Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අබලන් වූ වැල් පාලමේ ඡායරුපයේ ඇත්ත කතාව!

    2021-10-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලොව දැක ගන්නට ලැබෙන විවිධාකාරයේ දුෂ්කර මාර්ග පිළිබඳ අපට නොයෙකුත් අවස්ථාවල දී පුවත් දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයේ වැල් පාලමක එල්ලී ඉතා භයානක ගමනක යෙදෙන සිසුන් පිරිසකයේ ඡායාරූපයක් නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී ත

    ලොව දැක ගන්නට ලැබෙන විවිධාකාරයේ දුෂ්කර මාර්ග පිළිබඳ අපට නොයෙකුත් අවස්ථාවල දී පුවත් දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයේ වැල් පාලමක එල්ලී ඉතා භයානක ගමනක යෙදෙන සිසුන් පිරිසකයේ ඡායාරූපයක් නොමඟ යවන සුළු අර්ථකතනයක් සමඟ පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අපගේ කරුණු විමසුම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “ඇවිදින මංතීරුවක්. චුට්ටක් මිස්වුණොත් ඉතින්.? ” යන තේමාවෙන් හුවමාරු කරගෙන තිබු ඡායාරූපයක් පන්දහසකටත් වැඩි පිරිසක් හුවමාරු කරගෙන තිබුණේ පහත අයුරින්

    Facebook | Archived    Facebook | Archived

    මෙම සටහන් වල සෘජුවම මෙය ලංකාවේ ස්ථානයක් බව දක්වා නොතිබුණ ද මේ සඳහා ලැබුණු ප්‍රතිචාර අතර මෙය ලංකාවේ ස්ථානයක් නොවන බව දක්වා තිබුණේ ඇතැමුන්ට මෙය මෙරට ස්ථානයක් බවට එහි අර්ථ නිරූපණය ඔස්සේ හැඟී ගොස් තිබූ බැවිනි. එවැනි ප්‍රතිචාර කිහිපයක් පහතින්

    ඡායාරූපය දෙස බැලීමේ දී ද එය මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් බවත් ලංකාවේ සිදුවීමක් නොවන බවත් අනුමාන කිරීමට පුළුවන්. කෙසේවෙතත් මෙම ඡායාරූපය ලබාගත් අවස්ථාව සහ එහි දක්වන්නේ මෑතක සිදුවීමක් ද ඇතුළු වැඩිදුර තොරතුරු පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    බොහෝ දෙනෙක් ප්‍රතිචාර ලබා දී තිබූ පරිදි ම මෙහි දක්වා තිබු මුල් ඡායාරූපය ලබාගෙන තිබුණේ ඉන්දුනීසියාවේ දී බව අපට Google Reverse Image සෙවුම් ඔස්සේ දැක ගන්නට ලැබුණා. එම ඡායාරූපය පහතින්.

    AP Images | Archived

    AP ජාත්‍යන්තර ඡායරූප එකතුවේ මෙම ඡායාරූපය 2012 ජනවාරි 19 වනදා පළකර තිබුණි. එහි විස්තරයේ දක්වා තිබුණේ ඉන්දුනීසියාවේ බන්ටන් පළාතේ ලෙබක් හි පිහිටි සයිබරං ගඟෙන් (Ciberang river in Lebak, Banten province, Indonesia) එගොඩ පිහිටි තම පාසලට යාමට බලවත් ලෙස හානියට පත් එල්ලෙන පාලමක් හරහා සිසුන් ගමන් කරන අවස්ථාවක් ලෙසයි. ගංවතුරට හසුවීමෙන් පසු පාලම මෙලෙස දැඩි හානියට පත්වූ තිබු බවත් එහි දැක්වුණා.

    මෙම ඡායාරූපය යොදාගනිමින් බොහෝ පුවත් සේවයන් විසින් එම අවධියේ දී මෙම අනුවේදනීය පුවත වාර්තා කර තිබුණා.

    කෙසේනමුත් මෙසේ ජාත්‍යන්තර අවධානය හිමිවී තිබූ මෙම භයානක ලෙස අබලන් තත්ත්වයේ පැවති පාලම ප්‍රතිසංස්කරණය කිරීමක් සිදුවුණි ද යන්න අප විමසා බැලුවා. ඒ අනුව 2012 වසරේ ම අගභාගයේ දී එහි ඉදිකිරීම් අවසන් වී නව පාලමක් විවෘත කිරීමේ පුවත් අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    නව පාලමේ ඡායාරූපයක් පහතින්.

    Alamy 1 Alamy 2

    2012 නොවැම්බර් 29 වන ඉන්දුනීසියාවේ විශාලතම වානේ නිෂ්පාදකයා වන PT Krakatau Steel (KRAS) සමාගම සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන එකතුවී, 2012 ජනවාරියේ ගංවතුරෙන් හානි වූ පාලම වෙනුවට නව පාලමක්, ඉන්දුනීසියාවේ බන්ටන් ගම්මානයේ ලෙබක් ප්‍රාන්තයේ Sanghiang Tanjung ගම්මානයේ දී විවෘත කළ බව එහි දැක්වෙනවා.

    මේ අනුව 2012 ජනවාරි මස හානියට පත්වූ පාලම තවදුරටත් භාවිතා වන්නේ නැති බවත් 2012 වසරේ ම අග භාගයේ දී මේ සඳහා නව පාලමක් ඉදිවී තිබූ බවත් තහවුරු වෙනවා.

    කෙසේනමුත් සිසුන් පිරිසක් භයානක අත්දැකීමකට මුහුණදෙමින් ඉතා අබලන් තත්ත්වයේ තිබූ වැල් පාලමෙන් එල්ලී ගමන් කරන ඡායරූප කලින් කලට විවිධ වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් මෙසේ නොමඟ යවන සුළු අර්ථකතනයක් ඔස්සේ ලංකාවේ ද යොදාගත් බව අනුමාන කළ හැක.

    අපගේ කරුණු විමර්ශණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ මෑතක දී ලබාගත් ඡායාරූපයක් ලෙසත් ඇතැම් පිරිස් විසින් ලංකාවේ ඡායාරූපයක් ලෙසත් නොමඟ ගොස් තිබු සටහන සඳහා යොදාගෙන ඉන්දුනීසියාවේ ඡායාරූපයක් බවයි. 2012 ජනවාරි මස ගංවතුර තත්වයක් හේතුවෙන් මෙසේ භයානක ලෙස අබලන් වූ වැල් පාලමේ ඡායාරූප ලොව පුරා හුවමාරු වූ අතර, ඉන්දුනීසියාවේ විශාලතම වානේ නිෂ්පාදක සමාගමක් සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් එකතු වී ඒ වෙනුවට නව පාලමක් 2012 වසරේ අග භාගයේ දී ම සම්පුර්ණ කොට විවෘත කරන ලදී.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-10-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.