Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    21 රැලියට සහභාගි වූ පිරිස දැක්වෙන ඡායාරූප පෙළක්ද?

    2025-11-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කර තිබුණු මහජන රැලියක් පසුගිය 21 වන දා නුගේගොඩ දී  පැවැත්වුණා. එම රැලියේ යැයි හඳුන්වමින් ජායාරූප රැසක් සමාජ මාධ්‍ය ත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කර තිබුණු මහජන රැලියක් පසුගිය 21 වන දා නුගේගොඩ දී  පැවැත්වුණා. එම රැලියේ යැයි හඳුන්වමින් ජායාරූප රැසක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා. එම ජායාරූප සම්බන්ධයෙන් අප සිදු කල කරුණු පරීක්ෂාවක් මේ,

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අද විපක්ෂයේ රැලිය සාර්ථකයි ” යනුවෙන් සඳහන් කරමින් ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා.

    Facebook | Archived

    weblink | Archived 

    Facebook|Archived


    Facebook |Archived

    TIKTok|Archived

    21 රැලියේ දී ලබාගත් බවට හඳුන්වමින් තවත් ජායාරූපයක් සමාජ මාධ්‍ය තුළ බහුල වශයෙන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්,

    TikTok | Archived

    Facebook | Archived

    Weblink | Archived

    සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන මෙම ජායාරූප සත්‍ය ලෙසම පසුගිය 21 වන දා පැවැත්වුණු විපක්ෂයේ රැලියේදී ලබාගත් ජායාරූප ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    21 වන දා විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කර තිබූ රැලියේ ජායාරූප සහ ඩ්‍රෝන දර්ශන ලෙස දක්වා තිබූ ඉහත ජායාරූප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් වාර්තා කර නොතිබුණු බැවින් අප ඉහත ජායාරූප සහ ඩ්‍රෝන දර්ශන Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඩ්‍රෝන යානා දර්ශන 21 වන දා රැලියේ ජායාරූප නොවේ.

    රැලියේ ඩ්‍රෝන දර්ශන ලෙස දක්වා තිබූ ජායාරූප Reverse Image සෙවුමක් ඔස්සේ සොයා බැලීමේදී තහවුරු වූයේ ඇතැම් ඩ්‍රෝන දර්ශන ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ ආනන්ද සමරකෝන් එලිමහන් රංග පීඨයේදී පැවැත් වූ රැලියක දී ලබාගත් ඩ්‍රෝන දර්ශන බවයි. එම ඩ්‍රෝන දර්ශන 2022 වසරේ දී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම තුළ පල කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    X | Archived

    සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන තවත් ජායාරූපයක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛව 2015. 02 18 වන දින නුගේගොඩ දී පවත්වන ලද රැලියේ ජායාරූපයක් බව තහවුරු වනවා.

    POLITICSLK

    හුවමාරුවූ තවත් ජායාරූපයක් 2022 අරගලය අවස්ථාවේ ලබා ගත් ඩ්‍රෝන දර්ශනයක් බව පැහැදිලි වනවා.

    Sri Lanka Guardian

    21 රැලියේ ඡායාරූපයක් ලෙසින් හුවමාර වූ තවත් ඡායාරූපයක් Reverse Image හරහා සොයා බැලීමේදී එම ඩ්‍රෝන ජායාරූපය 2024 ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් නුගේගොඩ දී පවත්වන ලද අවසාන මහා රැළියේ ඡායාරූපයක් බව තහවුරු වුනා. වත්මන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම තුළ අදාල ඡායාරූපය පළකර තිබුණේ මෙලෙසින්,

    Instagram | Archived

    21 රැලියේ ජායාරූපයක් ලෙස හඳුන්වමින් හුවමාරු වූ තවත් ජායාරූපයක් බැලූ බැල්මට දක්නට ඇති අස්වාභාවික බව නිසා අප විසින් එම ජායාරූපය AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් කිහිපයක් වෙත යොමු කරමින් එහි සත්‍ය අසත්‍යතාවය පරීක්ෂා කිරීමට අප පියවර ගත්තා. 

    ඒ අනුව පෙනී ගියේ, සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන ඉහත ජායාරූපය සැබෑ ජායාරූපයක් නොව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද දර්ශනයක් බවට ඉහළ සම්භාවිතාවයක් තිබෙන බවයි. එසේම ජායාරූපයේ පෙනී සිටින ජනතාව ජාතික කොඩි අත දරා සිටින ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. 

    21 වන දා රැලියේදී ජනතාව ජාතික කොඩි සහිතව සිටින ආකාරයක් කිසිදු ප්‍රධාන මාධ්‍යයක් විසින් වාර්තා කර තිබුණේ නෑ. එසේම ඉහත ජායාරූපය නිරීක්ෂණයේදී එහි පෙනෙන්නට තිබෙන අක්ෂර සිංහල භාෂාව නොවන බවද පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව අදාළ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධිය මගින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බව තව දුරටත් තහවුරු වනවා.

    මෙම ඡායාරූපය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ පලකර ඇති අතර පසුව එය ඉවත්කර ඇති බව සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් සඳහන් කර ඇත. අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරු වීමට එය හේතුවක් වී ඇත.

    Facebook | Archived

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) : අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පසුගිය 21 වන දා පැවැත් වුනු විපක්ෂයේ ජන රැලියේ ලෙසින් දක්වා තිබූ ඩ්‍රෝන දර්ශන සහ ජායාරූප පැරණි සහ කෘත්‍රිම බුද්ධිය මඟින් ජනනය කරන ලද ජායාරූපය වන බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PH

    Pavithra Hansani

    Political Correspondent

    Political correspondent with expertise in Sri Lankan government affairs and policy analysis.

    Published: 2025-11-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.