Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    එදා සහ අද මිල සැසඳීමේ දී ගණිතමය වශයෙන් සිදුවූ වරදක් !

    2022-03-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය කාලය තුළ ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් හමුවේ සමාජ ජාලා පරිශීලකයින් විසින් දැනට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් සහ වත්මන් මිල ගණන් සැසදීමට කටයුතු කරනවා.මින් ඇතැම් මිල ගණන් සැසදීම් ගණිතමය වශයෙන් වැරදියි.මේ එවන් වැරදි සහගත

    පසුගිය කාලය තුළ ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් හමුවේ සමාජ ජාලා පරිශීලකයින් විසින් දැනට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් සහ වත්මන් මිල ගණන් සැසදීමට කටයුතු කරනවා.මින් ඇතැම් මිල ගණන් සැසදීම් ගණිතමය වශයෙන් වැරදියි.මේ එවන් වැරදි සහගත ගණනය කිරීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු සොයා බැලීමක්. 

    සමාජ ජාලා සටහන් 

    “මෙසේ ගෙවෙන්නේ ඔබගේ ජිවිතේ” යන තේමාවෙන් ෆේස්බුක් පරිශීලකයන් විසින් පළකර තිබුණේ මේ ආකාරයේ සටහන් පෙළක් මගින් මීට වසර කිහිපයකට පෙර සහ වර්තමානයේ පවතින බඩු මිල සැසඳීමක් සිදුකර තිබුණි.

    Facebook | Archived 

    මෙම සටහන් සඳහා මුල් වී තිබු දිනක්ෂි ප්‍රියසාද් විසින් ද හුවමාරු කරගෙන තිබීමත් සමඟ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබු සටහන පහතින්.

    Facebook | Archived

    බැලු බැල්මටම මෙම සටහන් දෙකෙහිම පෙර පැවති මිල ගණන් ලෙස දක්වා තිබු එකතුව සමාන බව පෙනී යනවා. නමුත් ඉහත හිරු පුවත් සන්නාමය සමඟ පල වී තිබු සටහනේ “කහ” මිල දැක්වෙන්නේ නැහැ.

    කරුණු විමසා බැලීම:

    ඉහත මුල් සංසන්දනාත්මක සටහනේ “හිරු” පුවත් සන්නාමය යොදා තිබුණු අතර මෙම සටහන් මුල් වරට හිරු පුවත් ෆේස්බුක් පිටුවේ පළවී තිබු අතර මේ වන විට ඉවත් කර ඇති මුල් සටහන ඉවත් කිරීමට පෙර අප ලබාගත් ඡායාරුපයක් පහතින්

    බොහෝ සටහන් මඟින් මෙහි දක්වා තිබු එකතුව නිවැරදි නොවන බව දක්වා තිබු අතර අපගේ පරීක්ශාවේදී ද එය තහවුරු වුණා. එනම් නව මෙන්ම පැරණි මිල ලෙස දක්වා තිබු මිල ගණන් එකතු දෙකෙහිම දෝෂ තිබෙන බව අපට පෙනී ගියා.

    පෝස්ටුවෙහි  පැරණි මිල ලැයිස්තුවෙහි එකතුව වන්නේ මෙහි දක්වා ඇති එකතුව ලෙස දක්වා තිබු 3,607.25 ට වඩා අඩු අගයක්, එනම් රුපියල් 3357.25 කි.

    එසේම නව මිල ලැයිස්තුවේ එකතුව වන්නේ ද එහි දක්වා ඇති එකතුවට වඩා අඩු අගයක් .එනම් රුපියල් 13,158 ක් නොව රුපියල් 8158 කි.

    මේ අනුව වර්තමාන සහ පැරණි මිල සංසන්දනයේ වෙනස ඇත්ත වශයෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු පරිදි (13,158-3607.25 = 9550.75 ක් නොව 8,158- 3,357.25= 4800.75 කි)

    එසේ වූයේ කවර ආකාරයෙන්ද ? හිරු පුවත් මඟින් පළකර පසුව ඉවත්කර ගන්නා ලද සටහනෙහි කහ කුඩුකිලෝ එකක මිල සටහන්ව නැති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු මුලින් හුවමාරු වූ දෙවන සටහනේ කහ කුඩු කිලෝවක සංසන්දනයක් දක්වා තිබුනා. ඒ අනුව කහ කුඩු කිලෝවේ මිල ඉවත්කළ ද එකතුව යාවත්කාලීන කිරීමට අතපසු වීම හේතුවෙන් වැරදි මිල එකතුවක් දක්වා තිබුණි.

    සමාජ මාධ්‍ය ඔස්සේ හිරු සන්නාමය සමඟ හුවමාරු වූ සටහනේ එකතුන් නිවැරදි කොට පලකර තිබු සටහනක් පහතින් 

    ඉන්පසුව අප  අවධානය යොමුකළේ මෙම පැරණි මිල අගයන් වල දත්ත කුමන කාලයකට වඩාත් ගැලපේද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ  2018 වසරේ තිබූ මිල ගණන් වල දත්ත වලට මෙම පැරණි අගයන් බොහෝ දුරට ගැළපෙන වගයි. පෙට්‍රල් මිල රුපියල් 137 බවට පත්වූයේ 2018 මැයි මාසයේදීයි. ඒ පිළිබදව විස්තර දැනගත හැකියි මෙතනින්.

    2018 වසරේ සහල් කිලෝ එකක මිල රුපියල් 85 ආසන්න අගයන්හි පැවතුනා. එමෙන්ම පාන් රාත්තලක මිල 2018 වසරේ මුල් භාගය වන විට පැවතියේ රුපියල් 55 ක පමණ මිලකයි. පරිප්පු මිලද රුපියල් 109 ට ආසන්න අගයක 2018 මුල් භාගය වන විට පැවතුණා . කිරි පිටි මිලද ඒ ආකාරයට සමාජ ජාලා සටහනේ සටහන් මිල ආශ්‍රිතව පැවති බව නිරීක්ෂණය කළ හැකියි රජයේ දත්ත මගින්.මේ සම්බන්ධ දත්ත වාර්තාවලට පිවිසිය හැකියි මෙතනින්.

    ඩොලරයට සාපේක්ෂව රුපියල දැඩි ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් ඉන්ධන හා ගෑස් මිළ ගණන් ඉහළ යෑම ඇතුළු කරුණු මුල් කරගනිමින් ඉහත ලයිස්තුවේ දක්වා තිබු භාණ්ඩ වලට අමතර වෙනත් භාණ්ඩ හා සේවා රැසක ද මිල මේ වන විට ඉහළගොස් ඇත. ඒ පිළිබඳව මෑතක දී පළවූ වාර්තාවක් මෙතනින්. තවත් පුවතක් මෙතනින්

    සැ. යු: පැරණි මෙන්ම නව මිල ගණන් වල ද සුළු වෙනස්කම් තිබිය හැකි වුව ද ආසන්න වශයෙන් එම මිල ගණන් වෙළඳ පොළේ දක්නට ලැබෙනවා.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වන්නේ හිරු පුවත් මඟින් මුල්වරට පලකර පසුව ඉවත් කර තිබු භාණ්ඩ කිහිපයක මිල සංසන්දනය කරන ලැයිස්තුවේ මීට වසර කිහිපයකට පෙර පැවති සහ වර්තමාන මිලෙහි එකතුවේ ගණිතමය වැරදීමක් සිදුවී තිබු බවයි. නිවැරදි එකතුව අනුව වුව ද එහි දක්වා තිබු මිල ගණන් පරතරය රුපියල් 5000 කට ආසන්න අගයක් ගනී

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.