Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සජිත්ගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාසගේ ඡායාරූපක් ද ?

    2022-11-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ කාලවකවාණු වලදී ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සහ ඡායාරූප යොදාගනිමින් පක්ෂ, විපක්ෂ මතිමතාන්තර ජනගත කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනු නිතර දැකගන්නට ලැබෙනවා. එවැනි කාලවකවාණුවක දී පළ කරන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    මැතිවරණ කාලවකවාණු වලදී ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සහ ඡායාරූප යොදාගනිමින් පක්ෂ, විපක්ෂ මතිමතාන්තර ජනගත කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනු නිතර දැකගන්නට ලැබෙනවා. එවැනි කාලවකවාණුවක දී පළ කරනු ලැබූ, වර්තමානයේ ද හුවමාරු වෙමින් පවතින නොමග යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳව අප කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “බුදු දහමට නිගරු කරන සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය දුලංජලී ප්‍රේමදාස” යනුවෙන් සඳහන් කරමින් පළවූ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුනේ පහත අයුරින්. 

    Facebook | Archived Link

    මෙහි සිටින්නේ, සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලංජලී ප්‍රේමදාස බව අදහස් කරමින් 2015 මැතිවරණ සමයේ පළකර තිබු ඉහත සටහන මේ වන විට 38,000කට අධික ෆේස්බුක් පරිශීලකයින් ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබුණා.

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් දැක ගන්නට ලැබුණේ එම ඡායාරූපයේ සිටින්නේ, දුලංජලී ප්‍රේමදාස මහත්මිය නොවන බවට බොහෝ  දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. 

    එමෙන්ම තවත් පිරිසක් මෙම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට ද, උපකල්පනය කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    දුලංජලී ප්‍රේමදාස මහත්මිය 1969 වසරේදී උපත ලබා ඇති අතර මෙම ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී ද, දැක ගන්නට ලැබෙන්නේ, දුලංජලී ප්‍රේමදාස මහත්මියගේ තරුණ කාලයේදී ලබා ගත් ඡායාරූපයක් නොව මෑත වර්ෂයකදී ලබා ගත් ඡායාරූපයක් බවයි.

    සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණියගේ තරුණ අවධියේ ඡායාරූප කිහිපයක් පහතින්.

    Dailynews | Archived Link

    මෙම ඡායාරූප පරීක්ෂා කිරීමේදී ද, පෙනී යන්නේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වී තිබූ ඡායාරූපය දුලංජලී ප්‍රේමදාස මහත්මියගේ නොවන බවයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්, රජිත කුමාර මහතාගෙන් ද විමසීමක් සිදු කළා. ඔහු තහවුරු කළේ ද, එම ඡායාරූපයේ සිටින්නේ ප්‍රේමදාස මහතාගේ නැගණිය දුලංජලී ප්‍රේමදාස මහත්මිය නොවන බවයි.

    ඉන් අනතුරුව අප ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු තරුණියගේ ඡායාරූපය Reverse Image සෙවුමකට යොමුකළ අතර එහිදී දැකගන්නට ලැබුණේ” එම ඡායාරූප ඇතුළු තවත් ඡායාරූප පෙළක් 2009 වසරේ සිට හුවමාරු වෙන බවයි. 

    එමෙන්ම අදාළ තරුණියගේ විස්තර අප මෙහි පළ නොකළේ එමගින් වසර 13ක් පැරණි සිදුවීමක් පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී එමගින් ඇයගේ පුද්ගලිකත්වයට හානියක් සිදුවීමේ අවදානමක් පවතින බැවින්.

    එම තරුණියගේ පසුකාලීනව ලබාගත් ඡායාරූපයක් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියගේ ඡායාරූප සංසන්දනයක් පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සජිත් ප්‍රේමදාස මහතාගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාස මහත්මියගේ තරුණ කාලයේ ඡායාරූපයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ මෙම ඡායාරූපයේ සිටින්නේ එම මහත්මිය නොව වෙනත් තරුණියක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-11-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.