Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: කොරෝනා ආසාදිතයෙකු සුපිරි වෙළඳසැලක බිම ඇද වැටී මිය ගිය අවස්ථාවක් ද?

    2021-09-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දින කිහිපයේදී සුපිරි වෙළඳසැලකදී පුද්ගලයෙකු හිටි හැටියේම ඇද වැටෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට දැක ගන්නට ලැබුණා. කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය වූ අවස්ථාවක් බවයි එම වීඩියෝව සම්බන්ධව හුවමාරු වූ සටහන් කිහිපයකම ද

    පසුගිය දින කිහිපයේදී සුපිරි වෙළඳසැලකදී පුද්ගලයෙකු හිටි හැටියේම ඇද වැටෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට දැක ගන්නට ලැබුණා. කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය වූ අවස්ථාවක් බවයි එම වීඩියෝව සම්බන්ධව හුවමාරු වූ සටහන් කිහිපයකම දක්වා තිබුණේ. සත්‍ය වශයෙන්ම කොරෝනා ආසාදනය වීම හේතුකොට ගෙන මෙලෙස සිදු වූවාද යන්න පිළිබඳ විමසීමට අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කොවිඩ් වැළඳුණු පුද්ගලයෙකු හදිසියේම මැරී ඇද වැටෙයි –  බිහිසුණු වීඩියෝව” නමැති තේමාව යටතේ වීඩියෝවක පළවූ දර්ශනයක් යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ඒ සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවක් මෙතනින්.

    https://www.youtube.com/watch?v=MwfgRFF9CIY

    Archived Link

    මේ පිළබඳව ඇතැම් වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ, මෙම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙලෙස මරණයට පත්වූ බවයි. එවැනි වෙබ් අඩවියක් මෙතනින්.

    Gossipmachan | Archived Link

    එම වීඩියෝව සහ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ CCTV දර්ශනයේ ඇද වැටුණු පුද්ගලයා කොරෝනා අසාදනය වී මිය ගියේ ද යන්න පිළිබඳව අප විමසීමක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ පිළිබඳ අප සිදු කළ තොරතුරු නිරීක්ෂණයේදී, මෙම සිදුවීම මහනුවර, කුණ්ඩසාලේ පිහිටි Sunrise Super නම් සුපිරි වෙළඳසැළක පසුගිය සැප්තැම්බර් 03 වන දා වූ සිදුවීමක් බවට අනාවරණය වුණා. 

    එම වෙළඳසැලින් භාණ්ඩයක් ගෙන ඒ සඳහා ගෙවීම් කිරීමට සැරසෙන අවස්ථාවේදී මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර ඒ මහතා ඇද වැටීමෙන් පසුව අසාධ්‍යවී සුළු මොහොතකින් මරණයට පත් වී තිබෙනවා. ඒ අවස්ථාවේදී එම ස්ථානයට පල්ලෙකැළේ පොලීසියද පැමිණ තිබෙනවා. අදාළ පරීක්ෂණ එම ස්ථානයේම සිදු කිරීමෙන් අනතුරුව මළ සිරුර එතනින් ඉවත් කර ඇති බවත්, එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක කිරීම හේතුකොට ගෙන එම සුපිරි වෙළඳසැල දිනයක් වසා තිබූ බවත් එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය නොවී ඇති බවට පොලීසිය දැනුම් දීමේන් පසු නැවතත් එම වෙළඳසැළේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වී ඇති බවත් Sunrise Super වෙළඳසැලේ කළමනාකරු අප කළ විමසීමේදී සඳහන් කළා.

    ඒ අනුව අප පල්ලේකැළේ පොලිස් ස්ථානයෙන් ද මේ සම්බන්ධයෙන් විමසූ අතර ඔවුන් තහවුරු කළේද, එම පුද්ගලයාට කොවිඩ් ආසාදනය නොවී ඇති බවයි. ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් සුරේෂ් කුමාර් නැමැති 35 හැවිරිදි එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ.

    අප පල්ලේකැළේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාගෙන්ද තොරතුරු තහවුරු කරගත් අතර ඔහු සඳහන් කළේද, Sunrise Super වෙළඳසැලේ ඇද වැටී මියැදුණු පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නොමැති බව අදාළ PCR පරීක්ෂණයේදී තහවුරු වූ බවයි. 

    මේ පිළිබඳ පළවූ මාධ්‍ය වාර්තා ද අප පරීක්ෂා කළ අතර හිරු රට වටා පුවත් ආවරණයේ ද එම සිද්ධිය මෙසේ දක්වා තිබු අතර එහි ද සඳහන් වී තිබුනේ මෙම පුද්ගලයා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙසේ අද වැටී මරණයට පත්වූ බවයි.

    අප එම පුද්ගලයන්ගේ නිවැසියන්ද මේ සම්බන්ධයෙන් විමසීමට උත්සහ කළත් මෙතෙක් ඊට අවකාශය නොලැබුණි.

    Also Read: FACT CHECK: කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පළේ කෝවිඩ් ආසාදිත පුද්ගලයෙකු බිම ඇද වැටුණා ද?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බිම ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයෙකු බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සහ ෆේස්බුක් සටහන් වල සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ හෘදයාබාධ තත්ත්වයක් උත්සන්න වීම හේතුවෙන් මහනුවර, කුණ්ඩසාලේ පිහිටි සුපිරි වෙළෙඳසැලක දී බිම ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ සුරේෂ් කුමාර් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකුගේ අවාසනාවන්ත තත්ත්වයකි. ඒ බවට ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙන්ම ප්‍රදේශය භාර පල්ලේකැළේ පොලීසියද තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.