Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 236ක් දක්වා අඩු වුණාද?

    2023-04-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විනිමය අනුපාත අගයන් ඉක්මණින් දැනගැනීම සදහා Google සෙවුම් භාවිතා කිරීම බොහෝ දෙනා විසින් සිදු කරන දෙයක්. මාර්තු මාසයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කළද, දැනට වසරක පමණ කාලයක් තිස්සේ, ඇමරිකානු ඩො

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    විනිමය අනුපාත අගයන් ඉක්මණින් දැනගැනීම සදහා Google සෙවුම් භාවිතා කිරීම බොහෝ දෙනා විසින් සිදු කරන දෙයක්. මාර්තු මාසයේ දී සුළු වර්ධනයක් පෙන්නුම් කළද, දැනට වසරක පමණ කාලයක් තිස්සේ, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකාවේ රුපියලේ අගය පැවතුනේ 300 සීමාව ඉක්මවමින්.

    මෙවන් පසුබිමක, හදිසියේම ඩොලරයේ අගය රුපියල් 236 ක් දක්වා පහත බැස ඇති බවට සඳහන් කරමින්, Google සෙවුම් යන්ත්‍රයේ ලැබුණු ප්‍රතිචාරවල ඡායාරුප එයට සාක්ෂි ලෙස දක්වමින් හුවමාරු වූ සටහන් බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. 

    සමාජ ජාලා සටහන් 

    ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 236 දක්වා පහල බැස ඇති බවක් හගවමින් සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ මෙලෙසින් .

    Facebook | Archived

    එසේම මේ ආකාරයට ඩොලරයේ අගය විශාල ප්‍රමාණයකින් හිටිහැටියේ පහළ දැමීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ ට ප්‍රණාමය පුදකරමින් මෙන්ම ඇතැම් උපහාසාත්මක සටහන් ද පළවී තිබුණා.

    Facebook | Archived   FB | Archived

    කරුණු පැහැදිලි කිරීම 

    මාර්තු 31 වැනිදා සවස, සැලකිය යුතු කාලයක් (පැයකට අධික) ඩොලරයේ අගය රුපියල් 236 ක් බවට Google සෙවුම් මෙවලම් මගින් තොරතුරු ලබාදුන් බව අපටද නිරීක්ෂණය වුණා. මෙහි විශේෂත්වය වන්නේ රුපියල් 300 කට වඩා ඉහල අගයකට පත්ව තිබුණු ඩොලරය, හිටි හැටියේම රුපියල් සීයක් වැනි විශාල අගයකින්, රුපියල් 236 ක් දක්වා අඩුවීම අදහා ගත නොහැකි සිදුවීමක් වීමයි.

    කෙසේ කෙටි වෙලාවකින් පසුව, Google සෙවුම් මෙවලම තුළ ඩොලරයේ අගය, රුපියල් 300 ඉක්මවා ගිය අගයක පිහිටියා.

    සැබවින්ම ඇමෙරිකන් ඩොලරය රුපියලට සාපේක්ෂව , රුපියල් 236 වීම වැනි දැවැන්ත අවප්‍රමානයක් සිදුවුනිද, මේ පිලිබදව සොයා බැලීම සදහා මහ බැංකු දත්ත සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ එවැන්නක් සිදුව නොමැති බවයි.

    මහ බැංකු දත්ත අනුව 2023 මාර්තු මස 31 දිනය අවසන් වන විට ඇමෙරිකන් ඩොලරයක ගැණුම් මිල සටහන් වුවේ රුපියල් 318 ක් ලෙස, විකුණුම් මිල රුපියල් 336 ක් වෙද්දී  මධ්‍යයන අගය රුපියල් 327 ලෙස සටහන් වුණා.

    මාර්තු මස මුල සිට මේ දක්වා (අප්‍රේල්01) ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විචලනය වූ ආකාරයට පහතින්.

    Central Bank | Archived 

    මේ අනුව පැහැදිලි වන කාරණය නම් මෙය Google සෙවුම් යෙදවුමේ ඇතිවූ දෝෂ සහගත තත්ත්වයක් නිසා ඇතිවුවක් බවයි.

    මෙම සිදුවීමෙන් අනතුරුව මේ සම්බන්ධ හාස්‍ය සහගත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ආකාරය දක්නට ලැබුනේ මෙලෙසින් Archived

    Google හි තාක්ෂණික දෝෂ නිසා මීට පෙරත් මේ ආකාරයට විනිමය අනුපාත වෙනස්වීම් සිදුවුණා ද?

    මෙම වසරේ ජනවාරි මාසයේ මොරෝක්කොවේද මෙවැනි සිදුවීමක් වාර්තා වෙනවා. එහිදී සිදුව ඇත්තේ Google සෙවුම් වාර්තාවලට අනුව මොරොක්කෝ වේ මුදල් ඒකකය වන ඩිර්හාම් හි අගය එක්වරම 70% ක් අවප්‍රමාණය වූ බවක් පෙන්වීමයි. එහිද පැය 2 කට අධික කාලයක් මෙම අගයන් අන්තර්ජාලය තුළ පැවත තිබෙනවා. 

    මොරොක්කෝ වැසියන් බොහෝ දෙනෙක් කලබලයට පත්ව තිබුණේ තම රටේ මුදල් ඒකකය මෙතරම් අවප්‍රමාණය වුවේ කෙසේද යයි සිතායි . කෙසේ නමුත් අවසානයේ තහවුරුව ඇත්තේ මෙය Google හි සිදුවූ තාක්ෂණික දෝෂයක් බවයි. මේ සම්බන්ධ වාර්තාවක් මෙතනින්. Archived 

    2022 වසරේ ජූලි මාසයේදී පකිස්තානයේදීද මෙවන් සිදුවීමක් වාර්තාවී තිබෙනවා. ඒ වන විට වේගයෙන් පිරිහීමෙන් තිබු පකිස්තාන රුපියලේ අගය එක්වරම ඉහල යාමක් හෙවත් ඩොලරයේ හමුවේ අගයේ වර්ධනයක් පෙන්වා තිබෙනවා. සැබෑ අගය ලෙස ඇමෙරිකානු ඩොලරයක් ලෙස පකිස්තාන රුපියල් 240 ක් තිබුණු එම අවධියේ Google හි සිදුවූ තාක්ෂණික දෝෂයක් නිසා පැය කිහිපයක් එහි සදහන්ව තිබී ඇත්තේ ඩොලරයේ වටිනාකම රුපියල් 207 ක් ලෙසයි. මෙම සිදුවීම දුටු බොහෝ දෙනා විමතියට පත්ව තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

    2019 වසරේදී මාර්තු මාසයේදී ,අප්‍රිකාවේ ඝානා රාජ්‍යයේ මුදල් ඒකකය එක්වරම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 300% කින් අවප්‍රමාණය වූ බවට Google විනිමය අනුපාතවල සදහන්ව තිබුණු අතර ,ඒ සම්බන්ධයෙන් Google සමාගම ඝානා රාජ්‍යයෙන් සමාව ඉල්ලා තිබෙනවා.ඒ සම්බන්ධ විස්තර මෙතනින්. Archived

    අප ඉහතින් සදහන් කලේ Google සමාගම විසින් විනිමය අනුපාත වැරදියට ඉදිරිපත් කරන ලද අවස්ථා කිහිපයක් පමණයි. මෙවැනි තවත් බොහෝ අවස්ථා ජාත්‍යන්තර වශයෙන්ද තිබෙනවා. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-04-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.