Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?

    2022-11-25
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය යුතු බවත් යන මතවාදීමය අරගලයක් ගුරුවරියන් පිරිසක් විසින් ක්‍රියාත්මක කරමින්, ඒ ආකාරයට වෙනත් ඇඳුමින් සැරසී පාසලට පැමිණ ඒ පිලිබඳ ඡායාරුප සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීමයි.

    පසුගිය සඳුදා (නොවැම්බර් 21) ක්‍රියාත්මක වූ මෙම මතවාදී අරගලයේ ප්‍රමුඛතාවක් ගත් ෂැල්වින් නමැති ගුරුවරියක් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දියණිය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වී තිබුණා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමයි.

    සමාජ ජාලා සටහන් 

    “ටිල්වින් ගේ දුව ෂැල්වින්” යන තේමාවෙන් තිලිණි යනු ටිල්වින් සිල්වාගේ දියණිය ලෙස හැගී යන පරිදි සමාජ ජාලා සටහන් පළකර තිබුණේ පහත අයුරින්.

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    බොහෝ දෙනෙක් මෙම සටහන් උපහාසාත්මක කෝණයෙන් පළකර තිබු බව හඳුනාගෙන තිබුණ ද මෙහි දැක්වෙන කාන්තාව සැබවින්ම කවුරුන් ද යන්න පිළිබඳව බොහෝ දෙනා විමසිලිමත් වී තිබුණා.

    වට්ස් ඇප් හරහාද මේ සම්බන්ධයෙන් වන සටහන් පැතිර තිබුණේ මෙලෙසින්.

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.

    කරුණු විමර්ෂණය

    අප මුලින්ම මෙම සටහන් මඟින් දැක්වෙන තිලිණි ෂැල්වින් නමින් දැක්වෙන කාන්තාවක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ දියණියක් හෝ යම් පවුල් සම්බන්ධත්වයක් ඔහු සමග ඇතිද යන්න සොයා බැලුවා. එහිදී අපට එවැනි සඳහනක් දක්නට ලැබුනේ නැහැ. 

    අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ පිලිබදව විමසා බැලු අතර ඔවුන් පැවසුවේ ද මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ලෙස නිර්මාණය කරන ලද ව්‍යාජ සටහන් බවයි.

    තිලිණි ෂැල්වින් යනු කවුද ? 

    මුහුණු පොත හරහා කවි පන්ති පළකිරීමට ඇලුම්කරන තිලිණි මහනුවර මහාමායා විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලැබූ තිලිණි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියකින් සමත් වී පසුව ගුරු වෘත්තියට ඇතුළුවෙනවා. දුෂ්කර පාසලක වන උඩුදුම්බර, කහටලියද්ද චූලාභය ද්විතීයය පාසලේ ඉගැන්වීමේ කටයුතු කරන අතරේ ඇයගෙ ජිවිතයේ ඉතා වැදගත්ම සිදුවීමක් සිදුවන්නේ. මෙම පාසලේ දරුවන්ගේ ජල  අවශ්‍යතාවය සපුරාලීම සදහා අවශ්‍ය ජලනල  පද්ධතියක් පාසල තුළ ස්ථාපිත කිරීම සහ එහි දරුවන්ට අවශ්‍ය අනෙකුත් බොහෝ උදවු උපකාර කිරීම නිසා 2016 වසරේදී තිලිණි ෂැල්වින් දෙරණ ටී. වී. ශ්‍රී ලන්කන් ඔෆ් ද ඉයර් 2016 සම්මානය ද හිමිවෙනවා. මෙම ව්‍යපෘති සිදුකිරීම සදහාද ඇය බහුලව සමාජ මාධ්‍ය යොදාගෙන තිබුණා. ඒ පිලිබදව වැඩිදුර විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

    සාරිය වෙනුවට පහසු ඇදුමකට මාරුවිය යුත්තේ ඇයි ? ඒ සම්බන්ධයෙන් තිලිණි ගේ අදහස් දැක්වීමක් පහතින්.

    මෙහි දී ඇය පෙන්වා දෙන්නේ ලංකාවේ දැනට පවතින ආර්ථික අර්බුදය ඇතුළු කාරණා හේතුවෙන් විශේෂයන්ම මෙම සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමේ අවස්ථාව ගුරුවරියන්ට ලබාදිය යුතු බවයි. එසේම තමා ඇතුළු ගුරුවරියන්ගේ ක්‍රියාවට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන විරෝධය පිළිබඳව තිලිණිගේ අදහස් මෙතනින්

    ලංකා ගුරු සංගමයේ සහය ද මෙම ක්‍රියාවට ලැබී තිබු අතර එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඒ පිලිබඳ අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ තිලිණි ෂැල්වින් යනු ටිල්වින් සිල්වාගේ දියණිය බවට පළවන සමාජ ජාලා සටහන්, උපහාසාත්මක කෝණයෙන් පළවූ අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක් පමණක් බවයි. ඔවුන් දෙදෙනා අතර එවන් නෑ සබඳතාවක් නොමැත.

    Also Read: FACT CHECK: උසස් පෙළ කලා අංශයේ ප්‍රථමයන් ටිල්වින්ගේ දරුවන් ද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-11-25

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.