Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජාතික රූපවාහිනී සේවකයින් එහි සභාපතිවරයාව ‘හූ’ කියා පන්නා දැමුවා ද?

    2025-05-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් විසින් ‘හූ’ කියමින් විරෝධතාවයක නියැලෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ(21) දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙම විරෝධතාව දැක්වෙන්නේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් පිරිසක් විසින් ‘හූ’ කියමින් විරෝධතාවයක නියැලෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඊයේ(21) දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙම විරෝධතාව දැක්වෙන්නේ කාටද , යන්න පිළිබඳ බොහෝ දෙනා විමසිලිවත් ව තිබූ අතර මෙම වීඩියෝව පිළිබඳ නොමග යන සුළු සටහන් ද, සංසරණය වූ අතර මෙහි සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “පුනරුදය ඉස්මුරුත්තාවට ආපසු ජාතික රූපවාහිනී සේවකයින් සභාපතිවරයාව හූ කියා පන්නා දමති” යනුවෙන් සඳහන් කරමින් එම අවස්ථාවේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook

    සටහනක් පහතින්.

    Facebook | Archived Link

    එමෙන් ම මෙම වීඩියෝව ම “බීමත්ව පැමිණ සේවකයන්ට පහර දීමට ගිය නලින්දගේ රූපවාහිනි ලොක්කට හූ තබා පන්නයි” යනුවෙන් ද, සඳහන් කරමින් තව ත් වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වුණා.

    Facebook |Archived Link

    ඒ ඔස්සේ පළ වූ සටහනක් පහතින්.

    Facebook | Archived Link

    ජාතික රූපවාහිනි සේවකයන් විසින් රූපවාහිනි සභාපතිවරයා ව පන්නා දැමුවේද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ජාතික රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේදී සේවකයින් විසින් එහි ‘සභාපති’ එළ වූ අයුරු බවට පවසන වීඩියෝව සහ ඇතැම් සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි රූපවාහිනි ‘ලොක්කා’ ලෙස වාර්තා කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අනුමාන කර තිබුනේ, මෙහි සඳහන් වන්නේ, ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ගිහාන් ද සිල්වා මහතා සම්බන්ධයෙන් බවට ඇතිවූ සිදුවීමක් ලෙසයි.

    ජාතික රූපවාහිනි සංස්ථාවේ තොරතුරු නිලධාරී

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව විමසීම සඳහා අප ජාතික රූපවාහිනි සංස්ථාවේ තොරතුරු නිලධාරී, අධ්‍යක්ෂක (චැනල් අයි) සංජය ඉන්ද්‍රකුමාර මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත්තා.

    ඒ මහතා සඳහන් කළේ, සමාජ මාධය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ, ජාතික රූපවාහිනි සංස්ථාවේ සේවකයින් විසින් එහි සභාපති ගිහාන් ද සිල්වා මහතාට දක්වන විරෝධතාවක් නොව, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන) තනතුරේ සේවය කරන නිලධාරිනියට එල්ලවන විරෝධතාවක් බවයි.

    ඇයගේ පරිපාලන කටයුතු හා සම්බන්ධ සේවකයින්ට ගැටලුකාරී තත්වයන් පැනනැගිමත් සමඟම මෙලෙසින් විරෝධතාවක් දැක් වූ බවත්, ඇය විසින් හෝ වෙනත් කිසිදු ඉහළ කළමනාකාරිත්වයේ නිලධාරියෙකු හෝ විසින් බීමතින් සේවකයින්ට පහර එල්ල කළ බවට පළ වන පුවත් අසත්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

    ජනමාධ්‍ය අමාත්‍යාංශය

    ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ ද, මෙම විරෝධතාව ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපතිට එල්ල වූ විරෝධතාවක් නොව, පසුගිය පෙබරවාරි මස පත් වීම ලැබූ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන) ධුරය හොබවන අධ්‍යක්ෂවරියට, එල්ල වූ විරෝධතාවයක්  බවයි. 

    සේවකයින්ට ආමන්ත්‍රණය කරන ආකාරය සහ පරිපාලන ගැටලු වැනි කාරණා මේ සඳහා හේතු වී ඇති බවට රූපවාහිනී සේවකයින් දක්වා තිබෙන බවයි ඔහු පෙන්වා දුන්නේ.

    එමෙන් ම එම අවස්ථාවේ වීඩියෝවේ දැක්වෙන ලෙස වාහනයට ඇතුළුවන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව ද, අප විමසූ අතර මාධ්‍ය ලේකම්වරයා පෙන්වා දුන්නේ අධ්‍යක්ෂවරියගේ ආරක්ෂාව සඳහා ඇයත් සමග ජාතික රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂක ජෙනරාල් වරයා ද, එලෙසින් පිටවූ බවටයි .

    මාධ්‍ය වාර්තා

    නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙම විරෝධතාව, අධ්‍යක්ෂ ජෙනරාල් හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් යන දෙදෙනා වෙත ම එල්ල වූ බවයි.

    Archived Link

    එමෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් මේ සම්බන්ධයෙන් වාර්තා කරමින් පවසා තිබුණේ, මෙම විරෝධය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ තනූජා ආරියරත්න මහත්මියට එල්ල වූ බව ත් ඇය එම තනතුරෙන් ඉවත් කර ඇති බව ත් ය.

    තවද, ඇය එම තනතුරින් ඉවත් කරන ලෙසට සේවකයන් විසින් අවස්ථා ගණනාවකදී පාලනාධිකාරියෙන් ඉල්ලා ඇති බවත්, දේශපාලන බලය අතට ගෙන කටයුතු කිරීම, අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය සියතට ගෙන කටයුතු කිරීම සහ සේවකයන්ට ඉතාම නින්දිත අයුරින් සැලකීම ඇතුළු කරුණු කිහිපයක් මේ සඳහා හේතු වූ බව නෙත් News වාර්තා කර තිබුණා.

    නියෝජ්‍යය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සමඟ සේවය කළ නොහැකි බවත්, ඇය ඉවත් කරන ලෙසත් සේවකයින් පිරිසක් රූපවාහිනී සභාපති ගිහාන් ද සිල්වා හමුවී දැනුම්දී ඇති අතර සභාපතිවරයාගෙන් ඊට නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, අනතුරුව රූපවාහිනී සේවක පිරිසක් සභාපතිවරයාගේ කාමරය ද වටලා ඇති බවත්, සේවකයින්ගේ දැනුම්දීම මත එහි පැමිණි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා විසින් අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වහාම ඉවත් කරන ලෙස සභාපතිවරයා වෙත දන්වා ඇති බවත් මෙම පුවත් වාර්තාවේ සඳහන් වෙන්නේ මෙලෙසින්. Archived Link

    ජනාධිපති මාධ්‍ය අංශය

    ශ්‍රී ලංකාවේ රූපවාහිනි සංස්ථාවේ ඇති වූ මෙම විරෝධතායට හේතුවූයේ මෙම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන) තනතුරේ සේවය කරන නිලධාරිනිය පිළිබඳව සේවකයින් අතර ඇති වූ අප්‍රසාදයක් බවයි. සේවකයින්ගේ ඉල්ලීම වී ඇත්තේ අදාල නිලධාරිණිය වහාම ඉවත් කරන ලෙසයි.

    කෙසේ වෙතත් මෙම තත්ත්වය පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ද මැදිහත් වු අතර සති දෙකක් තුල යම් විසදුමක් ලබාදීමේ එකගතාවය මත තත්ත්වය පාලනය කළ බව ත් ඔවුන් පවසනවා.

    රූපවාහිනී පරිශ්‍රයේ ඇති වු මෙම සේවක විරෝධය වත්මන් සභාපතිවරයාට එරෙහිව දියත් වූ එකක් යැයි සමාජ ජාල තුළ යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බව ත්,  මෙම සිදුවීම පිළිබඳව ඉදිරියේදි අමාත්‍යවරයා සමඟ වැඩිදුරටත් සාකච්ඡා කිරිමට මේ වන විට සේවකයින් එකගවී ඇති බව ත් ඔවුන් පෙන්වා දෙනවා.

    රූපවාහිනි සංස්ථාවේ සේවකයින්

    මේ පිළිබඳව රූපවාහිනි සංස්ථාවේ සේවකයින් කිහිප දෙනෙකුගෙන් ද, විමසූ අතර ඔවුන් තහවුරු කළේ, රූපවාහිනි සේවකයින් විසින් එල්ල කළ මෙම විරෝධය එහි සභාපතිට විරුද්ධව නොව එහි පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරියකට එරෙහිව එල්ල වූ විරෝධතාවක් බවයි. එමෙන් ම සභාපති හෝ වෙනත් ඉහළ නිලධාරියෙකු බීමත්ව සේවකයන්ට පහර දීම අරඹයා වූ සිදුවීමක් නොවන බව ත් මෙම විරෝධතාව අධ්‍යක්ෂවරයා වෙත එල්ල නොවූ බව ත් ඔවුන් තහවුරු කළා.

    ඒ අනුව මෙය නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරියකට එල්ල වූ විරෝධතාවක් බවට පැවසිය හැකි අතර අධ්‍යක්ෂවරයාට ද, මෙහිදී විරෝධය එල්ල වී නොමැති බව අදාළ පාර්ශවයන් සඳහන් කරනු ලබයි.

    Also read : ජනමාධ්‍ය ඇමතිගේ බැනවැදීම් නිසා රූපවාහිනීයේ සභාපති සෙනේෂ් ඉල්ලා අස්වූ බවට පුවත් වාර්තා ?

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඊයේ(21) දින ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සේවකයින් විසින් එහ ‘සභාපති පන්නා දැමූ’ අයුරු බවට හා ‘බීමත්ව පැමිණි ලොක්කා සේවකයින්ට පහර දීම නිසා සේවකයින් පන්නා දැමූ’ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝ නොමග යන සුළු අතර එම වීඩියෝවේ දැක්වෙන්නේ රූපවාහිනි සංස්ථාවේ පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරියට එල්ල වන විරෝධතාවයකි. එමෙන් ම කිසිදු නිලධාරියෙකු මෙම අවස්ථාවේදී බීමතින් පැමිණ සේවකයින්ට පහරදීම හේතුවෙන් මෙම විරෝධතාව ඇති වී නොමැති බව ද, අදාළ පාර්ශවයන් පෙන්වා දෙයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-05-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.