Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් පුද්ගලයන් බවට ව්‍යාජ සටහන් පෙළක්!

    2023-01-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා. මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කොට ඇති අතර එය ඉලක්කර කරගනිමින් මේ වනවිට සි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා. මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කොට ඇති අතර එය ඉලක්කර කරගනිමින් මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර කරමින් නාම යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා.

    පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට නාම යෝජනා භාර ගැනීම පසුගිය දින කිහිපයේ සිදුවූ අතර ජනවාරි මස 21 වනදා මධ්‍යහන 12ට අවසන් වුනා. ඒ පිලිබඳ පුවතක් මෙතනින්. මේ යටතේ මහ නගර සභා 29ක්, නගර සභා 36ක් හා ප්‍රාදේශීය සභා 275ක් සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති, නියෝජ්‍ය සභාපති සහ සභිකයින් තෝරා පත්කර ගනු ඇත. 

    මේ අතර ඇතැම් පක්ෂ වලින් නාමයෝජනා ලබා දුන් පුද්ගලයන් ලෙස අසත්‍ය සහ ව්‍යාජ සටහන් ද බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙස පළ වූ සටහනක් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    දේවානි ජයතිලක ජාතික ජන බලවේග අපේක්ෂක ලයිස්තුවේ බවට සටහන්:

    “පරිසර හිතකාමි වෙමින් – ලෝකය ලස්සන කරවමු…!” යනුවෙන් සඳහන් කරමින් දේවානි ජයතිලක මහත්මිය ජාතික ජන බලවේගයෙන් කොළොන්නාව නගර සභාවට තරඟ කරන බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    ගම්පහ දිසා අඩවි වන නිළධාරිනි දේවානි ජයතිලක මහත්මිය විසින් ජාතික ජන බලවේගයෙන් ගම්පහ මහ නගර සභාවට තරඟ වදිනවාද යන්න පිළිබඳ විමසා බැලීමට අප ඇයව දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා. දේවානි ජයතිලක පවසා සිටියේ එම පුවත අසත්‍ය බවත්, තමන් දේශපාලනයට අවතීර්ණය වී නොමැති බවයි.

    අප මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් විමසා සිටි අතර ඔහු සඳහන් කළේ ද, දේවානි ජයතිලක මහත්මිය ගම්පහ නගර සභාවට තරඟ කිරීමට නාමයෝජනා ලබා දී නොමැති බවයි.

    ඊබ්‍රාහිම් හාජ්ජියාර් මෙවර ජාතික ජන බලවේග අපේක්ෂක ලයිස්තුවේ බවට සටහන්:

    ඊබ්‍රාහිම් හාජ්ජියාර් න්‍යෂ්ටික අයිත් සූදානම් බවට දක්වමින් මීගමුව මහනගර සභාවෙන් තරඟ වදින බවට සටහනක් සංසරණ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වූ මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වන ප්‍රකට කුළුබඩු ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම්, මීගමුව මහ නගර සභාවට තරඟ වදින බවට පළ වූ සටහනේ නිරවද්‍යතාව අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකාර උපුල් රංජන්ගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, මොහොමඩ් ඊබ්‍රාහිම් අළලා හුවමාරු වන පුවත සම්පූර්ණ අසත්‍ය බවත්, මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයෙන් තරඟ වැදීමට නාමයෝජනා ලබා දී නොමැති බවයි.

    2020 වසරේ පැවති පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ දී ද මෙලෙස මොහොමඩ් ඊබ්‍රාහීම් ජාතික ජන බලවේගය යටතේ තරඟ වදින බවට ව්‍යාජ සටහන් හුවමාරු වී ඒ පිලිබඳ එම අවධියේ දී අප විමර්ෂණක් සිදුකළේ මෙලෙසින්.

    ජගත් මනුවර්ණ ජාජබ අපේක්ෂක ලයිස්තුවේ?

    එසේම ජගත් මනුවර්ණ ද මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ වදින බවට සටහනක් උපහාසාත්මක කෝණයකින් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එමෙන්ම රංගන ශිල්පී ජගත් මනුවර්ණ කොඩිතුවක්කු මෙවර මැතිවරණයට ඉදිරිපත් වනවාද, යන්න පිළිබඳ විමසා බැලීම සඳහා අප  දුරකතන මාර්ගයෙන් ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත්, එම අවස්ථාව ව්‍යර්ථක වුණා. ඒ හේතුවෙන්  අප ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, ජගත් මනුවර්ණ පක්ෂය වෙනුවෙන් වැඩ කළත්, ඔහු මෙවර මැතිවරණය සඳහා කිසිඳු හෝ ප්‍රදේශයකින් ඉදිරිපත් නොවන බවයි.

    එරන්ද ගිනිගේ ජාජබ අපේක්ෂක ලයිස්තුවේ?

    එසේම පොදුජන පෙරමුණට පක්ෂව සහ විපක්ෂ පක්ෂවලට එරෙහිව බොහෝ විට අදහස් දැක්වූ එරන්ද ගිනිගේ ද ජාතික ජන බලවේගය යටතේ මෙවර කඩුවෙල මහනගර සභාවට තරඟ කරන බවට පොස්ටුවක් පළව තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived

    එරන්ද ගිනිගේ විසින් සිය ෆේස්බුක් ගිණුමේ පොස්ටුවක් තබමින් පවසා සිටින්නේ තමා ජාතික ජන බලවේගය සමඟ කිසි ලෙසකත් එකතු නොවන බවත් තමාගේ ඡායාරුපය අවභාවිතා කරමින් මෙසේ හුවමාරු වන්නේ ව්‍යාජ සටහනක් බවයි. ඔහු තැබූ ෆේස්බුක් සටහන පහතින්. Archived

    එමෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළ වූ ව්‍යාජ සටහන් පෙළක, ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයේ නිළියක වී සිටි මියා කලීෆාගේ ඡායාරුපයක් සමඟ දක්වා තිබුනේ, ‘මියන්ති කල්හාරි’ නැමැත්තියක් මෙවර පළාත් පාලන ඡන්දයට, විවිධ පක්ෂ යටතේ තරඟ කරන බවක්. එවැනි උපහාසාත්මක කෝණයෙන් පළවූ ව්‍යාජ සටහන් පෙළක් පහතින්.

    Update 31/01/2023 :

    එසේම සමාජයේ ප්‍රසිද්ධියක් උසුළන පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ඡායාරූප එකතුවක් පළ කරමින් ඔවුන් ජාතික ජන බලවේගයෙන් තරඟ කරන බවට දක්වමින් සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    ගායන ශිල්පී සංගීත් විජේසූරිය, ගායන ශිල්පී ශිහාන් මිහිරංග, හඬ කැවීම් ශිල්පී සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක් වන චේතනා කැටගොඩ, සමාජ මාධ්‍ය ක්‍රියාකරු රතිඳු සුරම්‍ය සේනාරත්න, හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායක, කංචුක සමරකෝන්, රංගන ශිල්පී සාරංග දිසාසේකර, ගායන ශිල්පී අශාන්ති ද අල්විස්, පූර්ණිමා විදේශිකා, ගායන ශීල්පී උපේකා නිර්මාණී යන අය මාලිමාවෙන් මහ නගර සභාවට තරඟ කරන බවට මෙම සටහන මඟින් හඟවා තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් වල දැක්වෙන පුද්ගලයන් මෙවර පළාත් පාලන මැතිවණයට තරඟ වදිනවාද යන්න පිළිබඳ සහ ඔවුන් මෙවැනි සටහන් සිය සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කර ඇත් ද, යන්න පිළිබඳව අප මෙහි සිටින සියලු දෙනාගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පරීක්ෂා කළත්, අපට එවන් තොරතුරක්, ඡායාරූපයක් දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් මෙම පිරිස ජාතික ජන බලවේගයෙන් තරඟ කරනවා ද යන්න පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් සිදු කළා. ඔහු සඳහන් කළේ, ඉහත සටහන් වල දැක්වෙන ඇතැම් පුද්ගලයන් ජාතික ජන බලවේගයට සහය පළ කළත්, එහි දක්වා ඇති කිසිදු පුද්ගලයෙකු ජාතික ජන බලවේගයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ නොකරන බවයි.

    කෙසේ වෙතත් මෙම සටහන් සම්බන්ධයෙන් ඉහත සඳහන් සටහනේ දැක්වෙන පුද්ගලයන් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    චේතනා කැටගොඩ

    ඇය සඳහන් කර තිබුණේ ද, මෙම සටහන් අසත්‍ය බවත්, මෙම සටහනේ දැක්වෙන අයුරින් තමන් සිටින්නේ හොරණ ප්‍රාදේශිය සභාවේ නොව, කඩුවෙල ප්‍රදේශයේ බවයි.

    Facebook | Archived Link

    ඩිලාන් සේනානායක

    ෆේස්බුක් සටහනක් මගින් ඔහු සඳහන් කර තිබුණේ, “මම ඡන්දේ ඉල්ලන්නේ නැත . පෝස්ට් හදපු ඔබට ස්තූතී 😡පෝස්ටර් ටිකත් ගහල දෙන්න බැරිද. ප.ලි දේශපාලනය අපිත් කරනවා හැබැයි ඡන්දේ ඉල්ලන එකට නෙවේ දේශපාලනේ කියන්නේ….” යනුවෙනි.

    Facebook | Archived Link

    ශිහාන් මිහිරංග

    අප මේ පිළිබඳ ගායන ශිල්පී ශිහාන් මිහිරංගගෙන් විමසා සිටි අතර ඔහු තහවුරු කළේ ද, තමන් කිසිදු පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත් නොවුණු බවත්, ඉහත සටහන් අසත්‍ය බවයි.

    රතිඳු සේනාරත්න

    සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන “රැට්ටා” ලෙසින් හඳුන්වන රතිඳු සේනාරත්නගෙන් ද, අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, තමන් කුමන මතයක් දැරුව ද, කිසිදු අවස්ථාක මැතිවරණයකට තරඟ කිරීමට ඉදිරිපත් වී නොමැති බවත්, ඉහත සටහන් අසත්‍ය බවත් ය.

    කෙසේ වෙතත් අනෙත් පුද්ගලයන්ගෙන් ද, අප මේ පිළිබඳව විමසා ඇති අතර ඔවුන්ගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    රංගන ශිල්පිනි පූර්ණිමා විදේශිකා මාලිමාවෙන් ?

    නිවේදන ශිල්පි මෙන්ම රංගන ශිල්පිනියක වන පූර්ණිමා විදේශිකා මාලිමාවෙන් පානදුර මහ නගර සභාවට තරඟ වදින බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived

    ඇය තරඟ නොවදින බවට උපුල් රංජන් මහතා තහවුරු කළ අතර මෙම සටහන් සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පිළිතුරු ලබා දෙමින් සිය නිල සමාජ ගිණුමේ ඇය පළ කර තිබුණේ මෙය අසත්‍ය තොරතුරක් බවයි.

    Facebook | Archived Link

    එමෙන්ම ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතා පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙවැනි සහ මෙවැනි සටහන් ද අසත්‍ය බවයි. Archived Link | Archived Link

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රංගන ශිල්පී මැණික් විජේවර්ධන මාලිමාවට?

    කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රංගන ශිල්පී මැණික් විජේවර්ධන මාලිමාවෙන් තරඟ වදින බවටත් සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    අප මෙහි නිරවද්‍යතාවය විමසා බැලීම සඳහා ප්‍රථමයෙන් ම මෙම සටහනේ දක්වා ඇති දුරකතන අංකයට ඇමතුමක් ගෙන විමසීමක් සිදු කළා.

    එහිදී දැන ගැනීමට හැකිවූයේ, ඉහත සටහනේ දැක්වෙන තොරතුරු ඇතුළත් ජාතික ජන බලවේගයෙන් තරඟ කරන අපේක්ෂිකාවගේ ඡායාරූප ඉවත් කර, ඒ වෙනුවට රංගන ශිල්පිනියෙකුගේ ඡායාරූපයක් ඇතුළත් කරමින් එම සත්‍ය අපේක්ෂිකාවකගේ නම වන මැණික් වර්ණකුලසූරිය වෙනුවට ඇයගේ වාසගම වෙනස් කරමින් එම නිලියගේ වාසගම වන ‘විජේවර්ධන’ ඇතුළත් කරමින් එම ඡායාරූප සටහන සංස්කරණය කර ඇති බවයි.

    සත්‍ය අපේකෂිකාව අපට යොමු කළ ඇයගේ මැතිවරණ ප්‍රචාරණ සටහන පහතින්.

    එමෙන්ම සමාජ මාධ්‍ය සටහන් වල රංගන ශිල්පිණී මැණික් විජේවර්ධනගේ ඡායාරූපය සහ ඇයගේ නම භාවිත කර සංස්කරණය කර තිබූ සටහන් සම්බන්ධයෙන් ඇය පවසා තිබුණේ මෙම තොරතුර අසත්‍ය බවයි ඒ පිළිබඳ ඇය විසින් සිය Instagram හි තබා තිබූ සටහන පහතින්.

    View this post on Instagram

    A post shared by Manik Wijewardana (@manik___wijewardana)

    Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-01-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.