Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    “සර්වජන බලය ව්‍යාපාරය”, ජාතික ජන බලයට සහාය දීමේ තීරණයක්?

    2024-06-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හේතුවෙන් දේශපාලන පක්ෂ අතර ඇති තරඟය විදහා දක්වමින් දේශපාලනික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යවන සුළු, අසත්‍ය තොරතුරු හුවමා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හේතුවෙන් දේශපාලන පක්ෂ අතර ඇති තරඟය විදහා දක්වමින් දේශපාලනික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යවන සුළු, අසත්‍ය තොරතුරු හුවමාරු වීම මේ දිනවල සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් : 

    ‘ලංසා , විමල්, ගම්මන්පිළ එක් වූ සර්ව ජන බලයේ සහය අනුරට හිමිවන ලකුණු යනුවෙන්’ සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා. 

    Facebook | Archived 

    මෙම සටහනේ දැක්වෙන පුවත සත්‍ය බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ‘සර්ව ජන බලය’ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පසුගිය මැයි 27 වන දා පිහිටුවනු ලැබුවා. 

    මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ගිවිසුම්ගත වෙමින් මෙම ව්‍යාපාරය පිහිටවනු ලැබුවා. මෙම පක්ෂ වල නායකයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායක නිමල් ලන්සා මහතාගේ සහය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ට බවට ප්‍රකාශ කර ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් මාධ්‍ය මගින් වාර්තා කර ඇති බවට අපට දැක ගන්නට නොලැබුණි.

    එමෙන් ම සර්ව ජනබලය ව්‍යාපාරය නමින් වන නව පක්ෂය විසින් අනුර කුමාර මහතාට සහය දක්වන බවට කිසිදු මාධ්‍ය නිවේදනයක් හෝ නිකුත් කර නොමැති බව ද, අපගේ විමර්ශනයේ තහවුරු වුණා. එමෙන් ම එම පක්ෂ නායකයින් විසින් ද, ඒ බව සනාථ කරන කිසිදු ප්‍රකාශයක්, සිදු කර නොමැති බවට දේශපාලන වේදිකාවේ මෙන් ම, ඔවුන් සහභාගී වූ වැඩසටහනක හෝ සිදු කර නොමැති බව ත්, ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටු, ගිණුම් හරහා එවැනි සඳහනක් හෝ සිදු කර නොමැති බව ට තහවුරු වුණා.

    සර්ව ජන බලය ව්‍යාපාරය

    අප මේ පිළිබඳව චන්න ජයසුමන මහතා (ස්වාධීන මන්ත්‍රී සංසදය) සහ දිලිත් ජයවීර මහතා(මව්බිම ජනතා පක්ෂය),වීරසුමන වීරසිංහ මහතා (කොමියුනිස්ට් පක්ෂය) සහ ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය ඒකකයෙන් ද, මේ පිළිබඳව අප කළ විමසීමේදී සමාජ මාධ්‍ය වාර්තා බැහැර  කරමින් ඔවුන් සඳහන් කළේ, තමන් ජාතික ජන බලවේගය සමග සන්ධාන නොවන බව ත්, තමන්ගේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමේ තීරණයක් ද නොමැති බවයි.

    ජාතික ජන බලවේගය 

    ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් අප කළ විමසීමේදී ද, ඔවුන් සඳහන් කළේ ද, සර්ව ජන බලය ව්‍යාපාරය සමගින් ජාතික ජන බලවේගය සන්ධාන වීමේ කිසිදු එකඟතාවක්, සාකච්ඡාවක් සිදු නොවුණු බව ත්, ඔවුන්ගේ සහය අනුර කුමාර දිසානායක මහතාට ලැබෙන බවට පළ වන සටහන් ද, අසත්‍ය බවයි.

    පුවත් සංස්කරණයක්

    ඉහත පළ කර තිබූ පුවත Neth Newsහි පළ කර තිබූ පුවතක් බවට දක්වා තිබූ බැවින්  එහි නිල ෆේස්බුක් පිටුව පර‍ීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, ‘ලංසා , විමල්, ගම්මන්පිළ එක් වූ සර්ව ජන බලයේ සහය අනුරට හිමිවන ලකුණු යනුවෙන්’ සඳහන් කළ පුවතක් නොව “විමල්, ගම්මන්පිළ එක් වූ සර්ව ජන බලයේ සහය ජනපතිට හිමිවන ලකුණු” යනුවෙන් සඳහන් වූ පුවතක් එහි පළ කර ඇති බවයි.

    එම සත්‍ය සමාජ මාධ්‍ය සටහන පහතින්.

    Facebook

    ඒ අනුව සත්‍ය ශීර්ෂ පාඨය සංස්කරණය කර නොමග යන සුළු අන්දමින් මෙම නව පක්ෂය අනුර දිසානායකට සහයෝගය දක්වන බවට පළ කර තිබෙන බවට දැක ගන්නට ලැබේ.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    “ලංසා , විමල්, ගම්මන්පිළ එක් වූ සර්ව ජන බලයේ සහය අනුරට හිමිවන ලකුණු යනුවෙන්”සඳහන් කරමින් පළ වූ සටහන් නොමග යවන සුළු වේ. මෙම සටහන් සර්ව ජන බල ව්‍යාපාරය විසින් ප්‍රතික්ෂේප කරන අතර මෙම පක්ෂය සමග සන්ධාන ගත වීම අසත්‍ය පුවතක් බවට ජාතික ජන බලවේගය විසින් ද, සඳහන් කරනු ලබයි. Neth Newsහි පළ වූ “විමල්, ගම්මන්පිළ එක් වූ සර්ව ජන බලයේ සහය ජනපතිට හිමිවන ලකුණු” යනුවෙන් සඳහන් කළ පුවතක් සංස්කරණය කරමින් අසත්‍ය සටහනක් නිර්මාණය කිරීම මෙම නොගම යෑමට හේතු වී තිබෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-06-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.