Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බලංගොඩට නව දුම්රිය ස්ථානයක්? (PHOTO)

    2022-11-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරන සියලුම කොට්ඨාශ සියලුම තොරතුරු පිළිබඳ දැනුවත් බවට සිතා හුදෙක් විනෝදාස්වාදය සඳහා පළ කරන ඇතැම් අසත්‍ය තොරතුරු, ඡායාර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරන සියලුම කොට්ඨාශ සියලුම තොරතුරු පිළිබඳ දැනුවත් බවට සිතා හුදෙක් විනෝදාස්වාදය සඳහා පළ කරන ඇතැම් අසත්‍ය තොරතුරු, ඡායාරූප හේතුවෙන් ඇතැම් කාණ්ඩ නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    බලංගොඩ දුම්රිය ස්ථානය ලෙසට සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම ඡායාරූපය දක්වමින් ඇඹිලිපිටිය දුම්රිය ස්ථානය බවට සඳහන් කළ තවත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    Also Read: ඇඹිලිපිටියට ළඟදීම දුම්රිය ස්ථානයක්?

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    බලංගොඩ ප්‍රදේශයට මෙන්ම ඇඹිලිපිටිය වෙත ද දුම්රිය පද්ධතියක් නොපවතින අතර, කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය වන්නේ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයයි.

    railway.gov.lk | Archived Link

    දුම්රිය ප්‍රධාන කාර්යාලය

    එමෙන්ම මේ පිළිබඳව තහවුරු කරමින් දුම්රිය ප්‍රධාන කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් අධිකාරීවරයෙකු සඳහන් කළේ, බොහෝ කලකට පෙර කැලණිවැලි මාර්ගය රත්නපුරය දක්වා දිව ගිය බවත්, නමුත් බලංගොඩ දක්වා දුම්රිය මාර්ගය එවකට ද, ඉදි නොවුණු බවයි. කෙසේ වෙතත් මේ වන විටත් දුම්රිය මෙහෙයුම් කටයුතු සිදු වන්නේ, කැලණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල දක්වා පමණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    තලාව දුම්රිය ස්ථානයේ ඡායාරුපයක සංස්කරණයක්

    ඉහත ඡායාරූපය හොඳින් නිරීක්ෂණය කිරීමේදී දුම්රිය ස්ථානයේ එල්ලා ඇති පුවරුවේ “තලාව” ලෙස සඳහන් කර ඇති බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    එමෙන්ම මෙම ඡායාරූපයේ දැක්වෙන සැබෑ දුම්රිය ස්ථානය තලාව දුම්රිය ස්ථානය බවට බොහෝ දෙනා ද, හඳුනාගෙන තිබුණා.

    නාම පුවරුව සංස්කරණය නොකරන ලද සත්‍ය ඡායාරූපය මෙතනින් | Archived Link

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප සංසන්දනයක් පහතින්

    මෙම ඡායාරූපය තලාව දුම්රිය ස්ථානයට බවට දක්වා තිබූ තවත් අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. වීඩියෝවක් මෙතනින්. එවැනිම කෝණයකින් ලබාගත් වෙනත් ඡායාරූපයක් පහතින්.

    Facebook

    තලාව දුම්රිය ස්ථානය

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මාර්ගයේ තඹුත්තේගම සහ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට මැදිව පිහිටා ඇති මෙම දුම්රිය ස්ථානය කොළඹ කොටුවේ සිට කිලෝමීටර 187.20 ක් දුරකින් යුක්ත වනවා. කුරුණෑගල සිට අනුරාධපුර දුම්රිය මාර්ගයේ කොටසක් නිම කිරීමෙන් පසු 1903 දී තමා මේ දුම්රිය ස්ථානය ඉදිකර ඇති අතර තලාව දුම්රිය ස්ථාන කේතය TLA ලෙස හඳුන්වනු ලබයි. වැඩිදුර තොරතුරු මෙතනින්.

    Also Read: අම්පාරේ දුම්රිය ස්ථානයක් ? (PHOTOS)

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බලංගොඩ දුම්රිය ස්ථානය සහ ඇඹිලිපිටිය දුම්රිය ස්ථානයෙන් යනුවෙන් සඳහන් කළ ඡායාරූප දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ ‘තලාව’ දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් වන අතර එහි දක්වා තිබූ ඡායාරූපය සංස්කරණය කරමින් මෙලෙස ජනතාව නොමග යා හැකි අයුරින් නිර්මාණය කර තිබුණා.

    Avatar

    Title:බලංගොඩට නව දුම්රිය ස්ථානයක්? (PHOTO)

    Fact Check By: Pavithra Sandamali 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-11-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.