Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පොල්දූව මංසන්ධිය අසළ ඇති වූ ගැටුමේදී බරපතල තුවාල ලැබූ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට?

    2022-07-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්

    බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඊයේ දින කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ රණවිරුවා මිය යයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් සංසරණය වී තිබූ අවස්ථා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link| Archived Link

    සෙබලා ගේ ඡායාරුපයක් ද සමඟ ඔහුට නිවන් සුව පතා සටහන් හුවමාරු වී තිබුනේ මෙලෙසින්

    Facebook | Archived

    සත්‍ය වශයෙන්ම ඊයේ(13) දින සිදුවූ ප්‍රහාරය හමුවේ හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වූවාද යන්න පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය අසළ (පාර්ලිමේන්තු වටරවුමේ දී) ඊයේ (13) සවස විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ කලහකාරී තත්වය හමුවේ, දෙපාර්ශවයේ ම පිරිස් තුවාල ලබා රෝහල් ගත කර තිබුණා.

    එසේම එම අවස්ථාවේ දී යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කර ඇති බවට හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසනවා. හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, කිසියම් පිරිසක් විසින් එම සෙබළුන් දෙදෙනාගේ හිසට හා මුහුණට යකඩ පොලු වලින්, සිහිසුන් වන තුරු ඉතා  අමානුෂික ලෙස දරුණු පහරදීමක් සිදු කර ඇති බවයි. එමෙන්ම ඔවුන් සතුව තිබූ ටී-56 ගිනි අවි දෙකක් පැහැගෙන ගොස් ඇති බවද, සඳහන් කර තිබුණා. එම නිවේදයන පහතින්.

    කෙසේ වෙතත් එලෙස අනතුරට භාජනය වූ සෙබළුන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පිළිබඳ අප නිරීක්ෂණය කළත්, එවන් පුවතක් දැක ගන්නට නොලැබුණි. එසේ පහරකෑමට ලක්වූ හමුදා සෙබළා සහ පොලිස් නිලධාරියාගේ දර්ශන මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්

    ඒ හේතුවෙන් මේ පිළිබඳ අප හමුදා මූලස්ථානයේ මාධ්‍ය ඒකකයෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එම පුවත අසත්‍ය බවත්, බරපතල තුවාල ලැබූ එම හමුදා සෙබළුන් දෙදෙනා මේ වන විට නාරහෙන්පිට හමුදා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාශය මගින්ද, නිවේදනයක් නිකුත් කර තිබුණා.

    Media-on-2022.07.14-at-0720

    මේ අතර ඊයේ පැවති ගැටුම් හේතුවෙන් මේ වන විට පිරිමි පුද්ගලයන් පුද්ගලයින් හැත්තෑ නවයක්, කාන්තාවන් පස්දෙනෙක්, පොලිසියේ නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදාවේ එක් සෙබලෙකු සහ ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පහර දීම්වලින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා බවට කොළඹ ජාතික රෝහල පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ඊයේ(13) රාත්‍රියේදී බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය අසළ විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුමේදී බරපතල ලෙස තුවාල ලැබූ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි. හමුදා මූලස්ථානයේ මාධ්‍ය ඒකකය මෙන්ම, පොලිස් මාධ්‍ය කොට්ඨාශය ද, ඒ බව තහවුරු කරයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.