Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ ඡායාරූපයක් ද?

    2025-03-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව අවධානයට ලක් වූ වීඩියෝවක් වන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ දී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ වීඩියෝවකි. මෙම සිදුවීමේ අවස්ථාවක් ලෙසට පෙන්වා දෙමින් එ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව අවධානයට ලක් වූ වීඩියෝවක් වන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ දී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ වීඩියෝවකි. මෙම සිදුවීමේ අවස්ථාවක් ලෙසට පෙන්වා දෙමින් එම පුද්ගලයාගේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.ි

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නොසන්සුන්කාරී අයුරින් හැසිරුණු පුද්ගලයා බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ඉහත ඡායාරූපය භාවිත කරමින් බොහෝ පිරිසික් මෙම සිදුවීම වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සත්‍ය පුද්ගලයා ද, යන්න පිළිබඳ අප පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් එහි දේපලවලට හානි කරන පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. එම වීඩියෝව පහතින්.

    Archived Link

    මෙම වීඩියෝව ට සම්බන්ධ සිදුවීම වාර්තා කිරීමේදී, එලෙසින් කළහකාරි ලෙස හැසිරෙන පුද්ගලයා බවට බොහෝ පිරිසක් ඉහත ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ වාර්තා කර තිබීමට හේතු වුයේ, එම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරුවෙන වීඩියෝවේ දැක්වෙන පුද්ගලයා ද ලා පැහැති කමිසයක් සහ කොළ පැහැති සරමක් ඇඳ සිටින බැවින් බව අනුමාන කිරීමේ හැකියාව පවතී.

    කෙසේනමුත්, ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් අදාළ පුවත වාර්තා කිරීමේදී අදාළ සිදුවීමට සම්බන්ධ සත්‍ය පුද්ගලයා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඉහත ඡායාරූපය යොදාගෙන නොතිබුණි. එමෙන්ම එම පුද්ගලයා සම්බන්ධ පැහැදිලි ඡායාරූපයක් ද, වාර්තා දක්වා නොතිබුණි.

    එමෙන්ම සත්‍ය සිදුවීමේ වීඩියෝවේ දැක්වෙන පසුබිම ඉහත ඡායාරූපයේ දැක්වෙන පසුබිමට වඩා වෙනස් බව දැක ගන්නට ලැබේ.

    එමෙන් ම එම ඡායාරූපය හොඳින් පරීක්ෂා කිරීමේදී, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයාගේ දෙපා පිහිටීම, දෙපා වීදුරු මත තිබෙන පිහිටීම, පිහිය අල්ලා සිටින ආකාරය, පුටුව අල්ලා සිටින ආකාරය එමෙන් ම පසුපස සිටින මිනිසුන්ගේ මුහුණු වල අපහැදිලි බව වැනි ප්‍රධාන වශයෙන් අස්වාභාවික පිහිටීම් දැක ගැනීමට හැකි වන අතර එය AI නැත්නම් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවට පෙනී යයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා අප AI හඳුනාගැනීමේ මෙවලමකට යොමු කරනු ලැබුවා. එහි ලැබුණු ප්‍රතිඵල අනුව ද, තහවුරු වූයේ එම ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි.

    එමෙන් ම මේ ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කර තිබූ ජානක සෙනෙවිරත්න නමැති පුද්ගලයා විසින් සිය ෆේස්බුක් පිටුවක මේ පිළිබඳ සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන් ම මේ පිළිබඳව අප ඔහුගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත ඡායාරූපය හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වූ සිදුවීම පාදක කර ගනිමින් තමන් AI ඔස්සේ සිදු කළ ඡායාරූපයක් බව යි. 

    කෙසේ වෙතත් එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූපය තමන් සතුව ඇති බව ත්, එය එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මිතුරෙකු තමන්ට යොමු කළ බව ත්, නමුත් එම සත්‍ය ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා තමන් ප්‍රසිද්ධ නොකළ අතර ඒ වෙනුවට මෙම ඡායාරූපය නිර්මාණය කළ බව ත් ඔහු සඳහන් කළා. ඔහු සතුව තිබෙන අදාළ පුද්ගලයාගේ ඡායාරූපය ද, ඔහු අප වෙත යොමු කළ අතර එය පරීක්ෂා කිරීමේදී ද, AI ඔස්සේ පලකළ සේයාරුව, වෙනස් පුද්ගලයෙකු බවට දැකිය හැකි වනවා.

    හම්බන්තොට ප්‍රා.ලේකම් කාර්යාලයේ වූ සිදුවීම

    හම්බන්තොට කෑලියපුර පහේ කණුව ප්‍රදේශයේ පදිංචි හේවා වලිමුනිගේ චමින්ද ප්‍රදීප් නැමති 50 හැවිරිදි පුද්ගලයෙකු විසින් පසුගිය 04 වන දා දහවල් 2.00ට පමණ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ලබාගැනීමට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයට පැමිණ තිබෙනවා.

    එහිදී එම පුද්ගලයා හා ආයතන අංශයේ සේවකයන් අතර වචන හුවමාරුවක් සිදුවී ඇති අතර පසුව එම බහින් බස්වීම දුරදිග ගොස් කෝපයට පත් මෙම පුද්ගලයා ආයතන අංශය තුළ කළහකාරී ලෙස හැසිරෙමින් කෑ කෝ ගසන්නට පටන් ගෙන තිබී අතර එහි සේවකයන් එය වළක්වාලීමට උත්සාහ කිරීමේදී එම පුද්ගලයා ආයතන අංශය තුළ තිබූ පුටුවක් රැගෙන එහි පරිගණක කිහිපයකට හා දේපලවලට හානි සිදු කර තිබෙනවා. 

    මෙම පුද්ගලයාගේ කලහකාරී හැසිරීමත් සමග එහි සේවය නිරතව සිටි සේවකයන්ද භීතියට පත්ව කාර්යාලය තුළින් ඉවත්ව ඇති අතර මෙම පුද්ගලයාගේ කලහකාරී හැසිරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිපාලන නිලධාරිනියක් විසින් හම්බන්තොට පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව හම්බන්තොට පොලිසිය විසින් අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර සැකකරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතනය අංශයට සිදු කරන ලද පාඩුවද රුපියල් ලක්ෂ දෙකකට වැඩි බවයි තක්සේරුවේදී අනාවරණය වී ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පුද්ගලයෙකු කලහකාරී ලෙස හැසිරුණු සිදුවීම සම්බන්ධ පුද්ගලයාගේ ඡායාරූපයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය, සත්‍ය අවස්ථාවේ ඡායාරූපයක් නොව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-03-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.