Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check : ලංකාවේ පොඩිම ඉඩක හැදුණු වැඩිම ඉඩක් තියෙන නිවස ද?

    2021-03-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    විශ්මයජනක ගෘහ නිර්මාණ පිළිබඳව පළ වන වාර්තා නොයෙකුත් අවස්ථාවලදී අපට දැකගන්නට ලැබෙනවා ඇතැම් අවස්ථාවල මෙවන් නිර්මාණ ලංකාවේ නිර්මාණ බවට පළ වන ව්‍යාජ පුවත් ද දැකගන්නට ලැබෙනවා.   මේ ආකාරයෙන්ම ඉතා පටු ඉඩක දික් අතට නිර්මාණය කරන ලද නිවසක්, ලංකාවේ නිර්මාණය කරන ලද න

    විශ්මයජනක ගෘහ නිර්මාණ පිළිබඳව පළ වන වාර්තා නොයෙකුත් අවස්ථාවලදී අපට දැකගන්නට ලැබෙනවා ඇතැම් අවස්ථාවල මෙවන් නිර්මාණ ලංකාවේ නිර්මාණ බවට පළ වන ව්‍යාජ පුවත් ද දැකගන්නට ලැබෙනවා.  

    මේ ආකාරයෙන්ම ඉතා පටු ඉඩක දික් අතට නිර්මාණය කරන ලද නිවසක්, ලංකාවේ නිර්මාණය කරන ලද නිවසක් බවට පළවූ සටහන් විමර්ශනය කිරීමේ දී අපට දැකගන්නට ලැබුණේ එය ඇත්ත වශයෙන්ම වියට්නාමයේ නිපදවා තිබූ නිවසක් බවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    “දැනට වාර්තා වී ඇති ලංකාවේ පොඩිම ඉඩක හැදුණු වැඩිම ඉඩක් තියෙන ගේ” යනුවෙන් හුවමාරු වී තිබු සටහනක ඉතා පටු ප්‍රදේශයක් දිගු අතට නිර්මාණය වූ ටියුබ් හැඩයේ නිවසක ඡායරුප පෙළක් ද පළකර තිබුණා

    Facebook | Archived

    බොහෝ දෙනෙක් විසින් මෙය ලංකාවේ නිවසක් නොවන බව හඳුනා ගෙන තිබෙන බවක් ද අපට දැක ගන්නට ලැබුනා. ඡායරුපයේ දැක්වෙන බයිසිකලයේ අංක තහඩුව ද ලංකාවේ බයිසිකලයක් නොවන වන මේ සඳහා ප්‍රතිචාර දැක්වු අය පෙන්වා දී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    එම සටහනේ පෙන්වා දී තිබූ ඡායාරූප google reverse image සෙවුමකට ලක් කිරීම මගින් අපට ඒවා ඇත්ත වශයෙන්ම ලංකාවේ ඡායාරූප නොවන බවත් වියට්නාමයේ නිපදවා තිබූ පෙට්ටියක හැඩති නිවසක් බවත් දැක ගන්නට ලැබුණා

    Elite Readers | Archived

    මෙම විශ්මයජනක නිර්මාණය සම්බන්ධයෙන් වියට්නාමයේ වෙබ් අඩවියක පළවූ වාර්තාවක් මෙතනින්. පළලින් ඉතා පටු නිවසක් බව පෙනුනද මෙහි අභ්‍යන්තරයේ සැලකිය යුතු ඉඩක් තිබෙන බවත් එහි උඩුමහලක් පවා තනා තිබෙන බවත් දැකගන්නට ලැබෙනවා. මෙම නිර්මාණය සඳහා ඉතාලියේ ඇලවුණු කුළුණ මුල් වන්නට ඇතැයි කිහිපදෙනෙක්ම විශ්වාස කර තිබුණා

    වියට්නාමයේ ටියුබ් හැඩති නිවෙස් පිලිබඳ වැරදි අර්ථකථනයන් සහිතව මීට පෙරද ලංකාවේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ වාර්තාවක් පහතින්.

    Fact Check: පර්චස් 1ක හදපු ගෙදරක් යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ලංකාවේ දැනට වාර්තා වී ඇති පොඩිම ඉඩක තැනු නිවස යනුවෙන් ඡායාරූප පෙළක් ද සහිතව හුවමාරු වන්නේ ඇත්ත වශයෙන්ම වියට්නාමයේ ඉතා කුඩා ඉඩක නිපදවා තිබූ පෙට්ටියක හැඩති නිවසක් බවයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:Fact Check : ලංකාවේ පොඩිම ඉඩක හැදුණු වැඩිම ඉඩක් තියෙන නිවස ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.