Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

    2022-02-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා.  ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සි

    රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා.  ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක්  පිටුවක් මගින් හමුදා ඇදුම් වලට සමාන ඇදුම් ඇදගත් ළමා කණ්ඩායමකගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. 

    “තම මව්බිම සුරකින්නට ආයුධ ගන්නා පුංචි උන් ..යුක්‍රේනයේ ළමා සොල්දාදුවෝ..”

    Facebook | Archived 

    වේගයෙන් ව්‍යාප්ත වන සටහනක් නිසා මේ පිළිබදවසොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම)

    Google Reverse Image Search සිදු කළ අපට මෙම ඡායාරූපවල සත්‍ය මූලාශ්‍රසොයා ගැනීමට හැකි වුණා.

    මෙම ඡායාරූප ලබාගෙන තිබුණේ 2015 සහ 2017 වසරවලදීයි.ඒ Azov ලෙස හදුන්වන රුසියානු විරෝදී , යුක්රේන ජාතිකවාදී , යුක්රේන ආරක්ෂක  අංශ සමග එක්ව ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායමක් විසින් නැගෙනහිර යුක්රේනයේ දරුවන්ට ලබාදුන් සති කිහිපයක යම් පුහුණුවක් පිළිබද ඡායාරූපයි. මෙය බොහෝ දුරට මිලිටරි ආකාරයේ පුහුණුවක් ලෙස සැලකිය හැකි වුවත් මෙහිදී දරුවන්ව ආරක්ෂක අංශ වලට බදවා ගැනීමක් සිදුව නොමැති බවයි පැහැදිලි වන්නේ  .සැබෑ තුවක්කු වෙනුවට බොහෝ දුරට භාවිතා වී ඇත්තේ ලී වලින් තැනූ තුවක්කු ආකෘතීන් .

    මෙම සිදුවීම පිළිබදව වාර්තා කරන ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරන්නේ නිතර නිතර යුධ ගැටුම් වලට ලක්වෙන, එමෙන්ම රුසියානු හිතවාදී සන්නද්ධ කල්ලි බහුලව ගැවසෙන රටක් ලෙස සැලකිය හැකි යුක්රේනය තුළ මෙම නැගෙනහිර යුක්රේනයේ  ඇතැම් ප්‍රදේශයන්හි මෙම පුහුණුව සිදු කෙරී ඇති බවයි.

    2017 වසරේ දී මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ Associated Press ඡායාරූප ශිල්පියෙක් මගින්.ළමුන් විසින් හමුදා නිල ඇදුම් ඇදි ආකාරයක් දිස්වන්නේ එම ඡායාරූප වලයි.ඒ සම්බන්ධයෙන් වන AP වාර්තාව කියවීමට සහ එහි ඡායාරූප නැරඹීමට හැකියි මෙතනින්. Archived.

    AP Images

    2015 වසරේදීද මෙවැනිම පුහුණුවක් සිදු කෙරී ඇති අතර එහි ඡායාරූප ලබාගෙන ඇත්තේ European Pressphoto Agency නම් ප්‍රකට ඡායාරූප ඒජන්සියක් සමග කටයුතු කරන ඡායාරූප ශිල්පියෙක් විසින්. එම ඡායාරූප Daily Mail වෙබ් අඩවියේ තිබෙන ආකාරයද දැකගන්නටද හැකියාව ලැබුණා .Daily Mail වාර්තාව කියවීමට සහ ඡායාරූප නැරඹීමට හැකියි මෙතනින්.Archived.

    මේ වන විට රුසියාවත් සමග අර්බුද පවතින අවස්ථාවේ එහි පවතින තත්ත්වය කෙබදුද යන්න පිළිබදව අප යුක්රේන Fact Checking කණ්ඩායම් වලින් කරුණු විමසූ අතර ඔවුන් ලබාදෙන තොරතුරු මත පදනම්ව මෙම සටහන යාවත්කාලීන වනු ඇත. 

    එසේම යුක්රේන පාසල් සිසුන්ට ඉදිරියේදී සිදුවිය හැකි යුද්ධයකට සූදානම් කිරීමේ කටයුතු පාසල්වල සිදුවූ අයුරු මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්.

    රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය පිලිබඳ පසුගිය දින කිහිපයේ යාවත්කාලීන කල පුවත් මෙතනින්

    බොහෝ කලක සිට පැවති අර්බුදකාරී තත්ත්වයක ප්‍රතිඵලයක් ලෙස මෑතදී ඇවිලුණු   රුසියානු යුක්රේන යුද්ධය නිසා නැගෙනහිර යුක්රේනයේ ළමුන් ලක්ෂ ගණනක අධ්‍යාපන කටයුතු මේ වන විටත්  බිදවැටී ඇති බවටත් එමෙන්ම මෙම ගැටුම්කාරී තත්වය නිසා යුධමය වාතාවරණය පවතින ප්‍රදේශයේ ළමුන් මිලියන 7.5 ක පමණ පිරිසකට බලපෑම් ඇති කරනු ඇති බවට යුනිසෙෆ් සංවිධානය විසින් අනතුරු හගවා තිබෙනවා .ඔවුන් තවදුරටත් පවසන්නේ පසුගිය වසර කිහිපය තුළම ප්‍රදේශයේ පැවති අස්ථාවර තත්ත්වය නිසා නැගෙනහිර යුක්රේන  ළමුන් බොහෝ පිරිසක් දැඩි අසරණ බවට පත්ව සිටි බවයි.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්. 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ දැන් පවතින රුසියානු යුක්රේන  යුද්ධයට සම්බන්ධවීම සදහා ආයුධ අතට ගත් ළමා සොල්දාදුවන් ලෙස හැගී යන ආකාරයට සමාජ ජාලා තුළ හුවමාරු වන ඡායාරූප නොමග යවන සුලු ඒවා වන බවයි. ඒවා සැබැවින්ම ලබාගෙන ඇත්තේ 2015 සහ 2017 වසරවල්දී Azov නම් යුක්රේන ආරක්ෂක අංශ වලට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් විසින් දරුවන් උදෙසා පවත්වන ලද සති කිහිපයක පුහුණුවකදීයි.කෙසේ වෙතත් එහිදී දරුවන්ව සන්නද්ධ කණ්ඩායමට බදවා ගැනීමක් සිදුව නොමැති බව ජාත්‍යන්තර මාධ්‍ය වල කරුණු විමසා බැලීමේදී පෙනී යනවා .

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.