Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    NPPයේ ප්‍රතිපත්ති සහ යෝජිත ක්‍රියාමාර්ග ලෙස පළ වන ව්‍යාජ සටහන් පෙළක්!

    2024-08-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු සටහන් කිහිපයක කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim:1 “ඊළඟ පෝයෙන් පස්සේ එක ගෙදරක වාහන දෙකක් තියෙන්න බ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජාතික ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු සටහන් කිහිපයක කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Claim:1

    “ඊළඟ පෝයෙන් පස්සේ එක ගෙදරක වාහන දෙකක් තියෙන්න බෑ  අපි JVP” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact -Check :

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි ක්‍රියාත්මක වන බවට එම පක්ෂයේ සාමාජිකයින්ගේ ප්‍රකාශයක් හෝ මාධ්‍ය නිවේදනයක් හෝ දැක ගන්නට නොලැබුණි.

    ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ද, අප පරීක්ෂා කළ ත්, අපට ඊට සහය දක්වන ප්‍රකාශනයක් දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, මෙ ය ව්‍යාජ සටහනක් බව ත්, වාහන දෙකක් ළඟ තබා ගැනීමට නොහැකි බව ට එම සාමාජිකයින් විසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

    එමෙන් ම පසුගිය 26 වන දා ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ අතර එහිදීද එවැනි කරුණක් සම්බන්ධයෙන් සඳහන් කර නොතිබුණි.

    එමෙන් ම එම අවස්ථාවදී ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ඉහත වාහන දෙකක් ළඟ තබා ගන්නා බවට අසත්‍ය වපුරවමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සැමට සමානය සැලකිය යුතු කියන සාධකය ඔස්සේ වෙනත් අර්ථකතනයක් දී ඇති බවට සඳහන් කළේ මෙලෙසින්.

    මීට පෙර අවස්ථාවකදී මෙම කාරණා සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ විසින් ද, පැහැදිලි කර තිබූ අවස්ථාවක් මෙතනින්.

    Claim:2

    එමෙන් ම තවත් සටහනක පෙන්වා දී තිබුණේ, ජාතික ජන බලවේගය යටතේ යෝජිත කැබිනට් මණ්ඩලය ලෙස දක්වා ඇති සටහනක්.

    Facebook | Archived Link

    Fact -Check :

    NPP මාධ්‍ය අංශයෙන් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ, කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ත්, මෙම සටහන අසත්‍ය බව ත්ය. එමෙන් ම ඔවුන් පැහැදි කළේ, අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත්, NPPයට වහාම කැබිනට් ඇමතිවරුන් පත් කළ නොහැකි බවයි. මන්ද ඔවුන් දැනට පාර්ලිමේන්තුවේ ආසන තුනක් පමණක් දරන බැවිනි. අමාත්‍යවරුන් පත්කිරීම සිදුවිය හැක්කේ ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයකින් පසුව වන අතර ඒ ද, NPPය බහුතර බලයක් ලබා ගන්නේ නම් පමණි.

    තම පක්ෂය බලයට පත්වන්නේ නම් කැබිනට් අමාත්‍යවරුන් 25 දෙනෙකු පමණක් පත්කිරීමට කැපවී සිටින බව ත්, නමුත් මෙතෙක් මෙම අමාත්‍යවරුන් කවුරුන්ද යන්න පිළිබඳව තීරණයක් ගෙන නොමැති බව ත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.

    NPP ජනාධිපතිවරණ ප්‍රකාශය සමාලෝචනය පරීක්ෂා කිරීමේදී ද, එහි 194 පිටුවේ, ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වන්නේ එම රජය යටතේ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 25 කට සීමා කරන බව ත්, ඊට සමාන නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සිටින බවත්ය. ඔවුන්ගේ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරු නොසිටින බවද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්.

    Update :11/19/24


    2024 ජනාධිපතිවරණය පැවැත්වීමට මාසයක පෙර සිට ම ජාතික ජන බලවේග ආණ්ඩුවේ පත් වන කැබිනට් අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ විෂය පඨය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණ වුණේ මෙන්න මෙහෙමයි.

    මේ සම්බන්ධයෙන් එවකට අප NPP ය මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් ක‍ළේ, එය එම පක්ෂය විසින් තෝරා ඇති අමාත්‍ය මණ්ඩලයක් නොවන බව ත්, ඒ වන විට පත් වන කැබිනට් මණ්ඩල කවුරුන් ද, යන තීරණය කර නොමැති බවයි.

    මේ වන විට 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු NPP ආණ්ඩුවක් යටතේ කැබිනට්මණ්ඩලය පත් වී අවසන්.

    සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන NPP ය විසින් තෝරා ඇති කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සහ සත්‍ය වශයෙන් පත් වූ අමාත්‍ය මණ්ඩලයේ වෙනස්කම් අපට දැක ගන්නට ලැබුණා.

    ඒ අනුව නිහාල් ගලප්පත්ති, නිලන්ති කොට්ටහච්චි, නාමල් කරුණාරත්න, ජගත් මනුවර්ණ, සමනලී ෆොන්සේකා, නලින් හේවගේ, ව්‍රායි කැලී බල්තසාර්, රවි සිරිවර්ධන, මහින්ද ජයසිංහ, සමන්මලී ගුණසිංහ යන අය සත්‍ය කැබිනට් මණ්ඩලයේ නොමැති අතර හරිනි අමරසූරිය, විජිත හේරත්, කේ. ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න යන අමාත්‍යවරුන් මෙවර කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනවා.

    මීට අමතරව, චන්දන අබේරත්න,හර්ෂණ නානායක්කාර,සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, අනුර කරුණාතිලක, රාමලිංගම් චන්ද්‍ර සේකර් ,උපාලි පන්නිලගේ ,ආනන්ද විජේපාල,හිනිදුම සුනිල් සෙනෙවි,සුනිල් කුමාර ගමගේ, ක්‍රිෂාන්ත අබේසේන ,අනිල් ජයන්ත ප්‍රනාන්දු ,කුමාර ජයකොඩි ,ධම්මික පටබැඳි යන අය ඇතුළු මේ වන විට අමාත්‍යවරුන් 21 දෙනෙකු යුත් කැබිනට් මණ්ඩලයට අයත් වනවා.

    නමුත් සමාජ මාධ්‍ය සටහනේ පෙන්වා දුන් නිලන්ති කොට්ටහච්චි, නාමල් කරුණාරත්න, නලින් හේවගේ, මහින්ද ජයසිංහ යන අය මෙවර පාර්ලිමේන්තු වරම් ලැබූ මන්ත්‍රීන් අතර සිටිනවා.

    Claim:3

    “ප්‍රතිපත්ති ප්‍රකාශයේ,රාජ්‍ය ආදායම් උපයා ගැනීම ගැන සදහන් නොවන්නේ මුද්‍රණයෙ දෝෂයක් නිසා. අපේ ඊළඟ එකෙන් ඒක නිවැරදි කරනවා.” යනුවෙන් චතුරංග අබේසිංහ ප්‍රකාශ කළ බවටෙ දක්වමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact -Check :

    මෙවැනි ප්‍රකාශයක් ජාතික ජන බලවේගයේ චතුර අබේසිංහ විසින් සිදු කර නොමැති බවට අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන් ම, ඔහුගේ නිල සමාජ මාධ්‍ය ධාරා ඔස්සේ ද, සිදු කළ පරීක්ෂාවේදී තහවුරු වුණා.

    එමෙන් ම, පසුගිය දා එළි දැක්වූ ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ද, අප පරීක්ෂා කර බැලුවේ, රාජ්‍ය ආදායම් උපයා ගැනීම සම්බන්ධයෙන් එහි සඳහන් වී නොමැති ද, යන්නයි.

    එහි ප්‍රජාතාන්ත්‍රික ආර්ථිකයක් පොහෝසත් රටක් යනුවෙන් සඳහන් කොටසේ පිටු අංක 102 සිට රාජ්‍ය ආදායම් ලබා ගන්නා ආකාරය, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති, ආයෝජන ප්‍රවර්ධන, රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යවසායන්, දේශිය විදේශීය වෙළඳාම ඇසුරෙන් සඳහන් වී ඇති බව දැක ගන්නට ලැබේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතනින්.

    එමෙන් ම මේ සම්බන්ධයෙන් අප චතුර අබේසිංහ මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවකදී මෙවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-08-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.