Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හිරු මාධ්‍ය නාලිකාවට රජයෙන් රතු නිවේදනයක්?

    2024-11-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සිදු කරන නොමග යවන සුළු ලෙසින් පුවත් වාර්තා කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස උපකල්පනය කරනු ලබනවා. එවැනි පුවත් වාර්තාකරණය සිදු කළ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සිදු කරන නොමග යවන සුළු ලෙසින් පුවත් වාර්තා කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස උපකල්පනය කරනු ලබනවා. එවැනි පුවත් වාර්තාකරණය සිදු කළ මාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තව ත් අසත්‍ය තොරතුරක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    දිගින් දිගට ම අසත්‍ය පුවත් ප්‍රචාරණය කළ හෙයින් හිරු ආයතනයට රතු නිවේදනයක් නිකුත් කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව කුමක් ද, යන්න පිළිබඳ බොහෝ දෙනෙක් අපගෙන් විමසීම් කර තිබූ හෙයින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ABC මාධ්‍ය ජාලයේ හිරු නාලිකාවට අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයෙන් රතු නිවේදනයක් යොමු කර ඇති බවට එම මාධ්‍ය ආයතනය මෙන් ම වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් ද, පුවත් වාර්තා කර ඇත් ද, යන්න පරික්ෂා කිරීමේදී එලෙසින් පුවත් වාර්තා කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    ඒ හේතුවෙන් මෙහි සත්‍යතාව පැහැදිලි කර ගැනීම සඳහා අප අදාළ පාර්ශව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ විමසීමක් කළා.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, හිරු මාධ්‍ය නාලිකාවට එවැනි නිවේදනයක් යොමු නොකළ බවත්, එය අසත්‍ය තොරතුරක් බවත් ය. 

    එසේම රතු නිවේදන ලෙස කිසිදු නිවේදනයක්, සිය අමාත්‍යාංශය විසින් කිසිදු පාර්ශවයකට  යොමු නොකරන බවත්, ඒ මහතා පැවසුවා.

    ජනාධිපති මාධ්‍ය අංශය 

    එහි මාධ්‍ය අධ්‍යක්ෂක සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කිසිදු රතු නිවේදනයක් මාධ්‍ය ජාලයකට යොමු කර නොමැති බවයි.

    හිරු මාධ්‍ය නාලිකාව

    අප හිරු මාධ්‍ය නාලිකාවෙන් ද, ඔවුන් වෙතට ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබුණේ ද, යන්න පිළිබඳ විමසූ අතර ඔවුන් පවසා සිටියේද, එය අසත්‍ය තොරතුරක් බව ත්, එලෙසින් නිවේදනයක් නොලැබුණු බව ත් ය.

    අසත්‍ය ප්‍රචාර වලට පසුබිම

    පසුගිය වකවාණුවේ හිරු මාධ්‍ය ආයතනය විසින් ඇතැම් පුවත් නොමග යන අයුරින් වාර්තා කර තිබීම හේතුවෙන් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ කරමින් සඳහන් කර තිබුණේ, හිරු මාධ්‍ය නාලිකාව තහනම් කරන ලෙසයි.

    Facebook | Archived Link

    ඒත් සමගින් හිරු මාධ්‍ය නාලිකාව ට රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ට සටහන් පළ වූයේ ඉන් පසුවයි.

    එම ආයතනය විසින් වාර්තා කළ වත්මන් ආණ්ඩුව යටතේ මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ බව, තැපැල් දිනයට සමගාමීව හරිනි සහ විජිත වෙනුවෙන් මුද්දරයක් නිකුත් කිරීම වැනි පුවත් ඔස්සේ බොහෝ පිරිසක් මෙම ආයතනයට දෝෂාරෝපණ එල්ල කළා.

    එම නොමග යන සුළු පුවත් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවන් පහත පරිදි වේ.

    මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරා ද?   

    තැපැල් දිනයට සමගාමීව හරිනි සහ විජිත වෙනුවෙන් මුද්දරයක් නිකුත් කරා ද?

    ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් අසත්‍ය තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා රැස්වීමකදී සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    මේ අතර මාධ්‍යවේදියෙකු ඊයේ(04) දිනයේදී කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් මාධ්‍යට අත තබනවාද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්නයක් යොමු කරන අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, මාධ්‍ය අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිය වුවද, ක්‍රියාත්මක විය හැකි බවයි.

    එමෙන් ම හිරු නාලිකාව පසුගිය ජනාධිපතිවරණ සමයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මැතිවරණ කොමිසම හදුන්වා දී තිබෙන මාධ්‍ය උපමාන, හිරු මාධ්‍ය ජාලය විසින් නොතකා හැර ඇති බවත්, එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් වන බැවින් වහාම ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිසම විසින් හිරු මාධ්‍ය ජාලය වෙත ලිපියක් යොමු කර තිබුණි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    හිරු මාධ්‍ය නාලිකාවට රතු නිවේදනයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති මාධ්‍ය අංශය සහ ABC මාධ්‍ය ජාලය විසින් ද, මෙය අසත්‍ය ප්‍රචාරයක් බවට තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-11-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.