Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ගල් තලාවක වැතිර සිටි මිනිසෙකුගේ ඡායාරූපයක් ලබාගැනීම නිසා සිරගත කෙරුණු උතුරු කොරියානු ඡායාරූප ශිල්පියෙක් ?

    2021-12-29
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    උතුරු කොරියාව සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .ඉන් සමහරක් නොමග යවන සුලු ප්‍රචාරයි.මේ එවන් නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගල්තලාවක වැතිර සිටින මිනිසකුගේ ඡායාරූපයක් සමගින් ප

    උතුරු කොරියාව සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .ඉන් සමහරක් නොමග යවන සුලු ප්‍රචාරයි.මේ එවන් නොමග යවන සුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල විමසුමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් ගල්තලාවක වැතිර සිටින මිනිසකුගේ ඡායාරූපයක් සමගින් පහත සටහන එක්කර තිබුණා .

    “උතුරු කොරියානු ඡායාරූප ශිල්පියෙක් තමයි මෙම ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ, ඇත්තටම ඔබට සිතෙනවා ඇති සිරගත කිරීමට තරම් මෙම ඡායාරූපයේ ඇති වැරැද්ද කුමක්ද කියලා .මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා ගල් තලාව මත නිදා සිටීමෙන් උතුරු කොරියානු ජනතාවගේ අදුරු පැතිකඩ පෙන්නුම් කරන නිසයි ඡායාරූප ශිල්පියා සිරබාරයට ගෙන ඇත්තේ .කොහොම උනත් උතුරු කොරියාව අමුතු නීති තියන රටක් හැටියට තමයි ලෝකයා හදුන්වන්නේ.”

    Facebook | Archived 

    මෙම සටහනේ ඇති කුතුහලය දනවන ස්වභාවය නිසා මේ සම්බන්ධයෙන් විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. 

    Fact Check: සත්‍ය තොරතුරු විමසා බැලීම. 

    අප Google Reverse Image Search මගින් මෙහි මුල් ඡායාරූපය පිළිබදව විමසා බැලීමක් සිදු කරා.එහිදී අපට දැකගන්නට ලැබුණේ Alamy ඡායාරූප එකමුතුවේ මෙම ඡායාරූපය ඇති බවයි.එහි මෙම ඡායාරූපය ලබාගත් ඡායාරූප ශිල්පියාගේ නමද සටහන්ව තිබෙනවා. ඒ ERIC LAFFORGUE ලෙසයි.මෙම ඡායාරූපය පිළිබදව එහි සදහන්ව ඇත්තේ හිරු එලිය ඇති මොහොතක ගල් තලාවක් මත නිදාගත් උතුරු කොරියානු මිනිසකු ලෙසයි. 

    Alamy | Archived

    එම ඡායාරූප ශිල්පියාගේ වෙබ් අඩවියේ ඔහු පිළිබදව ඇති සටහනයි මේ .

    Web | Archived 

    ඉහත සටහනේ දැක්වෙන්නේ ඔහු ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියකු බවයි.එමෙන්ම ඔහු ඡායාරූපකරණය සදහා විවිධ රටවල සංචාරය කරන බවද සදහන්ව තිබෙනවා. 

    උතුරු කොරියාවේ කිහිප වතාවක්ම සංචාරය කර ඇති මෙම ඡායාරූප ශිල්පියාට නැවත එම රට තුලට ඇතුල්වීම උතුරු කොරියානු බලධාරීන් විසින් තහනම් කර තිබෙන්නේ ඔහු විසින් 2014 වසරේ මුල් භාගයේදී ලබාගෙන අන්තර්ජාලයට මුදාහැර ඇති ඡායාරූප මගින් උතුරු කොරියාවේ ප්‍රතිරූපයට හානි වන බව පවසමින්.කෙසේ වෙතත් මෙම සමාජ ජාල සටහනේ ඇති ඡායාරූපය මෙන්ම තවත් එවැනි ඔහු විසින් ලබාගත්  ඡායාරූප මගින් උතුරු කොරියානු ජන ජීවිතයේ දුක්ඛිත තත්ත්වය පිළිබදව තොරතුරු අනාවරණය වෙනවා.

    2014 වසරේ මුල භාගයේදී මෙම ඡායාරූප ශිල්පියා උතුරු කොරියානු රජය මගින් ලබාදුන් මග පෙන්වන්නන් සමගයි සංචාරය කර තිබෙන්නේ.ගල් තලාවක් මත වැතිර සිටින මිනිසා ඇතුලු අනෙත් ඡායාරූප ලබාගන්නා විට එම ඡායාරූප මකා දමන ලෙස මග පෙන්වන්නන් උපදෙස් ලබාදුන්නත් ඔවුන්ට රහසේ මෙම ඡායාරූප මෙමරි චිපයක රදවා උතුරු කොරියාවෙන් පිටවී අන්තර්ජාලයට එක්කිරීමට මෙම ඡායාරූප ශිල්පියා සමත්ව තිබෙනවා.එහි ප්‍රතිඵලයක් ලෙස නැවත උතුරු කොරියාවට සංචාරය කිරීම සදහා අවසර නොදීමට එරට රජය කටයුතු කර තිබෙනවා.කෙසේ වෙතත් මෙම ඡායාරූප ගැනීම නිසා උතුරු කොරියානු රජය මගින් ඡායාරූප ශිල්පියාව සිරගත කිරීමක් පිළිබදව සදහන් නොවන අතර ඔවුන් කර  ඇත්තේ ඔහුට නැවත උතුරු කොරියානු සංචාර සදහා තහංචි පැණවීමයි. 

    මෙම ගල් තලාව මත වැතිර සිටින මිනිසාගේ ඡායාරූප ගැනීමට රජයේ මග පෙන්වන්නන් විරුද්ධවී ඇත්තේ බටහිර මාධ්‍ය මගින් මෙම මිනිසා මියගොස් ඇතැයි අර්ථකතනය කරාවි ලෙස පවසමින්. මේ පිළිබද වැඩිදුර විස්තර මෙතනින්. Archived.

    මෙම ඡායාරූප ශිල්පියා විසින් ලබාගත් උතුරු කොරියාවේම  වෙනත් ඡායාරූප කිහිපයකි මේ.

    දරිද්‍රතාවයෙන් පෙළෙන උතුරු කොරියානු දරුවන් 

    මන්දපෝෂණයෙන් පෙළෙන  උතුරු කොරියානු දරුවන් 

    දැඩි වෙහෙසට පත්ව ගිමන් හරින උතුරු කොරියානු සොල්දාදුවෙක් 

    බෝට්ටුවක් වෙනුවට ටයරයක් පාවිච්චි කරමින් මසුන් අල්ලන දුප්පත් උතුරු කොරියානු ගැමියෙක් 

    ආහාරයට ගැනීම සදහා තණකොළ එකතු කරන උතුරු කොරියානු වැසියෙක් 

    මේ ඡායාරූප හා සම්බන්ධ වාර්තා බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා .එවන් එක් වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදුකරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ මෙමසමාජ ජාල සටහනේ ඇති ඡායාරූපය ලබාගෙන ඇත්තේ උතුරු කොරියානු ඡායාරූප ශිල්පියෙක් නොව ප්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියෙක් විසින් 2014 වසරේදී  බවයි.එමෙන්ම මෙම ඡායාරූප ලබාගත් ඡායාරූප ශිල්පියාව සිරබාරයට ගෙන නොමැති අතර ඔහුට නැවතත් උතුරු කොරියාවට පැමිණීම තහනම් කර ඇත.එසේ සිදුකර ඇත්තේ මෙම ඡායාරූප මගින් එහි ජන ජීවිතයේ අදුරු පැතිකඩ නිරූපණය කරන නිසායි.ඒ අනුව මෙම සමාජ ජාල සටහනේ ඇතැම් කරුණු නොමග යවන සුලු බව තහවුරුවේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.