-06-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික පක්ෂ වල නම් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දැන්වීම් පුවරුවක ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “මාලිමාවේ හැර කිසිම දේශප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    දේශපාලනික පක්ෂ වල නම් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දැන්වීම් පුවරුවක ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    “මාලිමාවේ හැර කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළු වීම තහනම්. එසේම මාලිමා‍වේ දේශපාලනඥයන් සහභාගීවන උත්සව රැස්වීම සඳහා  විහාරස්ථානයට ආරාධනා  කිරීමෙන්ද වළකින ලෙස සියලුම දායක දායිකාවන්ට දන්වා සිටිමි. මෙයට විහාරාධිපති නාහිමි” යනුවෙන් සඳහන් කර තිබූ විහාරයක දැන්වීම් පුවරුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එමෙන් ම මෙම දැන්වීම් පුවරුව ම ‘මාලිමාවේ කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළුවීම තහනම්’ යනුවෙන් සඳහන් කරමින් තිබූ සටහනක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන් ම එම දැන්වීම් පුවරුවේ තව ත් ආකෘතියක ‘සමගි ජන බලවේගයේ’ කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළුවීම තහනම්’ ලෙස දක්වා තිබූ ඡායාරූප සටහනක් ද, ෆේස්බුක් හි පළ වී තිබුණා.

    FB | Archived

    මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ඉහත ඡායාරූපයේ දැක්වෙන දැන්වීම් පුවරුව දැක්වෙන ඡායාරූපය “Key words” ඔස්සේ පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී මෙම පුවරුවේ කිසිදු දේශපාලන පක්ෂයක්, දේශපාලන පක්ෂ ලාංඡනයක් සටහන් ව නොමැති ඡායාරූප සටහන් දැක ගන්නට ලැබුණා.

    Facebook | Archived Link Facebook | Archived Link 

    මේ සම්බන්ධයෙන් වැඩිදුර සිදු කළ පරීක්ෂණයේදී දැක ගැනීමට ලැබුණේ, මෙම දැන්වීම පුවරුව රැගත් මුල් ඡායාරූපය ඇතුළු තවත්, ඡායාරූප පෙළක් 2022 වසරේ මැයි මස පළ වී තිබූ X පණිවිඩයක් හරහා දැක ගන්නට ලැබෙනවා.

    එහි සඳහන් කර තිබුණේ, මෙලෙසින් “මාස ගානක් කන්නලව් කරලත් ගම්පහ ප්‍ර.සභාවෙන්,RDA එකෙන් හදාගන්න බැරි උන පාර:ගමේ අපි, හාමුදුරුවෝ එකතු වෙලා අද හදාගත්තා ටිකක් හරි යන්න පුළුවන් ගානට. ඔයාලට අපිව ඕනේ වෙද්දි හිනා මූණු පෙන්නන් ඡන්දේ ඉල්ලන්න ගමට, අපේ ගෙවල් ගානේ එන්න එපා. වරිපනම් හොයන්න එන්නත් එපා”

    Archived

    මේ පිළිබඳව වැඩි දුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප ඉහත සිදුවීමට පාදක වී තිබූ සුදර්ශනරාම විහාරස්ථානයේ වැඩසිටින ස්වාමීන් වහන්සේ නමකගෙන් විමසීමක් කළා. ඒ අනුව උන්වහන්සේ සනාථ කළේ, ඉහත X පණිවිඩයේ සඳහන් සිදුවීම සත්‍ය බවත් නමුත් ඉහත දැන්වීම, නිශ්චිත දේශපාලන පක්ෂයක් ඉලක්ක නොකර ගත් තීරණයක් බවත් ය. එම දැනුම්දීම නිකුත් කළ දින සිට කිසිදු දේශපාලනඥයකු විහාරස්ථානයට නොපැමිණි බවත්, විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා දේශපාලනඥයන් සම්බන්ධ උත්සවවලට සහභාගි වීමෙන් වැළකී සිටින අතර තවමත් එම දැනුම්දීම එහි පවතින බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    එමෙන් ම එම විහාරස්ථානයේ ආසන්නයේ ඇති තව ත් විහාරස්ථානයක හිමිනමකගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර, උන්වහන්සේ ද, එම කරුණු සත්‍ය බව ට සනාථ කළහ. 

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සංස්කරණය කරන ලද පුවරු සහ සුදර්ශනරාම විහාරස්ථානයේ තිබු සත්‍ය පුවරුවේ සේයාරූ සංසන්දනයක් පහතින්.

    ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ සත්‍ය දැන්වීම් පුවරුවේ සංස්කරණය කරන ලද ඡායාරූප පෙළක් බව තහවුරු වේ.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    මෙම විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඇතැම් දේශපාලන පක්ෂ වලට නම් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දැන්වීම් පුවරුවක ඡායාරූපය නොමග යවන සුළු සංස්කරණය කරන ලද ඡායාරූපයකි. සැබවිමන් ම එම පුවරුවේ කිසිදු දේශපාලන පක්ෂයක නමක් සඳහන් නොවන අතර එහි සඳහන් වන්නේ, “කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළු වීම තහනම්. එසේම දේශපාලනඥයන් සහභාගීවන උත්සව රැස්වීම සඳහා  විහාරස්ථානයට ආරාධනා  කිරීමෙන්ද වළකින ලෙස සියලුම දායක දායිකාවන්ට දන්වා සිටිමි. මෙයට විහාරාධිපති නාහිමි” යනුවෙනි. ඒ බවට අදාළ විහාරස්ථානයේ හිමියන් සහ ප්‍රදේශ වාසින් ද, තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.