Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පාස්පෝට් පෝළිමේදී උපත ලැබූ බිළිඳිය මිය ගියා ද?

    2022-07-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අද (ජුනි 07) දිනය ආරම්භයත් සමඟම, පාස්පෝට් පෝළිමේ ගර්භනී මවක් දරුවෙකු ප්‍රසුත කළ පුවත බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවතක්ෂයට පත් වූ බවට පුවත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සැබවින්

    අද (ජුනි 07) දිනය ආරම්භයත් සමඟම, පාස්පෝට් පෝළිමේ ගර්භනී මවක් දරුවෙකු ප්‍රසුත කළ පුවත බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවතක්ෂයට පත් වූ බවට පුවත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    සැබවින්ම එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වුණාද? මේ පිළිබඳව කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අද දින (07) පෙරවරුවේ ආගමන හා විගමන කාර්යාලය වෙත පැමිණ සිටි ගර්භනී මවක් පෝලිමේ සිටිනා අතරතුරදී ඇගේ දරු ප්‍රසූතිය සිදුවී ඇති අතර, එම බිළිඳා පස්වරු 4.15 ට පමණ මියගොස් ඇති බව වාර්තා වේ.”   යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක්ද, මෙම පුවත පළ කර තිබුණේ මෙලෙසින්. Archived Link

    Facebook | Archived Link

    එමෙන්ම එම දරුවාගේ සහ දෙමව්පියන්ගේ ඡායාරූපයක් බවට හඟවමින් දරුවෙකු භූමදානය සිදු කරන ඡායාරූපයක් සමගින් මෙම තේමාවෙන් ඡායාරූප සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එමෙන්ම ෆේස්බුක් පරිශීලකයින් අතර මෙම සටහන බහුලව සංසරණය වූ අයුරු පහතින්.

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අද (07) උදෑසන බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි, දින කිහිපයක් පෝලිමේ සිටි ගැබිනි කාන්තාවක්, එහි වැසිකිළියට ගොස් සිටියදී ප්‍රසූත වේදනාවෙන් පෙළී ඇති බවත් දරුවා ප්‍රසුත වෙමින් තිබූ අතර එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි යුධ හමුදා නිලධාරීන් ඇයව බොරැල්ල කාසල් වීදියේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා. එම අවස්ථාවේ ලබා ගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ මෙලෙසින්.

    https://twitter.com/PrabodaYatagama/status/1544914302477426688

    කෙසේ වෙතත් මේ පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබූ අතර එහිදී සඳහන් වූයේ, එම මව සහ දරුවා සුවෙන් පසුවන බවයි. ප්‍රධාන මාධ්‍ය ඔස්සේද, එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    එලෙස ඉපදුණු දියණිය ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, රෝහලේදී දරු ප්‍රසුතිය සිදු වන අවස්ථාවේදීම එම දරුවා මරණයට පත් වූ බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වූ සටහන් වල දක්නට ලැබුණා.

    නමුත් ප්‍රධාන මාධ්‍ය ධාරා ප්‍රවෘත්ති විකාශයේදී සඳහන් කෙරුණේ, එම දියණිය, බොරැල්ල කාසල් වීදියේ රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බවයි. නමුත් එම දරුවා මිය ගිය බවට අනෙකුත් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර නොතිබුණි.

    මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප බොරැල්ල කාසල් වීදියේ රෝහලින් විමසීමක් (අද රාත්‍රී 10ට පමණ) සිදු කළා. රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කළේ එම දරුවා බොරැල්ල කාසල් වීදියේ රෝහලේ දී ජීවිතක්ෂයට පත් වී ඇති බවට පැතිරෙන තොරතුරු අසත්‍ය බවත්, එම දරුවා මේ වන විටත් රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ගන්නා බවයි.

    එම දරුවාගේ භූමදාන කටයුතු සිදු වන බවට හැඟවෙන පරිදි එසේම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සම්බන්ධයෙන් ද, අප නිරීක්ෂණයක් සිදු කළා. එහිදී අපට දැකගන්නට ලැබුනේ 2019 අප්‍රේල් මස කිතුනු දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මිය ගිය දරුවන් පිලිබඳ පුවතක් සම්බන්ධනේ එම ඡායරුපය 2019 අප්‍රේල් මස මෙසේ පළකර තිබු බවයි.

    Allasiaweb | Archived Link

    එමෙන්ම මෙම ඡායාරූපය පසුගිය මාසයේ දී හුවමාරු වූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අද( ජුනි 07) දින බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ප්‍රසුත කළ දරුවා මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.

    එම දරුවා මේ වන විට බොරැල්ල කාසල් වීදියේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ගන්නා බවත් එම බිළිඳිය ජීවතක්ෂයට පත් වූ බවට පැතිරුණු ප්‍රචාර අසත්‍ය බවත් එම රෝහලේ කාර්ය මණ්ඩලය අපට තහවුරු කළා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.