Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගාල්ල පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන දුවපු සැකකරුවෙකු පසුපස හඹා යෑමේ අවස්ථාවක් ද? (VIDEO)

    2023-02-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සත්‍ය සිදුවීම් දැක්වෙන වීඩියෝ හා ඡායාරූප වලට වුවද, දැනුවත්ව හෝ නොදැනුවත්ව, නොමඟ යවන සුළු පසුබිම් කතා ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ප්‍රචාරය කෙරෙන අවස්ථා අපට බොහෝ අවස්ථාවන් වලදී දැ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සත්‍ය සිදුවීම් දැක්වෙන වීඩියෝ හා ඡායාරූප වලට වුවද, දැනුවත්ව හෝ නොදැනුවත්ව, නොමඟ යවන සුළු පසුබිම් කතා ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ප්‍රචාරය කෙරෙන අවස්ථා අපට බොහෝ අවස්ථාවන් වලදී දැක ගන්නට පුළුවන්. එලෙස නොමග යන සුළු පසුබිම් කතාවක් නිර්මාණය කර තිබූ සත්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කවුරුත් බනින පොලීසියෙ රථවාහන අංශය ගැන ඇසින් දුටු සිදුවීමක් ගැන කියන්න හිතුනා. ගාල්ලේ පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන දුවපු මේ පුද්ගලයා පසු පස එලවාගෙන යෑමේදී  ඔහු පොලීසියෙන් බේරීමට මුහුදට පැනලා පීනුවා.. වතුර දැකලා කම්මැලි නොවුන පොලිස් නිලධාරියා වතුරට පැනලා ඒ පුද්ගලයා පසුපස පීනා අල්ලා ගැනීමට සමත් උනා.. 

    ඇත්තටම ඔහු සැබෑ නිලධාරියෙක්..👍👌

    ස්තූතියි ගාල්ල පොලීසියේ රාජකාරිය හරියට කරන නිලධාරීන් සියලු දෙනාට” යනුවෙන් සඳහන් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.

    මෙම වීඩියෝවේ දැක්වෙන්නේ පොලිස් නිලධාරියෙක් මුහුදේ සිට පුද්ගලයෙකු ගොඩබිම දෙසට රැගෙන එන දර්ශනයක්.

    Facebook

    ඉහත දක්වා තිබූ පසුබිම් කතාව සහිත මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූයේ මේ අයුරින්.

    ඒ ඇසුරින් නිර්මාණය වූ සටහන් ද, මෙලෙසින් ෆේස්බුක් පරිශිලකයින් අතර හුවමාරු වූවා.

    මෙම වීඩියෝවේ පසුබිම් කතාව සත්‍යයක් ද, යන්න විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ(07) දින සංසරණය වූ මෙම ඉහත වීඩියෝව සඳහා දක්වා තිබූ පසුබිම් කතාවේ, සඳහන් කර ඇති පරිදි ගාල්ලේ පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු මෙලෙසින් පොලීසිය විසින් හඹාගොස් අලලා ගත්තා ද යන්න පිළිබඳ අප ගාල්ල පොලිස් ස්ථානාධිපතිගෙන් විමසීමක් සිදු කළා.

    ඔහු සඳහන් කළේ, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, ගාල්ල පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන දුවපු පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවක් නොවන බවත්, එය අසත්‍යක් බවත්, මෙම රූප රාමුවල දැක්වෙන පුද්ගලයා ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවී ඇති අපරාධ කිහිපයකම සැකකරුවෙකු බවයි.

    සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටි අවස්ථාවේදී, ඔහු මුහුදට පැන පළා යාමට උත්සහ කර තිබු අතර එම අවස්ථාවේ දී මෙම වීඩියෝවේ දැක්වෙන පොලිස් නිලධාරියා අපරාධකරු අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා. එමෙන්ම එම සැකකරු අද දින(08) උසාවියට ද, ඉදිරිපත් කළ බවට ගාල්ල පොලිස් ස්ථානාධිපති වරයා වැඩිදුරටත් සඳහන් කළා.

    මේ පිළිබඳ මාධ්‍ය ඔස්සේ ද වාර්තා කර තිබුණේ, මෙලෙසින්.

    ඉහත වීඩියෝවේ දැක්වෙන පොලිස් නිලධාරියාගේ ක්‍රියාව පැසසුමට ලක්විය යුතු අතර එම සත්‍ය සිදුවීමට වෙනත් ගොතන ලද කතාවක් සමගින් එම වීඩියෝව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබුණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඊයේ(07) දින සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මුහුදට පැන පළායාමට තැත්කළ සැකකරුවෙකු පොලීසිය විසින් ලුහුබැඳ ඔහු නැවත ගොඩබිමට රැගන එන අයුරු දැක්වෙන වීඩියෝවේ පසුබිම් කතාවේ, සඳහන් කර ඇති පරිදි ගාල්ලේ පොලීසිය අසලදී රත්‍රං මාලයක් කඩාගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවක් නොවන බවයි.

    ගාල්ල පොලිස් ස්ථානාධිපතිගෙන් සඳහන් කළේ, එම පුද්ගලයා ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවී ඇති අපරාධ කිහිපයක සැකකරුවෙකු මෙහිදී, සැකපිට අත්අඩංගුවට ගෙන ගාල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී එම සැකකරු මුහුදට පැන පළා යාමට උත්සහ කිරීමේදී මෙම වීඩියෝවේ දැක්වෙන පරිදි පොලිස් නිලධාරියා ඔහුව අල්ලා ගත් අවස්ථාවක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-02-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.