Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම තුලින් අත්වූ ඉරණමක් බව හැඟවීමට යොදාගෙන තිබෙන්නේ මෙරට සිදුවූ සිදුවීමක් ද?

    2021-03-09
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රටේ සාමාන්‍ය ජනතාවට සහන ලබා දීම පවතින රජයන් උත්සුක වුණද ජනතාව පීඩනයට පත් වන විට ඒ වෙනුවෙන් විවේචන ද පාලකයින් වෙත එල්ලවන අවස්ථා අපට දැකගන්නට පුලුවන්.  “මම තමයි හොදටම කලේ. “ස” සෞභාග්‍යයේ දැක්ම තමා මේ” ලෙස සඳහන් කරමින් නුවාන් නිරෝඩ ඇල්විස් නමින් පෙනී සිටින අ

    රටේ සාමාන්‍ය ජනතාවට සහන ලබා දීම පවතින රජයන් උත්සුක වුණද ජනතාව පීඩනයට පත් වන විට ඒ වෙනුවෙන් විවේචන ද පාලකයින් වෙත එල්ලවන අවස්ථා අපට දැකගන්නට පුලුවන්. 

    “මම තමයි හොදටම කලේ. “ස” සෞභාග්‍යයේ දැක්ම තමා මේ” ලෙස සඳහන් කරමින් නුවාන් නිරෝඩ ඇල්විස් නමින් පෙනී සිටින අයෙකු ආරක්ශක සේවාවක වැඩ කරන පුද්ගලයෙකු, බත් සමග ළූණු සහ සුදුළූණු ආහාරයට ගන්නා අවස්ථාවක ඡායාරූපයක් ෆේස්බුක් වෙත එකතු කර ඇති අයුරු අපට දකින්නට ලැබුනා.

    FacebookArchived

    එසේම ඉහත සිදුවීම ඉන්දියාවේ සිද්ධියක් බවට ද පළවූ මෙවැනි සටහන් අපට දැක ගන්නට ලැබුණා.

    තරුණයෙකු මේ ආකාරයට ආහාර ලබා ගැනීම, වත්මන් රජයේ ප්‍රතිපත්තිමය වැඩපිලිවෙලෙහි දුර්වලතාවයක් ලෙස හැඟවෙන ආකාරයට පළකර කර තිබුනු මෙම සටහනට බොහෝ පිරිසක් ප්‍රතිචාර එක් කර සිටියා.මෙම සිද්ධිය ලංකාවේ සිදුවීමක් ද යන්න සොයා බැලීමට අප කටයුතු කලා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    Google සෙවුම් යන්ත්‍රයේ රිවර්ස් ඉමේජ් සර්ච් සෙවුමක් කල පසු මෙම සේයාරුව මුලින් පළවූ අවස්තාවන් සොයා ගැනීමට හැකි වුනා.

    Apit Lid නම් මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවර ෆේස්බුක් ගිණුමක මෙම ඡායාරූපය මාර්තු 07 වැනිදා ෆේස්බුක් වෙත එකතු කර තිබුනා.මේ ආකාරයට ආහාර ගනිමින් මුදල් ඉතිරි කර එම මුදල් තමාගේ ගමේ ජීවත් වන පවුල වෙත යවන අයෙකු මෙහි සිටින බව එම සටහනේ දක්වා තිබුනා. මැලේසියානු බසින් පලවී තිබු බොහෝ දෙනෙක් අතර හුවමාරු වී එම සටහනේ ඉංග්‍රීසි පරිවර්තනය ද පහතින්

    FacebookArchived

    මෙම සටහන ට්විටර් වෙබ් අඩවියේද බොහෝ දෙනා හුවමාරු කර තිබුනු අතර පහතින් දැක්වෙන්නේ මැලේශියා ට්විටර් ගිනුමක එම ඡායාරූපය හුවමාරු කර තිබුනු ආකාරයයි.

    TwitterArchived

    ඉහත ඡායරුපයේ පෙන්වන පුද්ගලයාගේ නිල ඇඳුම විශාලනය කර පරීක්ෂා කිරීමේ දී ද ඔහු මැලේසියානු ආයතනයක ආරක්ෂක සේවයේ නියුතු පුද්ගලයෙකු බව පෙනී යනවා.

    Paraforce නම් ආරක්ෂක ආයතනයක් යටතේ මොහු මැලේසියානු ජාතික හෘද සංගමයේ (National Heart Association of Malaysia) ආරක්ෂක අංශයේ සේවය කරන බවක් ඔහු පැළඳ සිටින හැඳුනුම්පත එල්ලා සිටින පටියෙන් පෙනී යයි.

    මෙම සටහනම Abdul Kalam Fan Club පි‍ටුවේද පල කර තිබුනේ මෙලෙසින්. එම සටහනද බොහෝ දෙනා හුවමාරු කර ඇති බවක් දකින්නට ලැබුනා. එබැවින් මෙය ඉන්දියාවේ සිදුවීමක් බවට ද කිහිප දෙනෙක් ම සටහන් හුවමාරු කරගෙන තිබුණා.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව පෙනී යන්නේ “මම තමයි හොදටම කලේ. “ස” සෞභාග්‍යයේ දැක්ම තමා මේ” ලෙස සඳහන් කරමින් පල කර ඇති සටහනට අයත් ඡායාරූපයේ පෙනී සිටින්නේ මෙරට අයෙකු නොවන බව පැහැදිලිය. එම ඡායාරූපයේ සිටින්නේ මැලේසියාවේ ආරක්ෂක අංශයක සේවය කරන අයෙකු බවට අපට තහවුරු කල හැකියි.ඒ අනුව මෙම සටහන මිනිසුන් නොමග යවන සුළු කෝණයකින් පළකරන ලද සටහනක් බව පෙන්වා දිය හැක.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.