Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කැනේඩියානු දුම්රියක් වසර 10කට පෙර යුධ උපකරණ ප්‍රවාහනය කල දර්ශන පෙළක් රුසියානු-යුක්‍රේන ගැටුමට සම්බන්ධ කල අවස්ථාවක්!

    2022-03-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    යුක්‍රේනය වෙත රුසියානු පහරදීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, විශේෂයෙන්ම යුරෝපීය ඇතුළු බටහිර  රටවලින් යුක්‍රේනය වෙත යුධ උපකරණ ලබාදීම පිලිබඳ පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එවැනි පසුබිමක කැනඩාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුධ උපකරණ තොගයක්

    යුක්‍රේනය වෙත රුසියානු පහරදීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, විශේෂයෙන්ම යුරෝපීය ඇතුළු බටහිර  රටවලින් යුක්‍රේනය වෙත යුධ උපකරණ ලබාදීම පිලිබඳ පසුගිය දින කිහිපයේම වාර්තා වුණා.

    එවැනි පසුබිමක කැනඩාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුධ උපකරණ තොගයක් ලෙසින් ද රැසියන් යුධ ටැංකි ඇතුළු බරවාහන ලෙසින් ද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මෙය වසර 10ක් පමණ පැරණි වත්මන් යුධ තත්වයට සම්බන්ධ නොවන දර්ශන පෙළක් බව අපට සොයාගැනීමට හැකිවුණා.

    සමාජ මාධ්‍ය සටහන්:

    “කැනඩාවේන් යුක්ක්‍රේනයට……”  යන තේමාවෙන් හුවමාරු වූ මේ වන විටවිසි නව දහසකටත් වැඩි වාර සංඛ්‍යාවක් නරඹා තිබු වීඩියෝවකින් දැක්වුණේ භාණ්ඩ ප්‍රවාහන කරන දීර්ඝ දුම්රියක යුධ ටැංකි, බර වාහන ඇතුළු යුද උපකරණ රැසක් ප්‍රාවාහනය කෙරෙන අයුරුයි. විනාඩි දෙකකට වැඩි එම වීඩියෝව පහතින්

    Facebook | Archived Link

    එම දර්ශන පෙළම වෙනත් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් හුවමාරු කරගෙන තිබු අවස්ථා කිහිපයක් පහතින්.

    එසේම “රැසියන් බෙලරැස් දේසසීමාවට ඇදෙන රැසියන් යුධ ටැංකි ඇතුළු බරවාහන …” යන තේමාවෙන් මෙම වීඩියෝව හුවමාරු වී තිබු අවස්තාවක් මෙතනින් සහ මෙතනින්.

    මෙය ඇත්ත වශයෙන්ම වර්තමාන රුසියානු-යුක්‍රේන යුධ කටයුතුවලට සම්බන්ධ දර්ශන පෙළක් ද යන කරුණ පිලිබඳ අපගේ විමර්ශනය පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම වීඩියෝවේ රූපරාමු කිහිපයක් Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීම මඟින් අපට මෙහි මුල් වීඩියෝව ලෙස සැලකිය හැකි 2012 අගෝස්තු මස පළකර තිබු  පහත වීඩියෝව සොයා ගැනීමට හැකි වුනා.

    එහි සඳහන් කර තිබු පරිදි එම දර්ශන මඟින් දැක්වෙන්නේ CN 2235 සහ 8803 යන කැනේඩියානු හමුදා දුම්රියක් , හමුදා උපකරණ විශාල තොගයක් බටහිර දෙසට ගමන් කරන දුර්ලභ දසුනක් බවයි. එම වීඩියෝව කැනඩාවේ Lovekin නම් ප්‍රදේශයේ දී ලබාගත් බවත් එහි තවදුරටත් දක්වා තිබුනා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ පෙනෙන දුම්රියේ ද CN යන අකුරු පැහැදිලිවම දැක ගන්නට ලැබෙන අතර එමඟින් දක්වන්නේ කැනේඩියානු ජාතික දුම්රිය සමාගමයි. (Canadian National Railway Company)

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ පිහිටීම ඔස්සේ ද ඉංග්‍රීසි බසින් සිදුකර තිබු කරුණු විමර්ශනයක් මෙතනින්.

    මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ මෑතක දී ලබාගත් වීඩියෝව දර්ශන පෙළක් නොවන බවත් යුක්‍රේන-රුසියානු ගැටුමට අදාළ වීඩියෝවක් නොවන බවත් තහවුරුවෙනවා.

    රුසියානු ආක්‍රමණය හමුවේ කැනඩාවේ ස්ථාවරය:

    යුක්‍රේනියානු සම්භවයක් ඇති විශාල පිරිසක් ජීවත්වන රටක් වන කැනඩාව, දැනට පවතින යුධමය තත්වය හේතුවෙන් යුක්රේනයෙන් පළා එන සරණාගතයින් පිළිගැනීමට කටයුතු කරන බව වාර්තා වී තිබුණා. 

    එසේම රුසියාවට එරෙහිව සම්භාදක පැනවීමට ද කටයුතු කරන අතර යුක්‍රේනයට යුධමය උපකරණ ලබාදීම වැඩිකිරීමට ද කටයුතු කරන බව කැනේඩියානු ආරක්ෂක අමාත්‍යවරිය පවසා සිටියේ මෙලෙසින්. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝ දර්ශන වර්තමාන යුක්‍රේන-රුසියානු යුධමය තත්වයට කිසි ලෙසකත් සම්බන්ධ නොවන බවයි. එහි දැක්වෙන්නේ මීට වසර 10කට පෙර එනම් 2012 වසරේ දී CN 2235 සහ 8803 යන කැනේඩියානු දුම්රිය මඟින් යුධ උපකරණ විශාල තොගයක් Lovekin නම් ප්‍රදේශය හරහා කැනඩාවේ බටහිර දෙසට ගමන් කරන අවස්ථාවේ ලබාගත් දුර්ලභ දසුනකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.