Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ පිහිටි අවදානම් ස්ථානයක් ද ? (Photo & Video)

    2022-10-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ පිහිටි ස්ථාන ලෙස සඳහන් කරමින් සීඝ්‍ර බෑවුමක් සහිත අවදානම් සහිත පියගැටපෙළක් තරණය කරන පිරිසකයේ ඡායාරූපයක් හා වීඩියෝවක් හුවමාරු ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා. 

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ලංකාවේ පිහිටි ස්ථාන ලෙස සඳහන් කරමින් සීඝ්‍ර බෑවුමක් සහිත අවදානම් සහිත පියගැටපෙළක් තරණය කරන පිරිසකයේ ඡායාරූපයක් හා වීඩියෝවක් හුවමාරු ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණා. 

    සමාජ මාධ්‍ය සටහන් :

    ශ්‍රී ලංකාවේ පිහිටා ඇති “කටුසු කොන්ද” නමැති ස්ථානය ලෙස හඳුන්වමින් කාලයක් තිස්සේ ෆේස්බුක් අවකාශයේ හුවමාරු වෙමින් පවතින මේ වන විට හාරදහසකට වැඩි පිරිසක් අතර සංසරණය වී තිබු තවත් ඡායාරූප සටහනක් පහතින්.

    Facebook | Archived Link

    මෙම සටහන බහුලව ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    එසේම “ලංකාවේ කෙනෙක්නම් අනිවා මෙතන්ට ගිහින් ඇති” යනුවෙන් සඳහන් කරමින් මෙරට ස්ථානයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.

    Facebook

    මෙම වීඩියෝවේ දැක්වෙන ස්ථානය කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසා තිබූ අතර, බොහෝ පිරිසක් මෙම ස්ථානය ලංකාවේ ස්ථානය බවට උපකල්පනය කර තිබුණු බවට දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙලෙසින්.

    මෙම සටහන් මඟින් දැක්වෙන ස්ථාන ඇත්තට පිහිටා තිබෙන්නේ කොහේද ? මෙහි නිරවද්‍යතාවය සොයා විමර්ශනයක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කටුසු කොන්ද ලෙස සඳහන් කරමින් සංසරණය වූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී ද, අපට තහවුරු වූයේ එම ඡායාරූපය මඟින් නිරුපණය වන්නේ ඉන්දියාවේ පිහිටි හරිහාර් බලකොටුව බවයි. 

    Snehal Ghorpade Jadhav නම් ඉන්දියාවේ විවිධ ප්‍රදේශ සංචාරය කරන සහ කඳු තරණයට කැමැත්තක් දක්වන කරන කාන්තාවක්, මෙම ඡායාරුපය මුල් වරට 2019 ජුලි මස “Harihar Fort” යන තේමාවෙන් පළ කර තිබුනේ මෙලෙසින්

    View this post on Instagram

    A post shared by Snehal Ghorpade Jadhav (@over_the_hills4)

    Archived

    ඉන්පසුව එම ඡායාරුපය ඉන්දියාවේ වෙබ් අඩවි රැසක මෙන්ම ලංකාවේ ද හරිහාර් බලකොටුව පිළිබඳ කරුණු සඳහන් කෙරෙන සටහන්වලට ඇතුළත් කර තිබුණේ මෙලෙසින්. Archived Link

    එසේම ලංකාවේ ස්ථානයක් බව හඟවමින් හුවමාරු වූ ඉහත දක්වා තිබු වීඩියෝවේ දැක්වෙන ස්ථානය පිළිබඳව ද අප නිරීක්ෂණයක් සිදු කළ අතර එම මුල් වීඩයෝවම සොයා ගැනීමට නොහැකි වූවත් එම වීඩියෝවේ පසුබිම ද ඉහත සඳහන් කළ  ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ පිහිටි හරිහාර් බලකොටුවට ඉතා සමාන බව අපට දක්ගනන්ට පුළුවන්.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ දර්ශනවලට සමාන වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්

    එමෙන්ම ඉන්දියානු Fact Crescendo කණ්ඩායම ද, තහවුරු කළේ, මෙම ස්ථානය ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් දිස්ත්‍රික්කයේ පිහිටි හරිහාර් බලකොටුව බවයි.

    හරිහර් බලකොටුව (Harihar Fort)

    හරිහර් බලකොටුව නැතහොත් හර්ෂගාඩ් යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් නගරයේ සිට කිලෝමීටර 40 ක් දුරින් පිහිටි බලකොටුවකි. එය නාසික් දිස්ත්‍රික්කයේ වැදගත් බලකොටුවක් වන අතර, ගොන්ඩා ගාට් හරහා වෙළඳ මාර්ගය දෙස සෝදිසි කිරීම සඳහා ඉදිකරන ලද්දකි. ඒ පිලිබඳ වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්. 

    මෙම ස්ථානයට වසර පුරා සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර අංශක 80ක පමණ ආනතියකින් නෙළා ඇති පියගැට පෙළක් සමන්විත වන අතර මෙහි ඇතැම් කොටස් බැසීමේ දී විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්. කෙසේවෙතත් මෝසම් වැසි සමයේ මෙම අවදානම් මධ්‍යයේ ද විවිධ කණ්ඩායම් මෙම කන්ද තරණය කිරීමට පෙළඹෙනවා.

    කටුසු කොන්ද

    රඹුක්කන දුම්රිය ස්ථානය පසුකරයත්ම වම් පසින් දිස්වන මනරම් කන්ද අලගල්ල කන්ද සේ හදුන්වයි. අලගල්ල මුදුනේ කටුසු කොන්ද නම් ස්ථානය පිහිටා තිබෙනවා. මෙම ස්ථානයට ළඟාවන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

    කටුස්සෙකුගේ ශරීරයක් මෙන් පිහිටා ඇති ගල්පර්වතයක් නිසා “කටුසු කන්ද” පටබැඳි මෙම කන්ද තරණය කිරීම ද ඉතා අවදානම් සහිතයි. එයට හේතුව දෙපස ඉතා භයානක ප්‍රපාතයක් තිබීමයි

    මෙහි අවදානතමක බව පෙන්වන වීඩියෝවක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ලංකාවේ ස්ථාන ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව හා ඡායාරූපය සම්බන්ධයෙන් අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ ඒවා මඟින් පෙන්නුම් කරන්නේ මෙරට ස්ථානයක් නොව, ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, නාෂික් දිස්ත්‍රික්කයේ පිහිටි හරිහාර් බලකොටුව බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.