Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දරුවෙකුගේ පිටුපස කැස්බෑවෙකු අල්ලාගෙන ඇති අවස්ථාවක් ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත කතාව!

    2023-09-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් විදෙස් රටවල ට අදාළ සිදුවීම් දැක්වෙන ඡායාරූප නොමග යන සුළු අන්දමින් ශීර්ෂ පාඨ භාවිත කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම බොහෝ කලක සිට සිදුවන්නක්. ඇතැම් අවස්ථාවල

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් විදෙස් රටවල ට අදාළ සිදුවීම් දැක්වෙන ඡායාරූප නොමග යන සුළු අන්දමින් ශීර්ෂ පාඨ භාවිත කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම බොහෝ කලක සිට සිදුවන්නක්. ඇතැම් අවස්ථාවල හිතාමතා ම අසත්‍ය තොරතුරු පළ කරනවා මෙන් ම ඇතැම් අවස්ථා වල දැනුවත් භාවයකින් තොරව මෙවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ගනු ලබන්නේ කරුණු තහවුරු කිරීමකින් තොරවයි. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අවුරුදු 6 හැවිරිදි පිරිමි ළමයෙක් 4.9kg කැස්බෑවෙකු අල්ලාගෙන” යනුවෙන් සඳහන් කරමින් දරුවෙකුගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් අවකාශය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාවය පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසා තිබූ අතර අප ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනයක් සිදු කිරීම ට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ඉහත ඡායාරූපයේ සත්‍ය විමර්ශනය කිරීම සඳහා ප්‍රථමයෙන් ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව 2012 වසරේ පළ වූ Daily Mail ජාත්‍යන්තර පුවත් වාර්තාවක දක්වා තිබූ ඉහත දරුවා සම්බන්ධ සත්‍ය සිදුවීම අපට අනාවරණය කර ගැනීමට හැකි වුණා.

    ඉහත සමාජ මාධ්‍ය සටහනේ පවසන පරිදි මෙහි සිටින දරුවා කැස්බෑවෙකු අල්ලා ගත් තත්ත්වයක් නොව, කොලොම්බියාවේ සිටි එවකට හය හැවිරිදි Didier Montalvo නමැති දරුවාට සංජානනීය මෙලනොසයිටික් නෙවුස් (Congenital Melanocytic Nevus )නම් දුර්ලභ රෝගයක් වැළඳී ඇති අවස්ථාවක් බවයි.

    ඔහු ‘turtle boy’ ලෙස සිංහල බසින් කැස්බෑ පිරිමි දරුවා ලෙස හැඳින්වෙන අතර ඊට හේතුව වූයේ ඔහුගේ ශරීරයේ පිටුපස කොඳුඇට පේලියේ සිට ඉහළට කැස්බෑවෙකුගේ කට්ටක් මෙන් ඔහුගේ ශරීයේ වසා සිටි විශාල මෞලයක් (ඉන්නෙකු) තිබීමයි.

    කෙසේ වෙතත් ඩිඩියර්ගේ මෙම රෝගී තත්ත්වය සූර්යග්‍රහණයකදී ඔහුගේ මව පිළිසිඳ ගැනීම නිසා ඇති වූවක් බව ඔවුන් වාසය කළ ගම්බද  මිථ්‍යාදෘෂ්ටික නිවැසියන් ප්‍රකාශ කිරීම නිසා ඔවුන් වාසය කළ ගමෙන් ඔවුව නෙරපා හැර ඇති බවට ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    මෙම මෞලයේ වර්ධනය මාරාන්තික විය හැකි අවස්ථාවක් තිබුණත් ඩිඩියර්ගේ මව ට සැත්කම සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වී තිබිණ. කෙසේවෙතත් ඩිඩියර්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳ ව මාධ්‍ය වාර්තා කිරීමෙන් අනතුරුව ඔහුට සැත්කම කිරීම සඳහා අරමුදල් රැස් කරන ලදී.

    බ්‍රිතාන්‍ය ශල්‍ය වෛද්‍යවරයකු වන දුර්ලභ තත්වයෙන් පෙළෙන ඩිඩියර්ගේ වැනි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂඥයෙකු වන ප්‍රමුඛ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය Neil Bulstrode විසින් ඩිඩියර් සැත්කම් ගනණාවක් සිදු කොට එම මෞලය ඉවත් කිරීමටත්, පසුව අදියර කිහිපයක් පුරා සංකීර්ණ සම බද්ධ කිරීම් මාලාවක් සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වී තිබුණා.

    ශල්‍ය වෛද්‍ය Neil Bulstrode සඳහන් කර තිබුණේ, ඩිඩියර්ගේ මෙතෙක් දැක ඇති නරකම අවස්ථාවක් බවයි. ඔහුගේ සිරුරේ වට ප්‍රමාණයෙන් හතරෙන් තුනකට බලපෑම් එල්ල වී ඇති බව ත්, ඔහු සඳහන් කර තිබේ.

    මෙවැනි තත්ත්වයන් ඇති වීම පිළිබඳ විශේඥයන් අදහස් පළ කරන්නේ, ජාන විකෘතියක් හේතුවෙන් කළලයේ සමේ සෛල වර්ධනය වීමේ වෙනසක් ඇති කිරීම හේතුවෙන් මෙවැනි දුර්ලභ තත්ත්වයන් ඇති වන බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ විදෙස් පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link

    ඩිඩියර්ගේ මෙම තත්ත්වය සම්බන්ධයෙන් Channel 4 නාලිකාවේ දක්වා තිබූ වාර්තාමය වැඩසටහන පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 6 හැවිරිදි පිරිමි ළමයෙක් 4.9kg කැස්බෑවෙකු අල්ලාගෙන ඇති අයුරු බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන නොමග යන සුළු බවයි. 

    එම අවස්ථාව කැස්බෑවෙකු දරුවෙක් අල්ලා සිටින අවස්ථාවක් නොව, කොලොම්බියානු දරුවෙකුට මුහුණ පෑමට සිදු ව තිබූ දුර්ලභ සෞඛ්‍ය තත්ත්වයක් වන අතර දරුවාගේ පිටුපස පිට ප්‍රදේශය වසා හටගෙන තිබූ විශාල මෞලය (ඉන්නෙකු) 2012 වසරේ දී සිදුකළ සැත්කමක් මඟින් සාර්ථකව ඉවත් කරන ලදී.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-09-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.