Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    යුද්ධයට යාමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා යුක්‍රේන හමුදා සොල්දාදුවන්ගේ ඡායාරූපද ??

    2022-03-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක්

    දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් සහ ඡායාරූප එකතුවක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක් මගින් හමුදා සෙබළ සෙබළියන්ගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින් .

     “යුක්රේන හමුදා භටයින් තම පවුලේ සමාජිකයන්ගෙන් වෙන් වන ඉතාමත් සංවේදී පිංතූර කිහිපයක්🥺”

    Facebook | Archived

    කාලීනව වැදගත් සටහනක් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

    Also Read:

    යුක්‍රේන ජාතික දැරියක් රුසියානු සොල්දාදුවකුට බැණ වදින අවස්ථාවක්ද ??

    යුක්රේනයේ රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් අවි ගබඩාවක් පිපිරුණු අයුරු ද? (Video)

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අපි මුලින්ම මෙම ඡායාරූප සියුම්ව නිරීක්ෂණය කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඇතැම් සෙබලුන්ගේ නිල ඇදුම් වල උරහිස් ප්‍රදේශයට වන්නට ඇමෙරිකානු ජාතික කොඩිය ඇති බවයි. ඉන් ගම්‍ය වන්නේ මෙම ඡායාරූප වල දක්නට ලැබෙන්නේ යුක්‍රේන සෙබළ ,සෙබලියන් නොව ඇමෙරිකන් හමුදා සාමාජිකයන් බවයි. 

    තව දුරටත් කරුණු සෙවීම සදහා අප අහඹු ලෙස තෝරාගත්  ඡායාරූප 2 ක්  Google Reverse Image පරීක්ෂාවට ලක්කළා.

    Associated Press ඡායාරූප ගොණුවේ තිබී එම එක් ඡායාරූපයක් සොයා ගැනීමට අපට මෙලෙස හැකි වුණා . 

    AP| Archived 

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමෙරිකානු හමුදාවට සම්බන්ධ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන මේජර් Terro Gurrola,2007 වසරේදී  ඉරාකයේ මාස 7 ක් සේවය කිරීමෙන් අනතුරුව සිය මවුරටට  පැමිණෙන අවස්ථාවේදී ඇමෙරිකානු ගුවන්තොටුපළකදී වයස අවුරුදු 3 ක් වන සිය දියණිය මුණගැසුනු අවස්ථාවයි.මේ පිළිබදව Guardian වාර්තාවට පිවිසිය හැකියි මෙතනින් .Archived.

    සමාජ ජාල සටහනේ දැක්වෙන මෙම ඡායාරූපය ඇෆ්ගනිස්තානයේ සේවය සදහා ගිය ඇමෙරිකානු හමුදා සෙබලෙක් සහ ඔහුගේ පවුල අලළා වසර ගණනාවක අධ්‍යයනයකින් නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයකින් උපුටාගත් එකකි.මෙහි මුල් ඡායාරූපය පළවූ NewYork Times වාර්තාවට පිවිසිය හැකියි මෙතනින්.  ඒ පිළිබදව Wall Street Journal හි පළවූ වාර්තාවක් මෙතනින් .

    සමාජ ජාල සටහනේ භාවිතාවූ ඡායාරූප ගණනාවක්ම ඇමෙරිකානු සොල්දාදුවන් නිරූපණය කිරීම සදහා කාලයක් තිස්සේ භාවිතා කල බව සදහන් කළ හැකියි.2020 වසරේ මුල භාගයේදී වෙබ් අඩවියකට සමාජ ජාලා සටහනේ පළව තිබූ ඡායාරූප ගණනාවක්ම ඇතුලත් කර තිබුණු බව දක්නට ලැබුණා.එම වෙබ් සටහනට පිවිසිය හැකියි මෙතනින්. Archived 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ මෙම ඡායාරූප වත්මන් රුසියා-යුක්‍රේන යුද්ධය සදහා පිටත්ව යන යුක්‍රේන සොල්දාදුවන්ගේ ඡායාරූප නොව වසර ගණනාවක් පැරණි ඒවා වන අතර එමගින් නිරූපණය වන්නේ ඇමෙරිකන් හමුදා සෙබලුන්ගේ ඡායාරූප වන බවයි.

    Also Read :

    Did This Massive Blast Happen In Ukraine? Find Out The Truth…

    Old Images Of Ukrainian President Zelenskyy In Military Uniform Shared As Him Joining His Soldiers On The War Front…

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.