Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය හරීන්ටත් මලක් පිදු අවස්ථාවක් ?

    2022-04-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මීට සති කිහිපයකට පෙර, අරගල භූමියක දී, තරුණියක් විසින් රතු රෝස මලක් පොලීසිය වෙත ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතා බහට ලක් වූ දර්ශනයක් වූවා. ඉන් අනතුරුව ඇය විසින්ම මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට පසුගිය දා කහ පැහැති මලක් පිදු බවක් හඟවමින් සමාජ මාධ

    මීට සති කිහිපයකට පෙර, අරගල භූමියක දී, තරුණියක් විසින් රතු රෝස මලක් පොලීසිය වෙත ලබාදීමේ සිදුවීමක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් සේ කතා බහට ලක් වූ දර්ශනයක් වූවා. ඉන් අනතුරුව ඇය විසින්ම මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ට පසුගිය දා කහ පැහැති මලක් පිදු බවක් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පෙළක් හුවමාරු වූ අතර එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “එදා මල් නංගී අද” යන තේමාවෙන් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණා. පසුගියදා අරගල බිමකදී පොලීසියට රෝස මලක් ලබා දුන් තරුණියම, මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට කහ පැහැති මලක් ලබා දුන් බවට මෙම ඡායාරූප සටහන් වලින් හඟවා තිබුණා.

    Facebook | Archived Link

    තවත් සටහනක් පහතින්.

    Facebook | Archived Link

    ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම ඡායාරූපවල දැක්වෙන්නේ එකම තරුණියක්ද? නැත්නම් තරුණියන් දෙදෙනෙක්ද? මේ ඒ පිළිබඳව අප කළ විමර්ශනයයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    පසුගිය අප්‍රේල් 08 වන දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුම අසළ පොල්දූව මංසන්ධියේදී සංවිධානය කර තිබූ විරෝධතාව අතරතුර තරුණියක් රතු රෝසමලක් ගෙන ගොස් පොලිස් නිලධාරියකුට ලබා‍ දෙන දර්ශනය සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා තුළද කතා බහට ලක් වුණා. එම අවස්ථාව පහතින්.

    මෙම තරුණිය රාගම වෛද්‍ය පීඨයේ කසුන්සලා ගිම්හානි බවට සමාජ මාධ්‍ය ඔස්සේ අප කළ නිරීක්ෂණයේදී හඳුනා ගනු ලැබුවා.

    ඇය මෙම සිදුවීම සම්බන්ධයෙන් කිසිදු ඡායාරූපයක් සිය ෆේස්බුක් ගිණුමේ පළ නොකළත්, ඇයගේ මෙම ක්‍රියාව හරහා බොහෝ පිරිසක් විසින් ඇය පැසසුමට ලක් කරමින් එම ඡායාරූපය බෙදාගෙන තිබුණා.

    නැවතත් කසුන්සලා ගිම්හානි කරළියට පැමිණියේ ඇයි?

    එම උණුසුම වියැකෙන්නටත් කලින්, ඇය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ නැවතත් කතිකාවතක් ගොඩ නැගෙන්නට වූයේ, ඇයගේ හැඩරුවට සමාන ලෙස එදා පොලීසිය වෙත රතු රෝස මලක් ලබා දුන් අවස්ථාවේ ඇය ඇඳ පැළඳ සිටි ආකාරයේම සහ එම වර්ණයට ද සමාන අයුරින් ඇඳ පැලඳ සිටි තරුණියකගේ ඡායාරූපයක් ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමගයි. 

    මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සමගින් දැක්වෙන එම ඡායාරූපය සම්බන්ධයෙන් අප නිරීක්ෂණයක යෙදුණා.

    එහිදී නිරීක්ෂණය වුයේ ඊයේ (21) දිනයේදී කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් “අරගලය : අපේක්ෂාවේ සත්‍ය ක්‍රියාව” යන තේමාවෙන් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයකදී කසුන්සලා ගිම්හානි එදා පොලීසියට රතු රෝස මලක් ලබා දුන් අවස්ථාවේ ඇඳ පැළඳ සිටි ආකාරයටම සැරසුණු තරුණියක් විසින් කහ පැහැති මලක් එහි රැස්ව සිටි පිරිසට බෙදෙන ආකාරයයි.

    මෙම සත්‍ය ග්‍රහය අතර එම තරුණිය විසින් කහ පැහැති මල්, ඊට සහභාගී වූ සියලුම දෙනාට පාගේ බෙදෙන අයුරු මෙම වීඩියෝවෙන් දැකගනන්ට දා  පුළුවන්.

    Archived Link

    මේ සදහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ දේශපාලන නායකයෝ රැසක් සහභාගී වී තිබු අතර ඒ සෑම දෙනාටම ද, හරීන් ප්‍රනන්දුරට ලබාදුන් ආකරයකට, එම තරුණිය විසින් කහ පැහැති මලක් ලබා දුන් අයුරු දිස්වේ. එමෙන්ම ඇය පසුපස මල් රැගෙන, එම සත්‍යග්‍රහය සංවිධානය කළ පිරිසට අයත් යැයි උපකල්පනය කළ හැකි කාන්තාවක්ද ඇය සමගින් ගමන් කරන ආකාරයක් ඉහත වීඩියෝවේදී දැක ගැනීමට හැකිවේ.

    එමෙන්ම එම අවස්ථාව මෙහෙය වන නිවේදක, නිවේදිකා දෙපළ විසින් පවසන්නේ “සතුට සහ ආදරයේ පණිවිඩය රැගත් කහ පැහැති මල් අරගලය වෙනුවෙන් වේදිකා මත පුදන ලෙස” සියලුම පාර්ශව වලට ආරාධනා කරන අතර එහිදී රැස්ව සිටි දේශපාලඥයින් මෙන්ම සියලු ජනයාද එම මල් වේදිකාව මත පුදනු ලබවයි එම අවස්ථාව පහත පරිදි දැක ගන්නට ලැබෙනවා.

    මේ හේතුවෙන් බොහෝ දෙනෙක් උපකල්පනය කර තිබුණේ එදා පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය විසින් මෙම ක්‍රියාවේ යෙදුණු බවයි. 

    කසුන්සලා ගිම්හානිගේ ප්‍රතිචාරය

    පසුගිය අප්‍රේල් 8 වැනිදා පොලීසිය වෙත රතු රෝස මලක් ලබා දුන් තරුණිය වන කසුන්සලා ගිම්හානි විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරමින් සඳහන් කර තිබුණේ, තමන් විසින් එලෙස හරින් මන්ත්‍රීවරයාට මලක් ලබා නොදුන් බවත්, එහි සිටින්නේ තමන් නොවන බවත් ය.

    Facebook | Archived Link

    එසේම මෙම සමාජ මාධ්‍ය සටහන් මඟින් ඉස්මතු කරන අවස්ථා දෙකෙහි සිටින්නේ තරුණියන් දෙදෙනෙක් බවට ඇතැම් පිරිස් හඳුනා ගත් බවට එම පිරිස දක්වා තිබූ ෆේස්බුක් සටහන් වලින් පෙනුණා. එම ෆේස්බුක් සටහන් කිහිපයක් මෙතනින්, මෙතනින්, සහ මෙතනින්.

    එමෙන්ම කසුන්සලා ගිම්හානී පසුගිය අප්‍රේල් 08 වන දා ඇඳ පැළඳ සිටි ආකාරය අනුගමනය කරමින් අපේක්ෂාවේ සත්ක්‍රියාවේ අවස්ථාවේ පෙනී සිටි තරුණිය ඇඳ පැළඳ සිටි ආකාරයේ වෙනස් කම් කිහිපයක් අපෙගේ ද ඇස ගැටුණේ මෙලෙසින්. එමෙන්ම එම තරුණිය සිය අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වන සේ හිස් වැසුමක්ද පැළඳ සිටියා.

    කෙසේ වෙතත් අප මේ පිළිබඳව විමසීමට සැබෑ දේශප්‍රේමි ෆේස්බුක් නිල පිටුව හරහා මෙම සත්‍යග්‍රහය සංවිධායක කමිටුවෙන් අයෙක් දුරකතන මාර්ගය ඔස්සේ සම්බන්ධ කර ගත් අතර ඔවුන් සඳහන් කළේ, ඊයේ දිනයේදී මෙම අවස්ථාවට සහභාගී වූ තරුණිය පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වූ පොලීසිය වෙත මලක් ලබා දුන් තරුණිය නොවන බවයි.

    මෙම සිදුවීම පිලිබඳ අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ, එම සඳහා දේශාපලන පක්ෂ රැසක නියෝජිතයින් රැසක් පැමිණ තිබු බවයි. දිවංගත මංගල සමරවීර මහතා පිළිබඳව තිබෙන ඉමහත් ආදරයත්, ගෞරවයත් හේතුකොටගෙන තමා ද එම වැඩටහන සඳහා සහභාගී වූ බවත් ඇතුළුව ඔහු කරුණු දක්වා තිබු ෆේස්බුක් සටහන මෙලෙසින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ පසුගියදා අරගල භූමියේදී පොලීසිය වෙත රතු රෝස මලක් ලබා දුන් තරුණිය විසින් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට පාස්කු දින ප්‍රහාරයට වසර 3ක් පිරීම හේතුවෙන් පැවති විරෝධතාවයකදී  කහ පැහැති මලක් ලබා දුන් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, පළමු ඡායරූපයේ දැක්වෙන තරුණිය වන කසුන්සලා ගිම්හානි නොවන අතර එම අවස්ථාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබූ විරෝධතාවක් ද නොවන අතර  හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ජන්ම දින නිමිත්තෙන් ඊයේ (21) “අරගලය : අපේක්ෂාවේ සත්‍ය ක්‍රියාව” යන තේමාවෙන් සංවිධානය කර තිබූ වැඩසටහනේ දී එම සංවිධායකයන් විසින් යොදාගත් වෙනත් තරුණියකි. එසේම මෙහිදී මන්ත්‍රී හරීන්ට පමණක් නොව, මෙම වැඩසටහනට සහභාගී වූ සියලුම දෙනාට එම තරුණිය විසින් කහ පැහැති මලක් බෙදා දී තිබුණා.

    Avatar

    Title:පොලීසියට රතු රෝස මලක් ලබා දුන් තරුණිය හරීන්ටත් මලක් පිදු අවස්ථාවක් ?

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.