Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    IMF නිලධාරීන් පිළිගැනීමට ගුවන්තොටුපොළ සේවක මණ්ඩලය නර්ථනයක යෙදුණු බව පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව!

    2023-01-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු අර්ථකතනයෙන් සංසරණය වන සත්‍ය වීඩියෝ හේතුවෙන් ඇතැම් ආයතන මෙන්ම, ඇතැම් අවස්ථාවන් වලද රටක් වශයෙන්ද, ලෝකයා ඉදිරියේ අපකිර්තියට පත් වන අවස්ථා දැක ගන්නට පුළු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු අර්ථකතනයෙන් සංසරණය වන සත්‍ය වීඩියෝ හේතුවෙන් ඇතැම් ආයතන මෙන්ම, ඇතැම් අවස්ථාවන් වලද රටක් වශයෙන්ද, ලෝකයා ඉදිරියේ අපකිර්තියට පත් වන අවස්ථා දැක ගන්නට පුළුවන්. 

    විනෝදාස්වාදය (Entertainment) සඳහා පළකරනු ලබන ඇතැම් සටහන් සමාජයේ විහළුවට ලක්වන අවස්ථා වන්නේ සමාජයේ නොදැනුවත් භාවය හේතුවෙනි. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “IMF එකෙන් ලංකාවට එද්දි එයාර්පෝර්ට් එකේ කට්ටිය” යනුවෙන් සඳහන් කරමින් උපහාසාත්මක කෝණයකින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    එම වීඩියෝවේ විදේශ රටක ප්‍රභූවරයෙකු මෙරට පැමිණීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවක මණ්ඩලය විසින් ඔහුව පිළිගැනීමට නර්ථනයක් (Flash Mob Dance) ඉදිරිපත් කරන අයුරු දැක්වේ. එලෙස පැමිණෙන ප්‍රභූවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරියෙකු බවට මෙම සටහන් මඟින් හඟවා තිබුණා.

    Facebook 

    ෆේස්බුක් පරිශීලකයින් අතර මෙම වීඩියෝව බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

    එමෙන්ම Instagram ඔස්සේ මෙම වීඩියෝ හුවමාරු වී තිබූ අයුරු පහතින්.

    View this post on Instagram

    A post shared by ZIRA DAILY (@zira_daily)

    Archived Link

    සත්‍ය වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිරිසක් වෙනුවෙන්, කිසියම් හෝ අවස්තාවක දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවක මණ්ඩලය නර්තනයක යෙදුණා ද, නැතහොත් මෙම වීඩියෝවේ පසුබිම කවරේ ද යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් මෙරට පැමිණි අවස්ථාවල මෙවන් සිදුවීමක් වූවා ද, යන්න පිළිබඳ නිරීක්ෂණය කළා. 

    IMF නිලධාරීන් මෑත වසරවල දී ලංකාවට පැමිණි අවස්ථා

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ හය වැනි සමාලෝචනය පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 සැප්තැම්බර් 10 – 25 කාලය තුළ දී කොළඹට පැමිණි අවස්ථාව, මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2020 ජනවාරි 29 – පෙබරවාරි 07 කාලය තුළදී කොළඹට පැමිණ තිබූ අවස්ථාව, 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අවස්ථාව, එමෙන්ම 2022 ජූනි මස දී ශ්‍රී ලංකාවට වරින් වර පැමිණ තිබුණා. නමුත් මේ කිසිදු අවස්ථාවක ඔවුන් පිළිගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවක මණ්ඩලය විසින් මෙවන් නර්ථනයක් (Flash Mob Dance) ඉදිරිපත් කළ බවට කිසිදු වීඩියෝවක් ප්‍රධාන මාධ්‍ය මෙන්ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද, අපට දැක ගන්නට නොලැබුණි.

    මීට වසර හතරකට පෙර පළවූ වීඩියෝවක්

    මේ හේතුවෙන් ඉහත වීඩියෝව පිළිබඳ කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, එම අවස්ථාව පිලිබඳ පැහැදිලි විස්තරයක් 2019 පෙබරවාරි 19 වන දා Sunday Times පුවත් පතේ නිල ෆේස්බුක් පිටුවේ මෙම වීඩියෝව පළ කර තිබූ බවයි. 

    මෙම අවස්ථාව වන්නේ, තායි ලයන් එයාර් (Thai Lion Air) ගුවන් සේවයේ සමාරම්භක ගුවන් යානය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී “ෆ්ලෑෂ් මොබ්” නර්ථනයක් ඉදිරිපත් කර ඇති බවයි. තායි ලයන් එයාර් ශ්‍රී ලංකාව සහ බැංකොක් අතර සෘජු ගුවන් ගමන් එදින සිට ආරම්භ කර තිබුණා. 

    එම ෆේස්බුක් සටහන මෙතනින්.

    Archived Link

    මාධ්‍යවේදී අසාම් අමීන් විසින් ද, මේ පිළිබඳව සිය Twitter ගිණුමේ මේ වීඩියෝව සම්බන්ධයෙන් පළ කර තිබුණේ මේ අයුරින්.

    ඒ අනුව පෙනී යන්නේ, මෙම දර්ශනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පිළිගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවක මණ්ඩලය විසින් කරන ලද නර්ථනයක් නොවන බවයි.

    වෙනත් රටවල ගුවන්තොටුපොළ සේවක මණ්ඩලය විසින් ගුවන්තොටුපළයන්හි නොයෙකුත් අවස්ථාවන් වලදී Flash Mob Dance සිදු කළ අවස්ථාවන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Also Read: ශ්‍රී ලංකන් ගුවන් යානයකදී නිරුපිකාවන් යොදාගනිමින් සිදුකල ප්‍රවර්ධන වැඩසටහනක් ද ?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිලධාරීන් පිළිගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවක මණ්ඩලය විසින් කරන ලද නර්ථනයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ තිබූ වීඩියෝව, ඔවුන් පිළිගැනීමේ අවස්ථාවක් නොව, තායි ලයන් එයාර් (Thai Lion Air) ගුවන් සේවයේ සමාරම්භක ගුවන් යානය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් තොටුපළ සහ ගුවන් සේවා කාර්ය මණ්ඩලය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී “ෆ්ලෑෂ් මොබ්” නර්ථනයක් ඉදිරිපත් කළ අවස්ථාවක් බවයි.

    මීට පෙර වෙනත් රටවල ද, නොයෙකුත් අවස්ථාවන වලදී ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩලය විසින් Flash Mob Dance සිදු කළ අවස්ථාවන් දැක ගන්නට ලැබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.