Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ආර්ජන්ටිනා රජය විසින් මෙසී වෙනුවෙන් විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කරා ද?

    2022-12-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාවූයේ, ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවමින්  ජයග්‍රහණය ලබමිනි. බැලොන් ඩෝර් සම්මාන හත, ච

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාවූයේ, ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවමින්  ජයග්‍රහණය ලබමිනි. බැලොන් ඩෝර් සම්මාන හත, චැම්පියන් ලීග් සම්මාන හතර, කෝපා ඇමරිකා ජය, බාසිලෝනා සමග දිනූ ලා ලීගා ශූරතා 10 සහ ප්‍රංශයේ පැරීස් සේන්-ජර්මාන් සමග දිනූ ලීග් 1 කිරුළ අතරට ලෝක කුසලානය ද එකතු කළ ලයනල් මෙසී ආර්ජන්ටිනාවට එක් කළේ මහත් කීර්තියකි. මේ අතර ඊට උපහාර වශයෙන් ආර්ජන්ටිනා රජය විසින් Pesos 1000ක වටිනාකමින් යුත්  විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පළ වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ආර්ජන්ටිනා රජය විසින් මෙසී වෙනුවෙන්  විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කර ඇති බව ත් එය Pesos 1000ක් බව ත් එහි වටිනාකම රුපියල් 2000ක් වන බවයි එම සටහනින් සඳහන් කර තිබුණේ.

    Facebook | Archived Link

    එමෙන්ම එම තේමාව ඇතුළුව පළ වූ වෙන ත් සටහනක් පහතින්.

    Facebook | Archived Link

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    වසර 36කට පසු ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට විශිෂ්ට දායකත්වයක් දුන් 35 හැවිරිදි ලයනල් මෙසී ලෝක කුසලාන පාපන්දු තරගමාලා 5කට ක්‍රීඩා කර ඇති අතර, එහිදී රැස් කළ ගෝල සංඛ්‍යාව 13කි.

    ප්‍රංශයට එරෙහි අවසන් මහා තරගයේදී ගෝල දෙකක්ම රැස් කළ මෙසී තරගාවලියේ වීරයාට හිමි රන් පන්දුව සම්මානයට ද හිමිකම් ලැබුවා. වසරේ ක්‍රීඩකයා ලෙස ලෝක පාපන්දු සම්මේලනයේ සම්මානයත් අවස්ථා 7කදී දිනා සිටින මේ විශිෂ්ට ක්‍රීඩකයා සිය ක්‍රීඩා දිවියේදී රැස් කර ඇති ගෝල සංඛ්‍යාව 793කි. 

    කෙසේ වෙතත් ආර්ජන්ටිනා රජය විසින් මෙසීට උපහාරයක් වශයෙන් ඔහුගේ මුහුණත ඇතුළත් කරමින් නව නෝට්ටුවක් සැබවිමින් නිර්මාණය කර තිබුණා ද, යන්න පිළිබඳ අප ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ නිරීක්ෂණයක් සිදු කළා.

    ආර්ජන්ටිනාවේ  දිනපතා පළ වන මූල්‍ය පුවත්පතක් වන El Financiero උපුටා දක්වමින් The Hindu හි ක්‍රීඩා පුවත් වෙබ් අඩවියක් වන Sports Star වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, ආර්ජන්ටිනා මහ බැංකු නිලධාරීන් විසින් පවත්වා ඇති රැස්වීමකදී මෙසීගේ පින්තූරය නෝට්ටුවට ඇතුළත් කිරීම පිළිබඳ අදහසක් “විහිළුවට” මෙන් ඉදිරිපත් කර ඇති බවයි. එපමණක් නොව, El Financiero වාර්තා කළේ, මෙම රැස්වීම ආර්ජන්ටිනා-ප්‍රංශ අවසන් තරඟයට පෙර සිදු වූ අතර එය විහිළුවක් මිස සැබෑවක් නොවන බවයි.

    එමෙන්ම මෙය ආර්ජන්ටිනාවේ මහ බැංකුවේ සාමාජිකයින් විසින් විහිළුවට යෝජනා කරන ලද අතර, Boca Juniors හි දැඩි ආධාරකරුවෙකු වන Lisandro Cleri සහ Independent හි අනුගාමික Eduardo Hecker වැනි වඩාත් උද්යෝගිමත් අධ්‍යක්ෂවරුන් මීට එකඟ වූවත් මෙසීගේ මුහුණත රැගත් එරට මුදල් නෝට්ටුවක් පළ වී නොමැති අතර එය මහ බැංකු නිලධාරීන් අතර පැවති හමුවේ හුදෙක් විහිළුවට කළ යෝජනාවක් පමණකි. මේ පිළිබඳ පළ වූ එරට El Financiero සම්පූර්ණ වෙබ් වාර්තාව මෙතනින්. Archived Link

    මේ පිළිබඳ වැඩිදුර සිදු කළ විමර්ශනයේදී අපට දැක ගන්නට ලැබුණේ, දෙසැම්බර් 22 වැනි දින ලතින් ඇමරිකාවේ Bloomberg Línea හි වෙබ් අඩවිය විසින් පෙන්වා දී ඇත්තේ, මෙසීගේ ඡායාරූපය ඇතුළත් කළ මුදල් නෝට්ටුවක් නිර්මාණය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සඳහා සලකා බලන බවට පළ වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවට ආර්ජන්ටිනාවේ බලධාරීන් පවසා ඇති බවයි. එමෙන්ම ආර්ජන්ටිනා ජනරජයේ මහ බැංකුවේ (BCRA) සහ මින්ට්, Casa de la Moneda මූලාශ්‍ර ලෝක ශූර කණ්ඩායමේ නායකයාගේ රූපය සහිත බිල්පතක් මුද්‍රණය කිරීමෙන් ප්‍රගතියක් ලබා ගත හැකි බවට ඇති හැකියාව ප්‍රතික්ෂේප කර ඇති බවට එම වාර්තාවෙන් පෙන්වා දෙනු ලබයි.

    bloomberglinea | Archived Link

    තවදුරටත් අපි ආර්ජන්ටිනා ජනරජයේ මහ බැංකුවේ (BCRA) වෙබ් අඩවිය පරීක්ෂා කළ අතර අවසන් ආර්ජන්ටිනාවේ පෙසෝ 1000 මුදල් නෝට්ටුව නිකුත් කර ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේදී බව විමර්ශනය වුණා. ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව, එම නෝට්ටුවේ ආර්ජන්ටිනාවේ ජාතික පක්ෂියා වන Rufous hornero වේ. ඒ පිළිබඳ මෙතනින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ආර්ජන්ටිනා රජය විසින් මෙසී වෙනුවෙන් පෙසො 1000ක් වටිනාකමින් යුත් විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කර ඇති බව ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත අසත්‍ය බවයි. ආර්ජන්ටිනා මහ බැංකු නිලධාරීන් විසින් පවත්වා ඇති රැස්වීමකදී මෙසීගේ පින්තූරය නෝට්ටුවකට ඇතුළත් කිරීම පිළිබඳ අදහසක් “විහිළුවට” යෝජනකා කර ඇති බවයි. එමෙන්ම ආර්ජන්ටිනා ජනරජයේ මහ බැංකුවේ (BCRA) නිලධාරීන් ද, මෙම පුවත අසත්‍ය බවට තහවුරු කර තිබේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.