Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: තේ පානය කිරීම කෝවිඩ් වැළකීමට ප්‍රතිකර්මයක්ද?

    2021-05-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අද ලොවක් පීඩා විඳින කොරෝනා වෛරසය පිළිබඳ නිවසේදී භාවිතා කළ හැකි විධික්‍රම පිලිබඳ සටහන් විශාල වශයෙන් නැවත වරක් පසුගිය දින කිහිපයේ දී ම හුවමාරු වී තිබු බවක් අපට දැක ගන්නට ලැබුණා. මෙම ක්‍රම බොහොමයක් මඟින් යම් තාවකාලික සහනයක් පෙන්නුම් කල හැකි වුවද කොවිඩ් මර්දන

    අද ලොවක් පීඩා විඳින කොරෝනා වෛරසය පිළිබඳ නිවසේදී භාවිතා කළ හැකි විධික්‍රම පිලිබඳ සටහන් විශාල වශයෙන් නැවත වරක් පසුගිය දින කිහිපයේ දී ම හුවමාරු වී තිබු බවක් අපට දැක ගන්නට ලැබුණා. මෙම ක්‍රම බොහොමයක් මඟින් යම් තාවකාලික සහනයක් පෙන්නුම් කල හැකි වුවද කොවිඩ් මර්දනය කිරීමට හෝ පාලයනය කිරීමක් එමඟින් සිදුවන්නේ නැති බව අප කරුණු විමර්ෂණ රැසක දී පෙන්වා දුන්නා.

    ප්‍රථමයෙන්ම හඳුනා ගනු ලැබුවේ යැයි පැවසෙන චීනයේ වෛද්‍යවරයෙකු ලී වෙන්ලින්ග් විසින් කොරෝනා වෛරසයෙන් පීඩා විඳ මියයාමට පෙර Covid- 19 වසංගතයෙන් වැළකීමට කළ යුතු ප්‍රතිකර්මය ලෙස තේ පානය කිරීම බව ලේඛනගත කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා හා සමාජ මාධ්‍ය ජාලා වලද සටහන් හුවමාරු වුණා. 

    මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    කෝවිඩ් වෛරසයට ඇති සියලුම විසඳුම් සරල ‘තේ’ කෝප්පයක් බව කොරෝනා වෛරස් පිළිබඳ සත්‍යය පැවසීම සම්බන්ධයෙන් දඩුවම් ලැබූ හා පසුව එම රෝගය නිසාම මියගිය චීනයේ වෛද්‍යවරයකු වන ලී වෙන්ලියන්ග් ලේඛනගත කර ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ දැක්වුණේ, චීනයේ බොහෝ රෝගීන් සුවපත් වීමට හේතුව තේ පානය කිරීම බවත් චීනයේ රෝහල් කාර්ය මණ්ඩලය දිනකට 3 වතාවක් රෝගීන්ට තේ පිරිනැමීම ආරම්භ කර ඇති අතර, ප්‍රජා සම්ප්‍රේෂණය බොහෝ දුරට නතර වී ඇති බවත්ය. එම සටහන් පහතින්.

    Facebook | Archived Link

    WhatsApp තාක්ෂණය ඔස්සේද මෙම පුවත හුවමාරු වුණේ මෙලෙසිනි.

    එමෙන්ම චීනයේ සිටින ඉන්දියාවේ පුරවැසියෙකු පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවකද දැක්වුණේ,

    උණුවතුර බොනවා, උණු තේ බොනවා, හුමාලය අල්ලනවා, යම් කොරෝනා වෛරසයක් තිබුණොත් ශරීරය ඇතුළෙම ඒක විනාශ වෙලා යනවා. WHO දෙන විස්තර දන්නවනම් දැන් චීනයේ අලුතින් ලෙඩුන් හමු වුණත්, නමුත් ඔවුන් මිය නොයන බවයි ඔහු සඳහන් කරන්නේ.

    දවසට 4 වතාවක් හුමාලය අල්ලන්න 6 වතාවක් උණුවතුර බොන්න දවසට හතර වතාවක් තේ/කිරි බොන්න. ඔබ දැනටමත් කොරෝනා රෝගියෙකු නම් දවස් 4ක් මෙලෙස කරන්න 5 වෙනි දවස වෙද්දි අඩුවේවී යනුවෙනි.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සටහන් වල දක්වා තිබු රසායනික ද්‍රව්‍ය තේ වල තිබෙන අතර මෙතිල්සැන්ටයින් වැනි රසායනික ද්‍රව්‍ය  කෝපි සහ චොකලට් වලද දැකගනන්ට ලැබෙනවා. තියෝෆිලයින් යනු මෙතිල්සැන්තීන් වර්ගයකි; සමහර ශ්වසන රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා තියෝබ්‍රොමින්, බ්රොන්කයි-ඩයිලේටරයක්  ලෙස (පෙනහළු වල බ්රොන්කයි ඩයිලයිට් කරන) – තේ වල (black tea) කුඩා ප්‍රමාණයක් පවතී.

    මෙම රසායනික ද්‍රව්‍යවල යම්කිසි ඖෂධීය ගුණාංග පවතිනවා. තියෝබ්‍රොමින්ට රුධිර පීඩනය අඩු කිරීමට, මෘදු උත්තේජකයක් ලෙස ක්‍රියා කිරීමට සහ කැස්සක් මැඩපැවැත්වීමට පවා උපකාරී වේ. තියෝෆිලයින් වලද එවැනි ම ගුණාංග තිබෙන අතර, හුස්ම ගැනීම පහසු කිරීමට සහ රුධිර ප්‍රවාහ වැඩි දියුණු කිරීමට ඇති හැකියාව වැනි. තියෝෆිලයින් ඇදුම රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා ද යොදා ගනී (නමුත් තේ වල අඩංගු ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් මේ සඳහා යොදාගනී) මේ කරුණු ඇතුළත් වාර්තාවක් මෙතනින්

    මේ පිළිබඳව අප ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාව් කාර්යාලයෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී දැන ගන්නට පවසා සිටියේ ද “තේ හෝ උණුසුම් ජලය පානය කිරීමෙන් වෙනත් සෞඛ්‍යමය වාසි තිබුණද, එය COVID-19 වලක්වා හෝ සුව කරන බවට කිසිදු සාක්ෂියක් නොමැත” යනුවෙන්

    2019 දෙසැම්බරයේදී වෛද්‍ය ලී වෙන්ලියන්ග් SARS (දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය) හා සමාන වෛරසයක් පිළිබඳව වෛද්‍ය වෘත්තිකයන්ට අනතුරු අඟවා සිටියා. කෙසේනමුත් පසුව ඔහු COVID-19 ට ගොදුරු වී තිබුණා. ඔහු විසින් තේ පානය තුලින් කොවිඩ් පාලනය කල හැකි බවට පලවූ වාර්තා අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

    තව ද ඉහත ඇතැම් සටහන් මෙවැනි වාර්තාවක් CNN පුවත් වෙබ් අඩවියේ පළවී තිබු බවට ද දක්වා තිබුණ ද නිරීක්ෂණයේදී මෙම පුවත් වාර්තා කළ බවට කිසිදු සාක්ෂියක් හමු නොවුණි.

    කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොරෝනා වෛරසය පවතින මේ දිනවල පෝෂණ අවශ්‍යතා සපුරාගත යුත්තේ කෙලෙසද යන්න දක්වා තිබුණේ මෙලෙසිනි. 

    එම වාර්තාවේ පානය කළ යතු දේවල් සම්බන්ධයෙන් දක්වා තිබුණේ, සෑම දිනකම වතුර කෝප්ප 8-10 ක් පානය කළ යුතු බවත්. ජලය වඩාත් සුදුසු අතර අවශ්‍යනම් ඔබට ජලය අඩංගු වෙනත් බීම, පලතුරු සහ එළවළු ද පරිභෝජනය කළ හැකිය, උදාහරණයක් ලෙස ලෙමන් යුෂ (පැණිරස එක් නොකළ), තේ සහ කෝපි. නමුත් අධික ලෙස කැෆේන් පරිභෝජනය නොකිරීමට වගබලා ගත යුතු බවත්, පැණිරස පළතුරු යුෂ, සිරප්, පළතුරු යුෂ සාන්ද්‍රණ පානය කිරීමෙන් වළකින ලෙසටත් දක්වා තිබුණේ.

    කොරොනා  වෛරස් රෝගය (COVID-19) සම්බන්ධයෙන් වැළකීම හා මිථ්‍යා මත අනුගමනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මහජනතාවට ලබා දුන් උපදෙස් මෙතනින්.

    එමෙන්ම හුමාලය ඇල්ලීම මගින් හෝ කෝවිඩ් වෛරසයට ප්‍රතිකාරයක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර නොතිබුණි. නිසි පරිදි හුමාලය ආශ්වාස නොකරන්නේ නම් පිළිස්සීම් වීම් වැනි අවස්ථා ඇති විය හැකි බවත් හුමාලය ආශ්වාස කිරීම මඟින් පමණක් කොරෝනා වෛරසය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවටත් බොහෝ කරුණු විමර්ෂණ කණ්ඩායම් මීට පෙර විමර්ශන සිදුකර තිබුණි. මේ සම්බන්ධයෙන් Factcrescendo කළ පෙර විමර්ශන මෙතනින් මෙතනින්.

    Facebook | Archived Link

    තවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල උපදෙස් වලට අනුව කොවිඩ් -19 වැළැක්වීමට හෝ ප්‍රතිකාර කිරීමට නිශ්චිත ඖෂධයක් මෙතක් සොයා ගෙන නොමැත. රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලවල් ලොව පුරා ක්‍රියාත්මකයි.

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ, තේ හෝ උණුසුම් ජලය පානය කිරීමෙන් වෙනත් සෞඛ්‍යමය ගුණාංගයන් තිබුණද, එය COVID-19 වලක්වා හෝ සුව කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

    නිසි පරිදි හුමාලය ආශ්වාස නොකරන්නේ නම් පිළිස්සීම් වීම් වැනි අවස්ථා ඇති විය හැකි අතර හුමාලය ආශ්වාස කිරීම මඟින් පමණක් කොරෝනා වෛරසය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බවට ද විද්‍යාත්මකව තහවුරු වී නොමැත. 

    යම්කිසි තාවකාලික සහනයක් ලැබිය හැකි වුවද මේවා කිසිවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද  ප්‍රතිකාර ක්‍රම ද නොවේ. මෙතෙක් ඒ සඳහා ඖෂධයක් නොමැති අතර රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එන්නත්කරණ වැඩපිළිවෙලවල් ලොව පුරා ක්‍රියාත්මකයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.