Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: වෙසක් පොහෝ දින මිහින්තලය රජමහා විහාර භූමියේ ලබාගත් ඡායාරූපයක්ද?

    2021-07-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගන්නා ඡායාරූප සම්බන්ධයෙන්ද අප නිතර සැළකිය යුතු වන්නේ ඒ හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදුවන බැවිනි. නමුත් හිතාමතාම ජනතාව නොමග යැවීම සඳහා එම ඡායාරූප යම්කිසි සිදුවීමකට අදාළ සත්‍ය ඡායාරූප බවට ඒත්තු ගැන්වීමට, ඇතැම් විට උපහාසාත්මක

    ඇතැම් සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගන්නා ඡායාරූප සම්බන්ධයෙන්ද අප නිතර සැළකිය යුතු වන්නේ ඒ හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදුවන බැවිනි. නමුත් හිතාමතාම ජනතාව නොමග යැවීම සඳහා එම ඡායාරූප යම්කිසි සිදුවීමකට අදාළ සත්‍ය ඡායාරූප බවට ඒත්තු ගැන්වීමට, ඇතැම් විට උපහාසාත්මක හෝ අපහාසාත්මක කෝණවලින් කටයුතු කිරීම ද සුලබව දක්නට ලැබෙනවා. 

    වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ චෝදනා මත මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පිරිස අතර මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ මහතා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ පුවත් රැසක් අන්තර්ජාලය ඔස්සේ වාර්තා වුණා. මාධ්‍ය දර්ශනවලදී ඔහුගේ මුහුණ වසා තිබීම හේතුවෙන් ඔහුගේ බව පැවසෙන ඡායාරුප පෙළක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු ද අපට දැක ගන්නට ලැබුණා.

    එවැනි එක් ඡායාරුපයක්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරුපයක් සමඟ හුවමාරු වී තිබූ අවස්ථාවක් සම්බන්ධයෙන් අප කරුණු විමර්ශනයක් සිදු කරනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    Ethalaya Magazine නම් ෆේස්බුක් පිටුවේ දීර්ඝ විස්තරයක් සහිතව දක්වා තිබුණු සටහනක් සඳහා යොදා ගෙන තිබුණු ඡායාරූප පිළිබඳව එම සටහනේ අවසානයේ දක්වා තිබුනේ මෙලෙසින්.

    මහින්ද රාජපක්ෂ සහ දැරිය දූෂණය කළ ලලිත් එදිරිසිංහ වෙසක් පොහෝ දින මිහින්තලය රජමහා විහාර භූමියෙ සිල් සමාදන් වූ අයුරු පහළ ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙයි.

    Facebook | Archived Link

    මෙම ඡායාරුප එකතුව වෙනත් අය විසින් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබු අවස්ථාවක් පහතින්.

    Facebook | Archived

    සත්‍ය වශයෙන්ම පසුගිය වෙසක් පොහොදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෝ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ යන අයද, මිහින්තලය රජමහා විහාර භූමියෙ සිල් සමාදන් වූවාද යන්න සහ ඉහත සටහන සඳහා යොදා ගෙන ඇති ඡායාරූප කුමන අවස්ථාවක ලබා ගත් ඡායාරූපද යන්න පිලිබඳ අප විමසීමක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සඳහන් සටනේ දක්වා තිබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිනාසෙමින් සිටින  ඡායාරූපය පිළිබඳ කළ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ එම ඡායාරූපය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සිය නිල ෆේස්බුක් ගිණුමේ පියවරුන්ගේ දිනයට තම පියාට කළ සුබ පැතීමට යොදා තිබූ ඡායාරූපයක් බවයි.

    Facebook | Archived Link

    ඉහත ඡායාරූපයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපය පමණක් යොදාගෙන එහි දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා මිහින්තලය රජමහා විහාර භූමියෙ සිල් සමාදන් වූ අයුරු බවට දක්වා තිබුණා.

    එම ඡායාරූප සංසන්දනය පහතින්.

    එසේම අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 210 වැන්න වෙසක් පොහොය දිනට සමගාමීව අරලියගහ මන්දිරයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ධර්ම දේශනාවක් පැවැත්වුණි. එම අවස්ථාව මෙතනින්. එසේම පොසොන් පොහොය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී පෙහෙවස් සමාදන් වීම පිළිබඳ වාර්තාවක් මෙතනින්. 

    පසුගිය වෙසක් පොහෝදාට සමගාමීව සියලු ආගමික වතාවන් නිවෙස්වල සිදු කිරීමට පියවර ගත් අතර ආගමික ස්ථානවලටද ජනතාව ඒකරාශි වීමද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නොහැකි වීම හේතුකොට ගෙන මිහින්තලය රජමහා විහාරයේදී සිල් සමාදන් වීමේ වැඩසටහනක් සිදු නොවිය හැකි වුවද අප මේ සම්බන්ධයෙන් විමසීමට රජමහා විහාරයේ විහාරාධිපති දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

    මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පැවසුවේ පසුගිය වෙසක් පොහොය දින කිසිදු සීල ව්‍යාපාර වැඩසටහනක් මිහින්තලය රජමහා විහාර පුදබිමේ සිදු නොවූ බවයි. එසේම කොවිඩ් වසංගතය ආරම්භ වීමත් සමඟම පසුගිය වසරේ සිට ජනතාව ඒකරාශී වන ආගමික වැඩසටහන් විහාර භුමියේ සිදු නොවූ බවද අවධාරණය කළා.

    තව ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරුපය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ දී එහි සම්පුර්ණ ඡායාරුපයක් ද අපට මෙසේ (සිල් රෙද්දෙන් වැසුණු කුපාඩි කම යනාදී තේමා යටතේ) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණා.

    එම ඡායරුපයේ සිටින්නේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ යන අය බව මිහින්තලේ ප්‍රාදේශීය සභාපතිතුමා අපට තහවුරු කර සිටියා.

    එම ඡායාරුපය සම්බන්ධයෙන් මිහින්තලා රාජමහා විහාරාධිපති අවධාරණය කළේ අදාළ ඡායාරුපය මිහින්තලය රජමහා විහාර භූමියේදී ලබා ගත් ඡායාරූපයක් නොවන බවට සහතික වන බවයි. එහි පසුබිම ද මිහින්තලා පුදබිමේ සීල ව්‍යාපාර පවැත්වෙන පසුබිමකට වඩා වෙනස් බව පෙනී යනවා. මෙවර පොසොන් පුන් පොහෝ දින මිහින්තලා විහාර භූමියේ දී සිදුවූ වැඩසටහන් පිළිබඳ දර්ශන මෙතනින්. කෙසේවෙතත් එහි මුල් ඡායාරුපය අපට මෙතෙක් ලැබුනේ නැහැ.

    සැ:යු: අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනේ ඡායාරූප දෙක සම්බන්ධයෙන් පමණක් කරුණු විමර්ශනය කර ඇති අතර එම සටහනේ දක්වා ඇති අනෙක් තොරතුරු සම්බන්ධයෙන් කිසිදු කරුණු පරීක්ෂාවක් සිදු කර නොමැත.

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව ඉහත සටහනේ සඳහන් කර ඇති මහින්ද රාජපක්ෂ මහතා සහ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහ යන අය වෙසක් පොහෝ දින මිහින්තලය රජමහා විහාර භූමියෙ සිල් සමාදන් වූ අයුරු යනුවෙන් දක්වා ඇති ඡායාරූප වල දැක්වෙන්නේ එදින මිහින්තල පුද බිමේ ලබා ගත් ඡායාරූප නොවේ. ඒ සම්බන්ධයෙන් මිහින්තලය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේද තහවුරු කළේ, පසුගිය වෙසක් පොහෝ දින ජනතාව ඒකරාශී කරමින් කිසිදු ආගමික වැඩසටහනක් සිදු නොවූ බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.