Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    බේකර්ස් බෙන්ඩ් හි (Bakers Bend) ඡායාරූපයක් ද?

    2022-10-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්වභාව සෞන්දර්ය ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනවා. මේ හේතුවෙන් ජනතාව අතරට මෙම ඡායාරූප ගෙන යාම සඳහා මෙම ඡායාරූප යම් යම් සංස්කරණයට භාජනය කරමින් ජනතා ආකාර්ෂණය ඇඳ බැඳ තබා ගැනීමට ද ඡා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ස්වභාව සෞන්දර්ය ඡායාරූප වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වනවා. මේ හේතුවෙන් ජනතාව අතරට මෙම ඡායාරූප ගෙන යාම සඳහා මෙම ඡායාරූප යම් යම් සංස්කරණයට භාජනය කරමින් ජනතා ආකාර්ෂණය ඇඳ බැඳ තබා ගැනීමට ද ඡායාරූප ශිල්පීන් උත්සුක වෙනවා. මෙවැනි ඡායාරූපයක් ඔස්සේ නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    බෙලිහුල් ඔය දර්ශනයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, මෙය සත්‍ය ඡායාරූපයක් ද, නැද්ද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වී ඇති බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    බෙලිහුල් ඔය මෙවැනි ස්ථානයක් දැක ගන්නට ලැබෙනවා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය සිදු කළා.

    ඒ අනුව මෙය, බලන්ගොඩ,බෙලිහුල්ඔය සිට නන්පේරියල් දක්වා තිබෙන මාර්ගයේ ඇති වංගුවක් වන ‘බේකස් වංගුව’ නැතහොත් ‘බේකස් බෙන්ඩ්’ ලෙස හඳුන්වන ස්ථානය බව තහවුරු වුණා. එම ස්ථානයේ පසුබිම දැක්වෙන වෙනත් කෝණවලින් පළ වී තිබූ ඡායාරූප සහ වීඩියෝ  මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ මුල් ඡායාරුපය ලබාගෙන තිබුනේ ශාලක ගමගේ නමැති ඡායාරූප ශිල්පියෙකු විසින් බව අපට දැක ගන්නට ට ලැබුණා. එම Bakers Bend හි මුල් ඡායාරූපය පහතින්. එම අවස්ථාවේ ඔහු වටපිටාව ඇතුළත්ව ලබාගත් තවත් ඡායාරුප එකතුවක් මෙතනින් වීඩියෝව මෙතනින්.

    Bakers Bend - Sri Lanka

    Nonpareil Trail හි සංචාරය කිරීම පිළිබඳව TripAdvisor මගින් පළකර තිබූ සටහනට ද මෙම ඡායාරූපය යොදාගෙන තිබුණේ මෙලෙසින්.

    නමුත් මෙම ඡායාරූපවල මෙන්ම ඉහත සහ වීඩියෝ වල පසුබිම නිරීක්ෂණය කිරීමේදී ද කඳු සහිත පසුබිමක් දක්නට ලැබුණ ද ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ පසුබිමට වඩා වෙනස් බව අපට දැක ගන්නට ලැබුණා.

    ඒ ඔස්සේ නැවත වරක් Reverse Image සෙවුමක් ඔස්සේ අපට පැහැදිලි වුයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ පසුබිම සංස්කරණය කළ Bakers Bend හි ඡායාරුපයක් බවයි. එම පසුබිම ඇත්ත වශයෙන්ම ලබාගෙන තිබුනේ HD Wallpaper එකක් ඇසුරෙන්. 

    wallpaperhi | Archived Link

    මුල් ඡායාරුපය , ඒ සඳහා යොදාගෙන තිබු පසුබිම් සේයාරුව සහ සංස්කරණය කළ ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බෙලිහුල්ඔය සිට නන්පේරියල් දක්වා තිබෙන මාර්ගයේ ඇති බේකර්ස් වංගුවේ ඡායාරූපයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ පසුබිම සංස්කරණය කර ඇති බවයි. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.