දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දැන හෝ නොදැන ඇතැම් දේශපාලන චරිත විසින් ආණ්ඩුව විවේචනය කිරීමට ඉදිරිපත් කරන දත්තයන් නිවැරදි නොවන බැවින් ඒ ඔස්සේ සමාජය නොමග යනු ලබනවා. ඒ ආකාරයෙන් ආණ්ඩුව රු.ට්රිලියන 1.22ක මුදල් මුද්රණය කර ඇති බවට දක්වමින් පළ වූ වාර්තාවක් පිළිබඳ සත්ය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“ආණ්ඩුව රු.ට්රිලියන 1.22ක සල්ලි අච්චු ගහලා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ සටහනක් පළ කර තිබුණේ, ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ රජිත කීර්ති තෙන්නකෝන් මහතා විසින්.
2024 ඔක්තෝබර් සිට 2025 ජුනි දක්වා ශ්රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක් (හෙවත් රු. ට්රිලියන 1.2) ක් අච්චු ගසා ඇති බවත් ජාත්යන්තර මූල්ය අරමුදල සමග වන එකඟතා කඩකරමින් මුදල් අච්චු ගැසීම නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා රට යොමුවීමේ ආරම්භය විය හැකි බවත් එහි මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ජාත්යන්තර මූල්ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජුනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇත. 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර එය පළමු මාස හය තුළ මසක දී අච්චු ගැසූ වැඩිම මුදලයි. ගෝඨාභය පාලන සමයේ දී අසීමිත මුදල් අච්චු ගැසීම හේතුවෙන් (උදා.2022 අප්රේල් මැයි පුළුල්වීම 17%-20%) ආර්ථිකයට මහත් විනාශයක් සිදුවිය. රටේ මූල්ය අර්බුදයක් ඇති නොවීමට සුදුසු පියවර ගැනීම පාර්ලිමේන්තුවේ හා මහ බැංකුවේ ඒකාබද්ධ වගකීමකි යැයි ද එහි දැක්වේ.
මෙම සටහන් බහුලව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
|
|


