Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ‘ත්‍රීපෝෂ පවුල’ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් ලැබූ පවුල විසින් විදෙස්ගත ජනතාවගෙන් මුදල් උපකාර ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා ද ?

    2024-05-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු, සමූහ ජනප්‍රියත්වයට පත් කර ගැනීමේ අරමුණින්, කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් අසත්‍ය තොරතුරු ජනතාව නොමග යන සුළු අන්දමින් සටහන් නිර්මාණය කරනු ලබනවා. එලෙසින් නො

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු, සමූහ ජනප්‍රියත්වයට පත් කර ගැනීමේ අරමුණින්, කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් අසත්‍ය තොරතුරු ජනතාව නොමග යන සුළු අන්දමින් සටහන් නිර්මාණය කරනු ලබනවා. එලෙසින් නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාව සොයමින් අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මේක හැමෝටම උදව් අවශ්‍ය කාලයක්. ඒක නිසා අපි අපේ පිටරට ඉන්න යාළුවන් පිරිසකුත් සම්බන්ද කරගෙන හැදුවා ඔයාලට උදව් කරන්න Group එකක්. හැමෝම join වෙන්න. මුදලින් උදව් ලබා ගන්න.” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ විදේශගතව සිටින පුද්ගලයන්ගේ උපකාර ලබා ගත හැකි බවට උපකල්පනය කරමින් බොහෝ මෙම සටහන් සඳහා ප්‍රතිචාර දක්වා ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    සමාජ මාධ්‍ය හරහා ‘ත්‍රීපෝෂ පවුල’ ලෙස ප්‍රසිද්ධියට යුවළ සහ දරුවාගේ ඡායාරූපයක් භාවිත කරමින් ඔවුන් විසින් පළ කළ සටහනක් ලෙසට ඉහත සටහන දක්වා තිබුණා.

    විදේශගත ව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් උපකාර ලබා ගත හැකි ෆේස්බුක් සමූහයක සබැඳියක් එහි දක්වා තිබූ බැවින් එවැනි උපකාර අවස්ථා එම සමූහය මගින් සිදු කරනවාද යන්න පිළිබඳ අප ‘ලංකාවේ ඔබට උදව් කරන පිටරට අපි’ යන සමූහයට එකතු වී ඒ හරහා පරීක්ෂා කළා.

    නමුත් එම සමූහය තුළ විදේශ ගත ව සිටින ලාංකිකයන් උපකාර කරන අවස්ථා හෝ ඒ සම්බන්ධ සටහන් පළ වී ඇති බවට දැක ගන්නට නොහැකි වන අතර එය හුදෙක් ‘විශ්ව ආකාර්ශන නීතිය’ ඇතුළු මාතෘකා යටතේ සටහන් පළවන සමූහයක් බවට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන සැබවින්ම ‘3පෝශ family’ ෆේස්බුක් නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති ද, යන්න පිළිබඳ පරීක්ෂා කළත්, එවැනි සටහනක් එහි පළ වී ඇති බව ට දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් ත්‍රීපෝෂ පවුලේ තරුණයා වන සුදේශ් ප්‍රියාන් තිලකරත්න දුරකතන මාර්ගයෙන් අප සම්බන්ධ කර ගත්තා. ඔහු සඳහන් කළේ, සිය පවුලේ ඡායාරූපය අවභාවිත කරමින් තමන් විසින් එවැනි සටහනක් පළ කළ බවට අසත්‍ය සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන බවයි. එය අසත්‍ය තොරතුරක් බවත්, එම සටහන යටින් දක්වා ඇති හර්ෂ මලින්ද යනු කවරෙක් ද හෝ යන්න ද තමා නොදන්නා බවත්, ඔවුන්ගේ නිල සටහන් පළ කරන්නේ ‘3පෝශ family’ ෆේස්බුක් පිටුවෙන් බවත්, විදේශයේ ජීවත් වන අහිංසක මිනිසුන්ගේ මුදල් තමන්ට අවශ්‍ය නොවන බවත්, ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීමට, උපකාර ලබා ගැනීමේ කිසිදු වැඩසටහනක් තමන් ක්‍රියාත්මක නොකරන බවත් සඳහන් කළා. 

    ඔහු මේ සම්බන්ධයෙන් එම නිල ෆේස්බුක් පිටුව හරහා පළ කර තිබූ සටහන පහතින්.

    Facebook | Archived Link

    වෘත්තීය වශයෙන් රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරමින් ටැටූ ආටිස්ට් කෙනෙක් ලෙසද කටයුතු කරන, පාසල් ළමුන්ට නොමිලයේ කොණ්ඩ කපාදීමේ කටයුතු යනාදී සමාජ මෙහෙවර ඔස්සේ ද ජනප්‍රිය වූ මෙම සුදේශ් තරුණයා සම්බන්ධයෙන් සහ මෙම ත්‍රිපෝෂ පවුල ගැන මෑතක දී පළවූ ලිපියක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-05-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.