Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පිළිබඳ නොමග යවන සුළු සටහනක්!

    2022-10-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ඡායාරූප සංසන්දනයන්හි දක්නට ලැබෙන සාමානාත්මතාවන් නිසා ඇතැම් පිරිස් නොමග යන අවස්ථා දක්නට ලැබෙනවා. තවත් පිරිස් උපාහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහන් සමාජයේ සියලුම පුද්ගලයන්ට සත්‍ය, අසත්‍

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් ඡායාරූප සංසන්දනයන්හි දක්නට ලැබෙන සාමානාත්මතාවන් නිසා ඇතැම් පිරිස් නොමග යන අවස්ථා දක්නට ලැබෙනවා. තවත් පිරිස් උපාහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහන් සමාජයේ සියලුම පුද්ගලයන්ට සත්‍ය, අසත්‍යතාව හඳුනා ගැනීමට හැකිවන බවට සිතා කටයුතු කිරීමත් අපට සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි සටහන් ඔස්සේ සමාජයේ ඇතැම් කොටස් නොමග යනවා පමණක් නොව ඒ ඔස්සේ විවිධ දෝෂාරෝපණ ද එල්ලවෙනවා. එලෙස පළ වූ ආදිවාසි නායක සම්බන්ධයෙන් පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ‘ඇපල් ජංගම දුරකතනයක්’ මිලදී ගත් අවස්ථාවක් ලෙස හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ආදිවාසී නායක විශ්වකිර්තී වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ ඡායාරූපයක් ලෙස දක්වා තිබූ එම ඡායාරූපයේ සිටින පුද්ගලයා වන්නිල ඇත්තන්ගේ රුවට බොහෝ සමාන වීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග ගොස් තිබුණා.

    අප මහියංගනය මාධ්‍ය වාර්තාකරුවෙකු වන රංජිත් කරුණාවීර මහතාගෙන් මෙම ඡායාරූපය පිළිබඳ විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, මෙම ඡායාරූපයේ සිටින්නේ ඌරුවරිගේ වන්නිල ඇත්තන් නොවන බවත්, ඔහු කිසි දිනෙක ආදීවාසීන්ගේ ආවේණික ඇඳුමින් තොරව වෙනත් ඇඳුමකින් සැරසී නොසිටන බවත් තහවුරු කළා.

    එසේම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ පසුගිය දින කිහිපයේ ලබාගත් ඡායාරූප පරික්ෂා කිරීමේ දී වම් පස ඡායාරූපයේ සැබවින්ම ඔහු සිටිය ද දකුණු පස සිටින පුද්ගලයාගේ මුහුණේ ඇතැම් ලක්ෂණ වෙනස් බවත් දැක ගන්නට පුළුවන්. ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ මෑතකදී ලබාගත් ඡායාරුප ඇතුළත් සටහන් මෙතනින් සහ මෙතනින්.

    මෙම ඡායාරූපය සම්බන්ධයෙන් වන්නිල ඇත්තන් දැක් වූ අදහස් පහතින්.

    ඡායාරූපයේ දකුණු පසින් සිටින පුද්ගලයා රත්නපුරේ, වෙරලුපේ ගොඩවෙල ප්‍රදේශයේ සිටින පුද්ගලයෙක් බවට කිහිපදෙනෙක් ප්‍රතිචාර දක්වා තිබුණ ද මේ පුද්ගලයා හඳුනන පුද්ගලයෙකු හරහා ඔහු සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළද මේ වන තෙක් ඔහු ගැන තහවුරු කරගත් නිසි තොරතුරක් නොලැබුණි. ඔහු සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    කෙසේ වෙතත් ආදිවාසී නායකට උපහාසාත්මක කෝණයෙන් මෙම ඡායාරූප සටහන් නිර්මාණය කිරීම පිළිබඳ සමාජ මාධ්‍ය පරිශිලකයින් විසින් දැඩි ලෙස විවේචන එල්ල වී තිබුණා.

    අරගලයට නායකත්වය දුන් වසන්ත මුදලිගේ ගැන කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නිර්නාමික ලියවිල්ලකින් තමන්ට මරණ තර්ජනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ආදිවාසී නායක වන්නිලැත්තන් පසුගිය ඔක්තෝම්බර් 10 වන දා දඹාන කොටබකිනිය ගම්මානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක් මෙතනින්. Archived Link

    Also Read: ගලබොඩ අත්තේ ඥාණසාර හිමි ජපානයේ ගිහියකු ලෙස සිටින ඡායාරූපයක් ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ආදිවාසී නායක වන්නිල ඇත්තන් විසින් ‘ඇපල් ජංගම දුරකතනයක්’ මිලදී ගත් අවස්ථාවක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ ඡායාරූපයේ දැක්වෙන්නේ, ආදිවාසි නායක නොවන බවට මහියංගන මාධ්‍යවාර්තාකරු තහවුරු කළ අතර එහි සිටින පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.