Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සුදත්ත තිලකසිරි ‘ජනාධිපති මාධ්‍ය සම්මාන’ සඳහා නිර්දේශ වූ බවට ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රංගන ශිල්පියෙකු මෙන්ම යූ-ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි, ජනාධිපති සම්මාන සඳහා නිර්දේශ වූ බව සඳහන් පුවත් කාඩ්පතක් සමාජ මාධ්‍ය ජාල තුළ වේගයෙන් හුවමාරු වී තිබුණි. “ජනාධිපති මාධ්‍ය අංශය” විසින් සිදුකල නිල නිවේදනය

    රංගන ශිල්පියෙකු මෙන්ම යූ-ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සුදත්ත තිලකසිරි, ජනාධිපති සම්මාන සඳහා නිර්දේශ වූ බව සඳහන් පුවත් කාඩ්පතක් සමාජ මාධ්‍ය ජාල තුළ වේගයෙන් හුවමාරු වී තිබුණි. “ජනාධිපති මාධ්‍ය අංශය” විසින් සිදුකල නිල නිවේදනයක් ලෙස මෙම සටහන් හුවමාරු වීම මෙන්ම පසුගිය වසර සමඟ ගැලපීමේදී මේ වසරේ අග භාගයේ දී ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වීමත් සමඟ  බොහෝ දෙනා මේ ගැන විමසිලිමත් වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජනාධිපති මාධ්‍ය අංශය විසින්, ජනාධිපති මාධ්‍ය සම්මාන සඳහා සුදත්ත තිලකසිරි නිර්දේශ කර ඇති බව, NewsHub වෙබ් පුවත් ආයතනයෙන් පළවූ නිවේදනයක සඳහන් වී ඇති අයුරු බව හඟවමින් හුවමාරු වූ සටහන් පෙළක් මෙලෙසින්.

    FB | Archived FB FB 

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    NewsHub.lk එවැනි පුවතක් වාර්තා කර නැහැ

    වයිරල් වූ පුවත් කාඩ්පත, NewsHub.lk (ෆේස්බුක්හි www.newshub.lk) පුවත් වෙබ් අඩවියක නිල පුවත් කාඩ්පත්හි අනුරුව අනුකරණය කරමින් නිර්මාණය කර තිබුණි. එම පුවත් ආයතනයේ කාඩ්පත්වල පහළින් “ජනාධිපති මාධ්‍ය අංශය” වැනි මූලාශ්‍ර තීරු බහුලව යෙදෙන අතර, ව්‍යාජ කාඩ්පත එම හුරුපුරුදු ස්වරූපය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් නිල පෙනුමක් ලබාගෙන ඇත. එහෙත් එය NewsHub.lk හි මෙවැනි සටහනක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    මේ පිළිබඳව අප NewsHub ආයතනයෙන් විමසීමක් ද සිදුකළ අතර පුවත් කතෘ පවසා සිටියේ ද එවැන්නක් තමන් පළකර නොමැති බවත්, හුවමාරු වන්නේ සිය සන්නාමය අවභාවිතා කරමින් සිදුකර ඇති ව්‍යාජ නිර්මාණයක් බවයි.

    ‘ජනාධිපති මාධ්‍ය අංශයෙන්’ – ජනාධිපති මාධ්‍ය සම්මාන ගැන කිසිදු නිවේදනයක් නිකුත් වී නැත

    ජනාධිපති මාධ්‍ය අංශය සිය නිල පණිවිඩ සන්නිවේදනය කරනු ලබන්නේ තහවුරු නිල නාලිකා හරහා ය, එනම් නිල වෙබ් අඩවිය (pmd.gov.lk), තහවුරු (ෆේස්බුක් පිටුව), X (ට්විටර්) ගිණුම සහ යූ ටියුබ් නාලිකාව යනාදිය හරහාය. 

    සුදත්ත තිලකසිරි ජනාධිපති මාධ්‍ය සම්මානයට නිර්දේශ කළ බවට එම කිසිදු නිල මාර්ගයකින් නිවේදනයක් නිකුත් වී නොමැත. එවැනි නිල නිර්දේශයක් සැබෑවක් නම්, එය මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන ඔස්සේ ද වාර්තා වනු ඇත; එහෙත් එවැනි වාර්තාවක් හෝ නොමැත.

    එසේම, මේ ගැන සිදුකළ විමසිමේදී ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කර සිටියේ මෙබඳු නිවේදනයක් හෝ 2026 වසර සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන ගැන නිවේදනයක් තමන් වාර්තා කර නොමැති බවත්, 2026 වසරේ දී එවැනි උළෙලක් පැවැත්වීමේ සුදානමක් නොමැති බවත්, හුවමාරු වන්නේ ව්‍යාජ නිර්මාණයක් බවයි.

    ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල යනු වෘත්තීය මාධ්‍යවේදීන් අගයන විධිමත් උලෙළකි

    ජනාධිපති මාධ්‍ය සම්මාන යනු, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන, රූපවාහිනී, ගුවන්විදුලි, පුවත්පත්, වෙබ් සහ මාධ්‍ය පර්යේෂණ යන අංශ ඔස්සේ මාධ්‍යවේදීන්ගේ කුසලතා අගයන විධිමත් සම්මාන උලෙළකි. එයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අගයන “මාධ්‍යාභිමානී” සම්මාන ද ඇතුළත් වේ. 

    සම්මාන පිරිනැමෙන්නේ නිසි අයදුම්කිරීම් හා ජූරි සභාවක තක්සේරුව මතය. එහි පැවැත්වූ අවසාන උලෙළ, එනම් 2025 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල; කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසුව, අයදුම් කැඳවා, ජුරි සභාවක තේරීමෙන් පසුව, 2025 නොවැම්බර් 11 වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. 2023 වසර සඳහා මාධ්‍ය වෘත්තිකයින් මෙහිදී ඇගයීමට ලක්වූ අතර සම්මානලාභීන්ගේ නාම ලේඛනය ඇතුළු පුවත් මෙතනින් සහ මෙතනින්. 

    ඒ අනුව, ජනාධිපති මාධ්‍ය සම්මාන, පුද්ගලයෙකු නිර්දේශ කරන ක්‍රියාවලියක් හරහා සිදු වන්නේ නැති බව ද පැහැදිලිය. මෙම කරුණු සමාලෝචනය සිදු කරන අවස්ථාව වන විට, 2026 වර්ෂය සඳහා මාධ්‍ය සම්මාන අයදුම්පත් කැඳවීමක් හෝ ප්‍රසිද්ධියේ ආරම්භ කර ඇති නොමැත. 

    සුදත්ත තිලකසිරි කවුරුන්ද?

    සුදත්ත තිලකසිරි යනු රංගන ශිල්පියෙකු මෙන්ම යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකි. ඔහු වත්මන් රජයට සහය දක්වමින් ද, පෙර පැවති පාලනයන් විවේචනය කරමින් ද සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාකාරී වූ, මතභේදාත්මක චරිතයකි. ඔහු සම්බන්ධයෙන් අප මීට පෙර ද කරුණු පරීක්ෂාවන් සිදුකර තිබේ. ඔහුට ජනාධිපති නියෝගයකින් ප්‍රභූ ආරක්ෂාව ලබාදුන් බවට පැතිර ගිය ප්‍රකාශය අප විසින් පරීක්ෂා කර තිබුණි. 

    වයිරල් වූ සටහන් උපහාසාත්මක කෝණයෙන් ඉදිරිපත් කර තිබුණද, කරුණු පරීක්ෂණයක දී වැදගත් වන්නේ එය පොදු ජනතාව අතර සත්‍යයක් ලෙස වරදවා වටහාගැනීමට තුඩු දුන්නේද යන්නයි. මෙම කාඩ්පත, තහවුරු පුවත් ආයතනයක (NewsHub.lk) අනුරුව හා නිල මූලාශ්‍ර අනුකරණයක් යොදාගනිමින් කරමින්, බැලූ බැල්මට සත්‍ය පුවතක ස්වරූපය ගෙන ඇත. එබැවින්, එහි උපහාසාත්මක සම්භවය තිබුණ ද මෙය ගොතන ලද, නිල පෙනුමක් සහිත ව්‍යාජ නිවේදනයකි.

    Conclusion (නිගමනය)

    අපගේ කරුණු පරීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ, සුදත්ත තිලකසිරි ජනාධිපති මාධ්‍ය සම්මානයට නිර්දේශ කළ බවට “ජනාධිපති මාධ්‍ය අංශය” ප්‍රකාශ කළ බව හඟවමින්, පැතිර ගිය පුවත් කාඩ්පත අසත්‍ය බවයි. එය NewsHub.lk පුවත් ආයතනයේ සන්නාම අනුකරණය කරමින්, උපහාසයක් ලෙස නිර්මාණය කළ ව්‍යාජ සංස්කරණයකි. 

    ජනාධිපති මාධ්‍ය සම්මාන යනු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජූරි සභාවක් හරහා වෘත්තීය මාධ්‍යවේදීන් අගයන විධිමත් උලෙළක් වන අතර, සම්මාන පිරිනැමෙන්නේ නිසි අයදුම්කිරීම් හා ජූරි සභාවක තක්සේරුව මතය. 

    හුවමාරු වන සටහන් ප්‍රතික්ෂේප කරමින්, ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරන්නේ මෙම සම්මාන සම්බන්ධයෙන් කිසිදු හෝ නිවේදනයක් නිකුත් කර නොමැති බවත්, 2026 වර්ෂය සඳහා ජනපති මාධ්‍ය සම්මාන අයදුම්පත් කැඳවීමක් හෝ නිර්දේශ ක්‍රියාවලියක් හෝ ආරම්භ කර නොමැති බවයි.

    Result Stamp

    Title: සුදත්ත තිලකසිරි ‘ජනාධිපති මාධ්‍ය සම්මානයට’ නිර්දේශ වූ බවට ‘ජනාධිපති මාධ්‍ය අංශයෙන්’ නිවේදනයක් නිකුත් කළා ද?

    Fact Check By: Factcresccendo Team

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.