
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
මේ දිනවල සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන වීඩියෝවක් කියා සිටින්නේ දුම්රිය ස්ථානයක සිටගෙන සිටියදී , Bluetooth හෙඩ් ෆෝනයක් භාවිතා කිරීම නිසා විදුලි සැර වැදී ඇද වැටුණු බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම මේ පිලිබදව සිදුකල කරුණු විමර්ශනයෙන් අනාවරණය වුවේ මෙම සමාජ ජාලා සටහන් අසත්ය බවයි.
සමාජ ජාලා සටහන්
BlueTooth භාවිතය සම්බන්ධයෙන් සමාජ ජාලා පරිශීලකයන් බියට පත්වන ආකාරයේ පෝස්ටු පැතිර ගියේ පහත අයුරින් .
“Bluetooth නිසා මරණයක් වෙන්නත් පුළුවන්ලු”
#Bluetooth #bluetoothspeaker #death
ඔහු බ්ලූටූත් ඉයර්පීස් ක්රියාත්මක කර තිබුණි, දුරකථනය නාද වන විට ඉයර්පීස් ක්රියාත්මක වූ අතර දුම්රිය මාර්ගයේ අධි වෝල්ටීයතා ධාරාව කන් පෙත්තට ආකර්ෂණය වී ඔහුගේ හිස හරහා ධාරාව ගමන් කළේය.
#පාඩම – අධි වෝල්ටීයතා ධාරාව අසල
BLUETOOTH EARPIECE භාවිතා නොකරන්න!
තවත් කෙනෙක් දැනුමත් කරන්න
මෙම වීඩියෝ ෆේස්බුක් තුළ බහුලව පැතිර තිබුණේ මෙලෙසින්.

මේ සම්බන්ධව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check ( සත්ය කරුණු විමසා බැලීම )
බ්ලූටූත් හෙඩ්ෆෝන් හරහා ඇති වූ අධි බලැති විදුලි සැර වැදීම මෙම අවාසනාවන්ත සිදුවීමට හේතු වූ බව වීඩියෝ පෝස්ට්වල සඳහන් වේ. එබැවින්, අපි වීඩියෝව හොඳින් විශ්ලේෂණය කළ අතර, එක් රාමුවක පහතින් නිරුපණය කර ඇති පරිදි, පුද්ගලයා මතට විදුලි රැහැනක් වැටෙනු අපි දුටුවෙමු.

අපි Invid We-Verify මෙවලම භාවිතයෙන් වීඩියෝ රාමු වල ප්රතිලෝම රූප සෙවීමක් ද (Reverse Image Search) කළෙමු. ඉන්පසුව අපට දැනගන්නට ලැබුණේ මෙම සිදුවීම මාසයකට පෙර එනම් 2022 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ඛාරාග්පූර් හි සිදු වූ බවයි.

2022 දෙසැම්බර් 8 වැනි දින බොහෝ ඉන්දීය මාධ්ය මෙම වීඩියෝවට අදාළ පුවත් පළ කර තිබිණි. ඇත්ත සිද්ධිය විස්තර කරන යූ ටියුබ් වීඩියෝවක් මෙතනින්.
මෙහි විදුලි සැර වැදී ඇද වැටෙන පුද්ගලයා දුම්රිය ප්රවේශපත්ර පරික්ෂකයෙකි. එහි දුම්රිය ප්රවේශපත්ර පරීක්ෂකවරයා (TTE) දුම්රිය වේදිකාවේ සිටගෙන සිටියේය. එහිදී අවාසනාවන්ත ලෙස ඔහුට ඉහළින් තිබූ විදුලි රැහැනක් ඔහු මතට කඩා වැටුණා. මෙහිදී ඇතිවූ කම්පනයෙන් දුම්රිය ප්රවේශපත්ර පරීක්ෂකවරයා දුම්රිය මාර්ගයට වැටී තුවාල ලබා තිබුණි. ඔහු නමින් සුජාන් සිං. පිළිස්සුම් තුවාල සහිතව ඔහු වහාම රෝහල් ගත කළ බව එම වාර්තාවල සඳහන් විය. කෙසේ වෙතත්, පසුව ඔහුගේ තත්ත්වය ස්ථාවර බව ප්රකාශ විය.
A freak accident – a long piece of loose cable, taken by a bird somehow came in contact with the OHE wire and the other end came down and touched a TTE's head. He suffered burn injuries but is out of danger and under treatment – at Kharagpur station yesterday afternoon! #Accident pic.twitter.com/ObEbzd1cOF
— Ananth Rupanagudi (@Ananth_IRAS) December 8, 2022
අනතුරට ලක්වූ පුද්ගලයාගේ විස්තර ඇතුළුව ඔහු රෝහලේ දී ප්රතිකාර ගන්නා ආකාරය දැක්වෙන ඡායාරූප, ඉන්දියාවේ සමාජ මාධ්ය ඔස්සේ පළකර තිබුනේ මෙලෙසින්.
මීට පෙර මෙම විදියෝවම ඉංග්රීසි බසින් විස්තරයක් සහිතව හුවමාරු වූ අතර ඒ පිළිබඳව FactCrescendo කණ්ඩායම ඉංග්රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්.
වාතය විද්යුත් පරිවාරකයකි, විශේෂිත තත්වයන් යටතේ වාතය හරහා විදුලිය ගමන් කළ හැකි නමුත් මේවා ඉතා දුර්ලභය
අප කවුරුත් දන්නා පරිදි වාතය පරිවාරකයක් ලෙස හැඳින්වේ. නමුත් ආරෝපණ ප්රමාණය විශාල නම් සහ ගමන් කිරීමට ඇති දුර කුඩා නම් වාතය මගින් විදුලිය ගමන් කිරීමට ඉඩ සලසයි. එවැනි ස්වභාවික තත්වයක් වන වායුගෝලීය අකුණු තත්වයක දී, කෙටි කාලයක් තුළ ඉතා අධික ආරෝපණයක් වාතය හරහා ගමන් කරයි. මෙය විදුලි විසර්ජනයක් (Electrical discharge) ලෙස හැඳින්වේ. මේ ගැන වැඩි විස්තර මෙතැනින්
වාතය හරහා විදුලිය ගමන් කළ හැකි තවත් අවස්ථා තිබේ. බිඳවැටීමේ වෝල්ටීයතාව (BreakDown Voltage) මඟින් පරිවාරකයක් හරහා යම් විදුලියක් සන්නයනය බල කිරීමට අවශ්ය අවම වෝල්ටීයතාවය තීරණය කරයි. වාතය සඳහා මෙම බිඳවැටීමේ වෝල්ටීයතාවය 20 kV සිට 75 kV පමණ වේ. මේ අගයට වඩා වැඩි වෝල්ටීයතා ඇති විට ඇතැම් අවස්ථාවලදී වාතය හරහා විද්යුතය සන්නයනය විය හැක .
එසේම ඇත්තටම හෙඩ්ෆෝන් එකකට විදුලි සැර වැදිය හැකිද? විදුලි සැර වැදීමේ යම් අවම සම්භාවිතාවක් (විශේෂයෙන්ම රැහැන්ගත හෙඩ්ෆෝන් හරහා) තිබුණද, එවැනි අවස්ථා ඉතාමත්ම දුර්ලභය. ජංගම දුරකථන චාර්ජ් කිරීම අතරතුර දී, දිගු වේලාවක් සංගීතයට සවන් දීමෙන් හෝ කතා කිරීමෙන් වළකින ලෙස සෞඛ්ය බලධාරීන් උපදෙස් දෙන්නේ මේ හේතුවෙන් වන අතර නොවැළැක්විය හැකි අවස්ථාවන්හිදී Power Bank භාවිතා කිරීම නිර්දේශ කරයි. මේ ගැන වැඩි විස්තර මෙතනින් සහ මෙතනින්
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම අනුව තහවුරුවුවේ මෙම වීඩියෝවේ දී සැබැවින්ම සිදුවන්නේ දුම්රිය ස්ථානයේ සිටි ටිකට් පරීක්ෂකවරයාගේ සිරුර මතට ඉහලින් තිබූ විදුලි රැහැනක් කඩා වැටී ඔහුට විදුලි සැර වැදී රේල්පාරට ඇද වැටුණු බව සහ එමගින් ඔහු තුවාල ලැබූ බවයි. ඔහු විසින් බ්ලුටූත් හෙඩ් ෆෝනයක් එම අවස්ථාවේ භාවිතා කොට නොමැති අතර ඔහුට සිදුවූ අනතුර සහ බ්ලුටූත් හෙඩ් ෆෝන් අතර කිසිදු සම්බන්ධයක් නැත .
Read Also : බ්ලූටූත් හෙඩ්ෆෝන් පිළිකා අවදානම වැඩි කරන තරංග නිකුත් කරනවාද ?


