Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් ?

    2021-02-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සිලනිකා නම් දුර්ලභ ගණයේ ශාකයක් අවට පරිසර පද්ධතිය එලි පෙහෙළි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ සඳහා මුල්වී තිබුනේ ගම්පහ දිසා වන නිලධාර

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සිලනිකා නම් දුර්ලභ ගණයේ ශාකයක් අවට පරිසර පද්ධතිය එලි පෙහෙළි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ සඳහා මුල්වී තිබුනේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය මාධ්‍ය වෙත සිදුකර තිබු අදහස් දැක්වීමක් මුලික වී තිබුණා.

    එම අදහස් දැක්වීමෙන් පසුව, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම මාතෘකාව යටතේ විවිධාකාරයේ සටහන් රැසක් පළවී තිබෙනු දැකගන්නට ලැබුණු අතර දේවානි ජයතිලක මහත්මියට පක්ෂව මෙන්ම විපක්ෂව ද එබඳු සටහන් ඉදිරිපත් කර තිබුණා.

    මෙවන් පසුබිමක ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වී තිබෙනු ද දැක ගන්නට ලැබුණා. නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුනේ ඇයට විරුද්ධව විනය පරීක්ෂණයක් මෙතෙක් සිදුවී නොමැති අතර මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඇයට උපදෙස් ලබා දීමක් සිදුවූ බවයි.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ඇතිවූ හදිසි අවශ්‍යතාව මත ආයතනික පූර්ව Crudia zeylanica ශාකය පිහිටි පරිසර කලාපය රැකගැනීමට ඉදිරිපත් වීමේදී මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමත්, Crudia zeylanica හෙවත් දාරලුවේ පණු කරඳ ශාකය පිහිටි පරිසර කලාපය අත්තනෝමතික ලෙස ඩෝසරයක් යොදාගෙන “සංවර්ධනය කිරීමට එරෙහි වීම” යන කාරණා 02 මත, ගම්පහ අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට එරෙහි ව විනය පරීක්ෂණයක්!” යන විස්තරය සහිතව සටහනක් Tourism Kollo නම් ෆේස්බුක් පිටුවක් හුවමාරු කරගෙන තිබුනේ පහත පරිද්දෙන්

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\59 Devani Suspended\76740f0d-4921-4ce9-b9d3-a9796e5a974b.png

    Facebook | Archived  Facebook | Archived Facebook | Archived

     “දේවානි සහෝදරියට විනය පරීක්ශාවක්..” යනාදී තේමාවලින් තවත් සටහන් රැසක් ද හුවමරු වී තිබුණා

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    “ලොවින් තුරන් වී ඇතැයි සැලකූ, මෙරටින් හමුවුණු එකම ශාඛය 99න් බේරෙයි” යන තේමාවෙන් පෙබරවාරි මස 07 වැනිදා Newsfirst පළකර තිබු ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය විසින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේ වීඩියෝව මෙතනින්.

    එහි ඉදිරිපත් වී ඇති කරුණු සම්බන්ධයෙන් කරුණු විමර්ෂණයක් අප ඉදිරියේදී පළකිරීමට බලාපොරොත්තු වන අතර ඉහත මාධ්‍ය වෙත සිදුකර තිබු ප්‍රකාශයත් සමඟම දේවානි ජයතිලක මහත්මිය ඉලක්ක කරගනිමින් පළවී තිබු ඇතැම් සටහන් මඟින් ප්‍රශ්න නඟා තිබුනේ දේවානි ජයතිලක මහත්මිය සිය රාජකාරි සීමාවෙන් පරිභාහිරව කටයුතු කළාද යන්නක්

    එම සටහන් වලට පිළිතුරු වශයෙන් පරිසරවේදී නිතීඥ ජගත් ගුණවර්ධන මහතා “වනජීවී සංරක්ෂණයේ වන සංරක්ෂණ නිලධාරීන් සතු බලතල​” යන තේමාවෙන් පළවූ සටහනකින් නෛතික කරුණු ද පෙන්වා දෙමින් පවසා තිබුනේ දේවානි ජයතිලක මහත්මියට ඔහුගේ ප්‍රශංසාව සහ ප්‍රණාමය පිරිනැමෙන බවක්. දීර්ඝ විස්තරයක් සහිත එම සටහන පහතින්. 

    https://www.facebook.com/jagath.gunawardana/posts/5292306847476233?__cft__[0]=AZXu5zoKzPDVtei0nByrb3-3JSUZIBkNX-Z7i7UJBVhpvPpOTQ8R0lPSu-mBVmMdLmqx_j8PhaPiNme6MtsUkjzYun3C6Gxshg9NPJFTfDK6uqyP-YDlUc99y5ffgCWqzO8&__tn__=%2CO%2CP-R

    Facebook | Archived

    සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් වන පරිදි ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් සිදු කළේද යන්න පිළිබඳව ඇයගෙන් අප සිදුකළ විමසීමකදී ඇය පවසා සිටියේ විනය පරීක්ෂණයක් කිසි විටෙකත් මෙතෙක් සිදුව නොමැති අතර එවැන්නක් පිළිබඳව දැනුම් දී ද නොමැති බවයි. කෙසේවෙතත් මාධ්‍යට අදහස් ලබා දීමේදී පළමුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව දැනුම් දී සිටින බවට ඇයට උපදෙස් ලබා දී තිබූ බවක් ද පවසා සිටියා

    මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂක තිලක් ප්‍රේමකාන්ත මහතාගෙන් ද නිල විමසීමක් සිදු කළ අතර එම අවස්ථාවේදී ඒ මහතා අපට පවසා සිටියේ ද පසුගියදා සිදුවීම් සම්බන්ධයෙන් ඇයට විරුද්ධව මෙතෙක් විනය පරීක්ෂණයක් සිදුකර හෝ සිදු කිරීමට තීරණය කර නොමැති බවයි. 

    කෙසේවෙතත් ක්ෂේත්‍ර අධ්‍යයනක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුවීම සිදුනොවන බැවින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබු බව පවසා සිටියා. 

    මේ සම්බන්ධයෙන් “දේවානි ජයතිලකට මාධ්‍ය තහනම වෙයි” යන තේමාවෙන් පළවූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

    Hiru News | Archived

    පසුගිය වසරේ ද රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සමඟ ඇතිවූ සංවාදයක් මුල්කරගනිමින් ද දේවානි ජයතිලක මහත්මිය පිළිබඳව විශාල කතාබහක් ඇතිවුනා. එම අවස්ථාවේ ද ඇයට ස්ථාන මාරුවක් ලබාදුන් බවට ව්‍යාජ සටහන් රැසක් හුවමාරු වූ අතර ඒ පිලිබඳ අප කරුණු අනාවරණය කලේ මෙලෙසින්

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුනේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් මෙතෙක් සිදුවී නොමැති බවයි. කෙසේවෙතත් මාධ්‍ය වෙත අදහස් දැක්වීමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඇයට උපදෙස් ලබා දීමක් සිදුවී තිබෙන බව අපට දැනගනන්ට ලැබුණා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-02-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.