Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ සමග එක්වෙයි ?

    2022-01-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපතිවරයා විසින් මෑතකදී ධූරයෙන් නෙරපා හරින ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යමින් පවතිනවා.මේ ඔහු සම්බන්ධයෙන් පැතිර ගිය නොමග යවන සුලු අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් . සමාජ ජ

    ජනාධිපතිවරයා විසින් මෑතකදී ධූරයෙන් නෙරපා හරින ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යමින් පවතිනවා.මේ ඔහු සම්බන්ධයෙන් පැතිර ගිය නොමග යවන සුලු අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ ඡායාරූපයක් සමගින් පෝස්ටුවක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. 

    “සුසිල් ජවිපේ සමඟ අත්වැල් බැදගනී.2023- ප්‍රබල ඇමතිකමක් .”

    Facebook | Archived

    මෙම සටහනේ ඇති කුතුහලක ජනක ස්වභාවය නිසා මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)

    අප මුලින්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙවැනි ප්‍රවෘත්තියක් පළව ඇද්දැයි අප විමසා බැලුවා.එහිදී දක්නට ලැබුණේ කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් මෙවැනි පුවතක් වාර්තා කර නොමැති බවයි.

    ඉන්පසු අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදු කළා.ඔවුන් පැවසුවේ සුසිල් ප්‍රේමජයන්ත හිටපු ඇමතිවරයා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධවීම පිළිබදව සාකච්ඡාවක් සිදුව නොමැති අතර එවැන්නක් සිදුව නොමැති බවයි.ඒ අනුව හිටපු ඇමැතිවරයා ජවිපෙ හා සම්බන්ධවීම සම්බන්ධ පුවත අසත්‍ය බවත් ඔවුන් පැවසුවා.

    හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද අප මේ පිළිබදව විමසා බැලුවා. ඔහු පැවසුවේද හිටපු ඇමැතිවරයා තවමත් පොදුජන පෙරමුණේ සාමාජිකයකු බවත්, ජවිපෙට සම්බන්ධවීමක් හෝ ඒ හා සම්බන්ධ සාකච්ඡාවක් මෙතෙක් සිදුව නොමැති බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ජවිපෙ සමග එක්ව ඇතැයි පළවන සමාජ ජාලා සටහන් නොමගයවන සුලු සහ අසත්‍ය   බවයි.ඒ බව සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්වරයා මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයද ඒ බව  තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-01-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.