Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ගෞතම් ගාම්භීර් සහ මයිකල් ක්ලාක් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් පළ වන සටහන් අසත්‍යයි!

    2024-06-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව බරපතළ පරාජයකට ලක්වීමෙන් පසුව බොහෝ විවේචනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව බරපතළ පරාජයකට ලක්වීමෙන් පසුව බොහෝ විවේචනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වුණා. මේ අතර ගෞතම් ගාම්භීර් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    කොල්කටා නයිට් රයිඩර්ස්‌ කණ්ඩායමේ උපදේශක ගෞතම් ගාම්භීර් විසින් සම්මුඛ සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සිදු කළ අදහස් දැක්වීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් සංසරණය වුණා.

    මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී කණ්ඩායමක් කිරීමට ඔහුට අවස්ථාවක් ලැබුණොත් ඔහු විසින් ඒ සඳහා අනුගමනය කරන පියවරයන් පිළිබඳ පැවසූ බව ක් එම සටහන් වල වැඩිදුරටත් දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    Tiltok ඔස්සේ මේ පිළිබඳව වීඩියෝවක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Tiktok

    මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ශ්‍රී ලංකාව සමග බංග්ලාදේශයට තරඟයක් නොමැති බවට ගෞතම් ගම්භීර් විසින් සඳහන් කර ඇති බවට දක්වමින් තවත් සටහනක් පළ වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    තව ත් සටහනකින් දක්වා තිබුණේ, ඔස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාක් විසින් ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ විනය නොමැති බවට ප්‍රකාශයක් කර ඇති බවයි.

    Facebook | Archived Link

    මෙම සටහන් වල නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    නිමාවූ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකරගත් කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ගෞතම් ගාම්භීර් විසින් සත්‍ය වශයෙන් ම ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස ප්‍රකාශයන් සිදු කර තිබුණේ ද,යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළා. නමුත් එවැනි ප්‍රකාශයක් ඔහු විසින් සිදු කළ බවට මෙරට මෙන් ම ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවක හෝ ක්‍රීඩා පුවත් නාලිකාවක හෝ පළ කර නොතිබුණි.

    ගාම්භීර් විසින් මෑතකදී සහභාගි වූ වැඩසටහන් සහ සම්මුඛ සාකච්ඡා, එමෙන් ම Star Sports නාලිකාව හරහා ද අප සිදු කළ පරීක්ෂා කිරීමේදී තහවුරු වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් ඔහු විසින් සිදු කර නොමැති බවයි. ඒ බවට අප Factcrescendo ඉන්දීය කණ්ඩායම ද, තහවුරු කරමින් වැඩි දුරටත් පවසා සිටියේ, ගෞතම් ගාම්භීර් විසින් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ආකාරයේ ප්‍රකාශයන් සිදු කර නොමැති බවයි.

    මයිකල් ක්ලාක් විසින් ද, ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කර නොමැති බවට ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, ඔහුගේ සමාජ මාධ්‍ය ජාලා හරහා ද, ඔහු සහභාගි වූ වැඩසටහන් හරහාද පරීක්ෂා හරහාද, තහවුරු කර ගත්තෙමු.

    එමෙන් ම ගෞතම් ගාම්භීර් සහ මයිකල් ක්ලාක් විසින් සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයන් සිදු කර නොමැති බව ට මෙරට ප්‍රධාන ක්‍රීඩා ජනමාධ්‍යවේදීන් මෙන් ම ක්‍රීඩා විචාරකයින් විසින් ද, අප කළ විමසීමේදී තහුවරු කරනු ලැබුවා.

    2024 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2 කින් ජය ගැනීමට සමත් වුණා. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී අඛණ්ඩව පරාජය වූ දෙවන අවස්ථාවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ගෞතම් ගාම්භීර් සහ මයිකල් ක්ලාක් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු වේ. ඔවුන් විසින් එවැනි ප්‍රකාශයන් කළ බවට කිසිදු වැඩසටහනක හෝ කිසිදු ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක, වාර්තා නොවේ. එමෙන් ම මෙරට ප්‍රධාන ක්‍රීඩා මාධ්‍යවේදීන් මෙන් ම ක්‍රීඩා විචාරකයන් ද, තහවුරු කළේ, ගාම්භීර් සහ මයිකල් ක්ලාක් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල දැක්වෙන පරිදි ප්‍රකාශයන් සිදු කර නොමැති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.