Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ආපනශාලා හිමියන්ගේ සංගමය ප්ලේන්ටියක මිල ඉහල දැමුවේ එළවළු මිල ඉහල ගිය නිසාද?

    2021-11-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් විවිධ කරුණු හේතුවෙන් පසුගිය කාලයේ කතාබහට ලක්වුණු චරිතයක්. ඔහු සිදු කළ බවට පැවසෙමින් සමාජ ජාලාවල හුවමාරු වන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද විමසුමකි මේ . සමාජ ජාලා සටහන්  ෆේස්

    සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් විවිධ කරුණු හේතුවෙන් පසුගිය කාලයේ කතාබහට ලක්වුණු චරිතයක්. ඔහු සිදු කළ බවට පැවසෙමින් සමාජ ජාලාවල හුවමාරු වන නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද විමසුමකි මේ .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අසේල සම්පත්ගේ ඡායාරූපයක්ද සමග අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙවැනි සටහනක්. 

    “ එළවළු මිල ඉහල යාම නිසා ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් ඉහලට !!”

    – ආපනශාලා හිමියන්ගේ සංගමය –

    Facebook | Archived 

    මීට සමාන සටහන් ෆේස්බුක් අවකාශය පුරා සංසරණය වුණේ මේ ආකාරයෙන්. 

    ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව ව්‍යාප්ත වෙමින් පැවති මෙම සටහන් නිසා මේ පිළිබදව සොයා බැලීමට අප තීරණය කළා. 

    සත්‍ය කරුණු විමසා බැලීම -Fact Check

    අප මුලින්ම සොයා බැලුවේ, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙම පුවත වාර්තා කර ඇති ආකාරය පිළිබදවයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ බත් පැකට්ටුවක හා තේ කෝප්පයක  මිල ඉහල යාම සම්බන්ධයෙන් වාර්තා කළත් ඊට හේතුවවශයෙන් එළවලු මිල ඉහල යාම බව අසේල සම්පත් පැවසූ ආකාරයක්  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබුණේ නැහැ. හිරු මාධ්‍ය එය වාර්තා කර තිබුණු ආකාරය මෙතනින්. Archived 

    මේ අද දෙරණ එය වාර්තා කර තිබුණු ආකාරයයි.Archived

    නොවැම්බර් 22 කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු දැක්වූ අදහස් අන්තර්ගත යූ ටියුබ් වීඩියෝවක් පහතින්. 

    https://www.youtube.com/watch?v=lcqFHxh6rWM

    මෙම වීඩියෝවේදී ඔහු සඳහන් කරන්නේ  එළවළු මිල වැඩිවීම නිසා බත් පැකට්ටුවක මිල/ප්‍රයිඩ් රයිස් මිල වැඩිකිරීමට සිදුවන බව සහ මේ වන විට 80% ක් පමණ පාරිභෝගිකයන් ,පවතින ආර්ථික තත්ත්වය සහ රටේ පවතින තත්ත්වය නිසා ආපනශාලාවලට නොපැමිණෙන බවත්, රජයෙන් සහන බලාපොරොත්තු වුවත් සහන නොලැබෙන තත්ත්වය නිසා ආපනශාලා වල පැවැත්ම උදෙසා ප්ලේන්ටියක මිල ද රුපියල් පහකින් වැඩි කිරීමට සිදුව ඇති බවයි.

    අසේලසම්පත් විසින් අන්තර්ජාල නාලිකාවක් හා සමග පැවති සංවාදයකදී පවසන්නේ පසුගිය සමය තුළ සීනිවල සිදුවූ අධික මිල ඉහල යාම නිසා ප්ලේන්ටියක මිල රුපියල් පහකින් වැඩි කිරීමට සිදුව ඇති බවයි.

    එම සංවාදයට අදාල යූ ටියුබ් වීඩියෝව පහතින්. 

    https://www.youtube.com/watch?v=C3iTK46b8gk

    මේ සම්බන්ධයෙන් අප විසින් අසේල සම්පත් මහතාගෙන් කල විමසීමකදී ඔහු පැවසුවේ, පසුගිය මාස කිහිපය තුල සීනිවල මිල, කිලෝවක් රුපියල් 60 කට වඩා ප්‍රමාණයකින් වැඩිව ඇති බව සහ කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන්, ආපනශාලා හිමියන්ට බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් වැඩි කරන අතර, ප්ලේන්ටියක මිලද රුපියල් 5 කින් වැඩි කිරීමට සිදුව ඇති බවයි. එමෙන්ම එළවළු වල මිල වැඩි නිසා ප්ලේන්ටියක මිල රුපියල් පහකින් වැඩි කිරීමට සිදුව් ඇති බවක් තමන් නොපැවසූ බවත් ඔහු පැවසුවා. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද විමසා බැලීමේදී තහවුරු වූයේ ප්ලේන්ටියක මිල ආපනශාලා හිමියන් විසින් ඉහල දැමුවේ එළවලු මිල වැඩි නිසා නොව, සීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති සීනි මිල සහ රටේ පවතින තත්ත්වය අනුව ගණුදෙනු කරුවන් ආපනශාලාවලට පැමිණීම අඩුවීම නිසා කර්මාන්තයේ පැවැත්ම උදෙසා වන බවයි. එළවලු මිල ඉහල යාම නිසා ප්ලේන්ටියක මිල ඉහල දැමූ බව ආපනශාලා හිමියන් පවසා නැත. ඒ අනුව මෙම සමාජ ජාලා සටහන නොමග යවන සුලු එකකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-11-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.