Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රභූ වාහන සඳහා හෝන් ගසා විරෝධතාවය දැක්වූ වීඩියෝව 2021 වසරේ වීඩියෝවක්!

    2025-02-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් බලයට පැමිණි පසු ඔවුන් තදින් ම විරුද්ධ වූ ප්‍රභූ වාහන සංකල්පය ඔවුන් විසින් තව දුරටත් ක්‍රියාත්මක කරන බවට හඟවමින් එමෙන් ම ඊට විරෝධය දැක්වූ ජනතාවගේ වීඩියෝවක් බවට හඟවමින් සම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    වත්මන් රජය විසින් බලයට පැමිණි පසු ඔවුන් තදින් ම විරුද්ධ වූ ප්‍රභූ වාහන සංකල්පය ඔවුන් විසින් තව දුරටත් ක්‍රියාත්මක කරන බවට හඟවමින් එමෙන් ම ඊට විරෝධය දැක්වූ ජනතාවගේ වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “මේකටද අපි ඡන්දේ දුන්නේ ලැජ්ජයි” VIP වාහන වලට මහ පාරේදී ජනතාවගෙන් වැදුන හෝන්…” යනුවෙන් සඳහන් කරමින් මෑතකදී ගමන් ගත් ප්‍රභූ රථ පෙළකට ඉඩදීම සඳහා මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන නැවතීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් ඒවායෙහි ගමන් ගත් මගීන් විසින් විරෝධය දක්වන අයුරු බවට හඟවා තිබුණා. එම වීඩියෝව පහතින්.

    Facebook

    මෙම වීඩියෝව සඳහා ප්‍රතිචාර දක්වමින් බොහෝ ෆේස්බුක් පරිශීලකයින් ද, පවසා තිබුණේ මෙම වීඩියෝව පැරණි වීඩියෝවක් බවයි.

    කෙසේ වෙතත් මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙලෙසින් විරෝධතාවයක් මෑතකදී ජනතාව විසින් දක්වනු ලැබුවේ නම් එය ප්‍රධාන මාධ්‍ය ධාරා වල හෝ ඔවුන්ගේ ප්‍රධාන මාධ්‍ය තුළ පළ කරනු ලබන බැවින් අප ඒ පිළිබඳ කළ පරීක්ෂාවේදී එවැනි විරෝධතාවක වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි.

    ඉහත වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී එම වීඩියෝවේ දැක්වෙන සියලු මගීන් සහ පොලීසිය ඇතුළුව මුඛ ආවරණ පැළඳ සිටින බව ද, දැක ගන්නට ලැබුණා. එලෙසින් මෑතකදී සියලු දෙනාම පාහේ මුඛ ආවරණ පළදිනු ලැබුවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේදී ය.

    එමෙන් ම මෙලෙසින් හෝන් ගසා ප්‍රභූ වාහන සඳහා විරෝධතාව අරගල සමයේදී ද, බහුලව දක්නට ලැබුණු බැවින් අප ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව දැක ගන්නට ලැබුණේ එම වීඩියෝව 2021 වසරේ අප්‍රේල් මසදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් බවයි. ලංකාදීප පුවත් ෆේස්බුක් පිටුවේද, මෙම වීඩියෝව පළ වී තිබුණේ මේ අයුරින්.

    Archived Link

    එමෙන් ම මෙම වීඩියෝව එම වකවාණුවේ තව ත් ෆේස්බුක් පිටු ඔස්සේ ද, පළ කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. තව ත් විරෝධතාවක් මෙතනින්.

    එමෙන් ම මෙම වීඩියෝවේ පසුබිම පරීක්ෂා කිරීමේදී මෙම ස්ථානය බොරැල්ල කනත්ත  මෙන්ම ජයරත්න මල් ශාලාව දැක ගන්නට ලැබෙනවා.

    ඒ අනුව මෙය බොරැල්ල කනත්ත හන්දියේ බැවින් අප ඒ ආසන්නයේ ඇති කඩ සාප්පු කිහිපයකින් මෑතකදි හෝන් ගසා ප්‍රභූ වාහන සඳහා විරෝධතාවයක් දැක්වූයේ ද, යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමසීම් කළ අතර ඔවුන් තහවුරු කරේ ද, එවැනි විරෝධතාවක් මෑතකදී දැක ගන්නට නොලැබුණු බව ත්, එය ආර්ථික අර්බුදය දරුණුවට තිබූ අවධියේ දැක් වූ විරෝධතාවක් බවයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ප්‍රභූ වාහන ගමනාගමනයන් සඳහා මාර්ග වසා දැමීම වර්තමානයේදී සිදු නොකරන බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    මෑතකදී ප්‍රභූ රථ පෙළක සඳහා විරෝධතාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වීඩියෝව 2021 වසරේ අප්‍රේල් මස දැක්වූ විරෝධතාවක වීඩියෝවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-02-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.